රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    සිඩි මල්ලි
    අලුත් වත්තෙ වජිරයයි,ඇමිඩා මල්ලියි,සුරංගයයි බෝගමිබරින් පැන්නෙ හෙනම ගේමක් දීලා...
    පැන්නට මොකද ආතක්,පාතක් නැතිව තුන් දෙනාට දුවන්න උනා පොලිසියෙන් පන්නන්ට පටං ගත්තු නිසා.දැන් තුන්දෙනා දුවනවා.....පොලිසියෙන් පන්නනවා.......
    පොලිසියෙන් පන්නනවා...මුං තුන්දෙනා දුවනවා....
    පසු කරමින් මහ කඳු වැටි,ඕ විටි.....
    පාලු රබර් වතු ,බඩ වැටි...
    පය පැකිලී බිම ඇද වැටි,වැටි.....
    දුවනවා....
    දුවලා,දුවලා මුං තුන් දෙනා පරන අත ඇරලා දාපු හේනකට රිංගුවා...
    හේනෙ තිබුනා පොඩි පැලක්..
    තුන්දෙනා මේ පැලට රිංගනකොට පොලිසිය හේන වට කරල ඉවරයි...
    ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ....දැං මොකද කරන්නෙ....
    වට පිට බලපු සුරංගය දැක්කා පරණ ගෝනි තුනක්....
    ,,මචං අර ගෝනි අස්සට රිංගගමු....
    සුරංගය යෝජනා කරා...,,,,

    හරි මචං එළ....අලුත් වත්තෙ වජිරයා ඉස්තීර කරා...

    දැං තුන්දෙනා ගෝනි අස්සෙ සද්ද නැතිව ඉන්නවා....

    :පොලිසියත් ටික,ටික පැලට කිට්ටු කරා...,

    ..,,කොස්තාපල් බලනව පැලේ මොනවද තියෙන්නෙ කියලා....,,

    කොස්තාපල් පැලට රිංගුවාම තියනවා ගෝනි තුනක්.......

    ගෝනි තුනක් තියනවා සර්.......

    බලනව,බලනව මොනවද කියලා....

    කොස්තාපල් ගැහුව අලුත් වත්තෙ වජිරය ඉන්න ගෝනියට පයිං....

    ගන දෙවි නුවන පහලවුන වජිරයා හයියෙං බව්.....බව්.....කිව්වා...

    සර් පලෙවෙනි ගෝනියෙ බල්ලෙක්,,

    අපෝ ලිහංට එපා....බලනවා අනික...

    කොස්තාපල් ගැහුව දෙවනි ගෝනියට පයිං....

    සුරංගය හිටියෙ....,

    ඤාව්.........ඤාව්.......

    සුරංගයා සද්දයක් දැමිමා....

    සර් ඒකෙ පුසෙක්,කොස්තාපල් කිව්වා..

    අපෝ වැඩක් නෑ.....බලනව අනික් ගෝනිය.....

    කොස්තාපල් ගැහුව තුන්වෙනි ගෝනියට පයිං.....

    ඇමිඩා කලබල උනේ නෑ.....

    හිමීට කිව්වා....සර් මේකෙ කුරක්කං කියලා....

    (මතක විදිහට තුං දෙනා නුවරට ගෙනාවෙ වඩාගන)
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Muditha MadushanHilarious
    මේක ටිකක් පරණ එකක්.දවසක් මහාචාර්ය වරු තුන් දෙනෙක් පාරේදී
    මුණගැහුනලු. මෙයාල ආගිය තොරතුරු කතා කර කර
    ඉන්නකොට ඉස්සරහින් සුරංග කියල පොරක් (ඔව්.. ඔව්.. ඇඩ්මින්ගෙ නමත් සුරන්ග තමයි) එනවලු නොන්ඩි
    ගහ ගහ. තුන්දෙනාම මූ දිහා බලලා තම
    තමාගේ උගත් කම් පෙන්නන්න හිතුවලු.
    "මම කියනවා ඒ ළමයාගේ දණහිසේ ආබාධයක්
    තියෙනවා , මොකද එයා කකුල අද්ද අද්ද එන්නේ "
    එක්කෙනෙක් තමාගේ අදහස ප්රකාශ කරා.
    "හ්ම් ... නෑ. එයාට තියෙන්නේ වළලු
    කරේ ප්රශ්නයක්, එයා අඩිය තියන්නේ බයෙන්
    බයෙන් වගේ " අනිත් පොරත් කිව්වා.
    "නැ හ් , නැ හ් , නෑ . එයාට
    තියන්නේ විලුඹේ ආබාධයක් , බලන්න එයා ඇඟිලි
    වලින් යන්නේ " අනිකාත් කිව්වා .
    දැන් තුන් දෙනාගේ ගෝරිය. එක්කෙනෙක් තව
    එක්කෙනෙක්ට සෙකොන්ඩ් වෙන්න කැමති නැහැ .
    සුරංගයත් දැන් හිමිහිට හිමිහිට මෙයාල ඉන්න කිට්ටුවට
    අවිල්ලලු.
    " හරි , අපි රන්ඩු වෙලා වැඩක් නැහැ , ලමයගෙන්ම
    අහමු. දිනන කෙනාට අනිත් දෙන්න එකතු
    වෙලා රෑ කෑමක් දෙන්න ඕනේ , එකඟද "
    එක්කෙනෙක් ඇහුවා.
    " ඔව් හරි එකඟයි , අද මට නොමිලේ හොඳ කෑම
    වේලක් රස විඳින්න පුළුවන් "
    "ළමයා ළමයා ... මෙහෙ එන්න. කියන්න ඔයාට
    තියෙන්නේ දණහිසේ ආබාධයක්ද ,වළලු
    කරේ ආබාධයක්ද , විලුඹේ ආබාධයක්ද කියලා ? "
    සුරංගගෙන් මහාචාර්යවරයෙක් ඇහුවලු.
    සුරංගය අව්වේ හිමිහිට හිමිහිට ඇවිල්ලා මල පැනළලු
    හිටියේ.
    "බම්බුව . මට ගූ ගොඩක් පෑගුනා ඕයි ":angry:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ආචාරශීලීව මූත්‍රා කරමු!
    araya plane ekedith karanna giye oka wenna ethi :P
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සුරංග : තාත්තේ හෙට ඉස්කෝලෙ පොඩි දෙමාපිය රැස්වීමක් තියෙනවා..

