රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,661
    13,396
    113
    දෙමල මුස්ලිම් මිනිස්සු අතර තියෙන කුලවාදය සිංහල මිනිස්සුන්ට හපන්
    ප්‍රබාකරන් අවුරුදු 30කම යුද්දේ ඇදගත්තේ කුලවාදයට පින්සිද්ද වෙන්න තමයි
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    // ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත.//

    මේ කතාව ඇත්ත. නමුත් කොච්චර පොහොසත් උනත් උසස් සමාජ තලයක හිටියත් සමහර මිනිස්සුනේ පරණ ගති තම තියෙනවා. කසාද බදිද්දී කුලේ බලන එක හොද දෙයක් මොකද බැදපු දෙන්නට ජිවිත කලෙම් තමන්ගේ පවුලේ අයව අතැරලා ඉන්න බැරි නිසා.

    කුලෙන් මිනිස්සු පහටත් කරන එක අනුමත කරන්න බැරිඋනත් කුලෙන් මිනිස්සුනේ වෙනස්කම්/ හැදියාවන් හොදට පේනවා. ඒ දේවල් සල්ලිකාර කමින් වහන්න බැ. ලදී ගිය මගුල් ගෙයක 5ස්ටාර් හොටෙල් එකක එකේ උන්ගේ නදයෝන්ගේ කතා ටික අහන් හිටියම අය්යෝ සල්ලි කියල හිතුන
    කොචහර සල්ලිකාර කම පෙන්නුවත් කට ඇරියම චාටර් .
    එලකිරියේත් වැඩිපුරම ඉන්නේ අප්සට් ජෝකියෝද කොහෙද ගොඅද්ක් එවුන් අම්ම මතක්කරලමයි පටන් ගන්නේ.

    එතකොට මහත්තය කියන විදියට ගොවිගම රදල, ඉහල කුල වල අය පට්ට ඩීසන්ට් , හැබැයි මේ කියන පහත් කියල සලකන අය කොයි තරං ලෙවල් එකක්කට ආවත් කට ඇරියම චාටර්... එහෙමනි කියන්නේ නේද....?
     
    • Like
    Reactions: Alu kurulla

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,661
    13,396
    113
    එතකොට මහත්තය කියන විදියට ගොවිගම රදල, ඉහල කුල වල අය පට්ට ඩීසන්ට් , හැබැයි මේ කියන පහත් කියල සලකන අය කොයි තරං ලෙවල් එකක්කට ආවත් කට ඇරියම චාටර්... එහෙමනි කියන්නේ නේද....?

    අය්යෝ සොරිවෙන්න ඕන මට ඒ කෑල්ල එකතු කරන්න බැරි උනා

    ඉහල කුල කියල උනුත් ඩීසන්ට් නැ (මාමණ්ඩි ලෙලි එකට පවුල් කන තැනුත් ඉන්නවා )
    මම කුලවාදය අනුමැත කරන්නේ නෑ එත් හැම දෙකම හොද සහ නරක තියෙනවා
     

    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    "වර්ගභේදය එළිපිට සටන් කරන විට කුලභේදය සටන් කරන්නේ සැඟවී ගරිල්ලා ව්‍යාපාරයක් ලෙසය. "

    ඇත්තම කතාවක් තමා මේක
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අය්යෝ සොරිවෙන්න ඕන මට ඒ කෑල්ල එකතු කරන්න බැරි උනා

    ඉහල කුල කියල උනුත් ඩීසන්ට් නැ (මාමණ්ඩි ලෙලි එකට පවුල් කන තැනුත් ඉන්නවා )
    මම කුලවාදය අනුමැත කරන්නේ නෑ එත් හැම දෙකම හොද සහ නරක තියෙනවා

    ඕක පදනම් ව්න්නෙ මිනිස්සුන්ගෙ චින්තනෙත් එක්ක.... උදාහරනයක් ගමුකො... ප්‍රසිද්ධ තැනකදි, වෙඩින් එකකදි වගෙ ඉහළ යැයි සළකන හෝ කුලය කුමක්දැයි නොදන්නා කෙනෙක් කෑම කාල ඇගිලි උරනව... එය සාමාන්‍ය අප්‍රසන්න දෙයක් වගේ තමා අනිත් පිරිස සලකන්නෙ, එහෙත් එම සිදුවීම පහත් යැයි සැලකෙන පුද්ගලයෙක් කලොත් එය සලකන්නේ ජාතියෙ හැටි, උගේ කුලයේ ගති කියාය....
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    // ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත.//

    මේ කතාව ඇත්ත. නමුත් කොච්චර පොහොසත් උනත් උසස් සමාජ තලයක හිටියත් සමහර මිනිස්සුනේ පරණ ගති තම තියෙනවා. කසාද බදිද්දී කුලේ බලන එක හොද දෙයක් මොකද බැදපු දෙන්නට ජිවිත කලෙම් තමන්ගේ පවුලේ අයව අතැරලා ඉන්න බැරි නිසා.

