රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    1990 - 1991 වගේ කාලේ කාලේ ජාතික රූපවාහිනියේ පෙන්වපු රසාර ළමා වැඩසටහන මතක කාටද? ටයිටස් තොටවත්ත මහතා නිෂ්පාදනය කරපු මේ වැඩසටහන ඒ කාලේ ළමයින් අතර ගොඩක් ජනප්‍රිය උනා. සති අන්තයේ දවසක හවස තමයි පෙන්නුවේ. මේක මපට් ෂෝ එකක් විදියට තිබුනේ. කතාවේ චරිත තමයි එලුසන්, පඬිතුමා සහ ඉස්කොලේ හාමිනේ. මේ වැඩසටහන ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් තමයි වැඩසටහන අතරතුර විනාඩි 20-25 පමණ කාලයක් රොබින්හුඩ් පෙන්වපු එක. මේ ප්‍රොග්‍රෑම් එකේ කොටස් එකක් දෙකක් හරි ආයෙත් බලන්න තියෙනවනම් ආසයි. කාගාවහරි බලන්න ලින්ක් එකක් තියෙනවනම් එවන්න.

    download.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    program eke nama hasarali rasara... oka giye irida ayubowan eka madde nemeida?

    ආ ඔව් වෙනස් කාලවලදී හසරැලි රසාර, සිප්යුරු රසාර කියන නම් දෙක පාවිච්චි කලා තමයි. මට මතක ප්‍රෝග්‍රෑම් එක සති අන්තයේ හවසක පෙන්නුව වගේ.
     
    • Love
    Reactions: Kalegana

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....

    ඔව් මතකයි ජීවිතේ පළවෙනි වතාවට ලැප්ටොප් එකක් දැක්කේ ඒ වැඩසටහන ඉදිරිපත් කරන කෙනා ළඟ තියෙන එක තමයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පට්ට බං ඒ කාලේ. මතක් වෙද්දී ඇඩෙනවා. උඹලට මතකද තාරවියගේ කතා කියලා එකක්. තාරා අම්මා තාරා පැටව්ට කතා කියලා දෙන මපට් ෂෝ එකක්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පට්ට බං ඒ කාලේ. මතක් වෙද්දී ඇඩෙනවා. උඹලට මතකද තාරවියගේ කතා කියලා එකක්. තාරා අම්මා තාරා පැටව්ට කතා කියලා දෙන මපට් ෂෝ එකක්.
    මේක මතක නැහැ. මොන චැනල් එකේද ගියේ? මොන අවුරුද්දේද?
     
    • Like
    Reactions: Kalegana and anuklk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මපට් ශෝ වලින් මට මතක sesame street එකයි සුදු පුංචයි

    දෙකම බලලා තියෙනවා. සුදු පුංචා එකේ ප්‍රධාන චරිතය සුදු පුංචා උනාට හිවල්හාමිගේ චරිතය තමයි ගොඩක් ජනප්‍රිය වුනේ.