    තාත්තා: පොඩි කිව්වේ?

    සුරංග : තාත්තයි මමයි ප්‍රින්සිපලුයි.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දවසක් කෝච්චියක කෙල්ලෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්දියන් කාරයෙකුයි පකිස්තාන් කාරයෙකුයි යනවලු.. ඔහොම යනකොට බිං ගෙයක් ඇතුලෙන් කෝච්චිය යනවලු. බිංගේ ඇතුලෙන් යද්දි කට්ටියට කිස් එකක් දෙන සද්දයක් ඇහුනලු.. ඒ එක්කම චටාස් ගාල කනේ පාරක් වදින සද්දෙකුත් ඇහුනලු..

    ඔන්න දැන් කෝච්චිය බිංගෙයින් එලියට එනවලු, කට්ටිය දැක්කලු ඉන්දියන් කාරය කන අතගගා ඉන්නවලු...

    මේක දැකපු ආච්චි හිතනවලු, ඉන්දියන් කාරය කෙල්ලට කිස් 1ක් දෙන්න ගිහින් කනේ පාර කාල කියල,

    කෙල්ල හිතනවලු මූ වැරදිල ආච්චි කිස් කරන්න ගිහින් කනේ පාර කාල කියල,

    ඉන්දියන් කාරය හිතනවලු පකිස්තාන් කාරය කෙල්ලට කිස් එකක් දීල කෙල්ලට වැරදිල ඌට ගහල කියල..

    පකිස්තාන් කාරය කල්පනා කරනවලු ආපහු බිංගෙයක් ආවම කිස් කරන සද්දයක් දාල ඉන්දියන් කාරයගෙ අනිත් කනටත් ගහන්න ඕන කියල
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...

    “ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..”
    පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය.
    ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”

    ඇම්ඩන් නැවත නිදන්නට විය.

    ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
    නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.

    තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”

    නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................

    “තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කී
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    18+
    ලීලාවතී හදිසියේම පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතීය...

    "හෙලෝ.., මේ පොලිස් හදිසි ඇමතුම් සේවාවද...?"

    "ඔව්"

    "අර ඔයාලා ඊයෙ tv එකේ පෙන්නපු හිරෙන් පැනපු දරුණු ස්ත්‍රී දූශකයා මේ අපෙ වත්ත පැත්තට රිංගනවා මේ දැං මං අපේ ජනේලෙං බලං හිටියා.."

    එවිට පොලීසිය කියා සිටියේ...

    "හරි හරි.. අපි මේ දැන්මම එනවා.. පුලුවන්නම් ඌව කතාවට අල්ලගෙන නවත්තන්න.."

    ටික වේලාවක් සිටි ලීලාවතී යලිත් පොලිස් හදිසි ඇමතුම් අංශය අමතයි...

    "අනේ ඔයගොල්ලො හෙට උදේම එනවද.? බයවෙන්න එපා., මම කොහොමහරි ඌව හෙට උදේ වෙනකන්ම තියා ගන්නම්...
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, 'ඕකා අල්ලයි මගෙ ** දෙක..'

    :rofl::lol::lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, 'ඕකා අල්ලයි මගෙ ** දෙක..'
    :rofl::rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Ajitha Edirisinghe
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .

    :rofl::rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔයාලත් අහලා දැකලා තියෙන ඒවාත් දැම්මොත් නේද හොද ;)