    කුලෙන් මිනිස්සු පහටත් කරන එක අනුමත කරන්න බැරිඋනත් කුලෙන් මිනිස්සුනේ වෙනස්කම්/ හැදියාවන් හොදට පේනවා. ඒ දේවල් සල්ලිකාර කමින් වහන්න බැ. ලදී ගිය මගුල් ගෙයක 5ස්ටාර් හොටෙල් එකක එකේ උන්ගේ නදයෝන්ගේ කතා ටික අහන් හිටියම අය්යෝ සල්ලි කියල හිතුන
    කොචහර සල්ලිකාර කම පෙන්නුවත් කට ඇරියම චාටර් .
    එලකිරියේත් වැඩිපුරම ඉන්නේ අප්සට් ජෝකියෝද කොහෙද ගොඅද්ක් එවුන් අම්ම මතක්කරලමයි පටන් ගන්නේ.

    මේකනම් ඇත්ත, ඔය ඩොබි වගේ අඩුම කුල වල උන් එක්ක කතා කරද්දී තේරෙනවා. සල්ලි තිබ්බට අර ගතිය යවන්න බැ. සමහරුනම් කතා කරන්න ඕනෙත් නැ මුණ දැක්කහම කිව්වැකි :rofl: කරාවනම් ටිකක් හොදයි, එතනින් පල්ලහ ගන්නම දෙයක් නැ :dull:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඒ වගේද යකෝ අඩුකුලේ එකෙක් බැදගන්නවා කියන්නේ ...
    මොන ලැජ්ජාවක්ද..

    ??? ??? ???

    කොට්ටල් බද්ද කාර්යාංශය
    රජවාසලේ අවශ්‍යතාවයන් උදෙසා ඇති කරනු ලැබූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තු තුදුසක් විය.එහි සිත්තරු අයත් දෙපාර්තමේන්තුව කොට්ටල් බද්ද කාර්යාංශය විය.

    නවන්දන්න කුලයට අයත් වූවන්ගෙන් සමන්විත වූ මෙම කාර්යාංශය මහනුවරට අයත් සෑම පළාතකම පිහිටුවා තිබුණි.මෙය පාලනය කරන ලද්දේ දිසාවන් හැර අන්පෙදෙස් රජු විසින් පත් කරන ලද කොට්ටල් බද්ද නිළමේ නම් නිලධාරී දෙදෙනෙකු විසිනි.දිසාව තම සහයට සාමාන්‍යයෙන් කාර්මික කුලවලට අයත් කොට්ටල් බද්දේ විදානේ කෙනෙකු පත් කර ගත් අතර බොහෝ විට සිත්තරු මෙම නිළයට පත් වූහ.කොට්ටල් බද්ද කාර්යංශය සඳහා සිත්තරු පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විය.

    පට්ටල් හතරේ කාර්මිකයෝ
    ඉහළ පැළැන්තියට අයත් (රන් හා රිදී වැඩකරුවෝ සිත්තරු ඇත්දත් කැටයම්කරුවෝ ආදීහු)කාර්මිකයන්ගෙන් රජු උදෙසා වැඩකරන්නාවුන් පරම්පරාගත උරුමවාසිකම් හිමිවන්නාවූත් අනෙකෙකුට ඇතුළත් විය නොහැකි පට්ටල් හතර නම් කාර්මික ශ්‍රේණියට අයත් වූහ. මෙකී පට්ටල් හතර මුලින් ආභරණ පට්ටලය ලෙසින් පමණක් තිබූ අතර පසුව එය රන් කඩු පට්ටලය,ඔටුනු පට්ටලය,ආභරණ පට්ටලය හා සිංහාසන පට්ටලය ලෙස සතරකට ඛෙදුණි. සිත්තරුන් අයත් වුයේ සිංහාසන පට්ටලයටය.එසේ වූවද ඇතැම් අවස්ථාවන් හී දී තමාට භාරදෙන කාර්ය අනුව කාර්මිකයන් එක් පට්ටලයකින් අනෙක් පට්ටලයට මාරු වූ බව පෙනේ.

    පට්ටල් හතරේ ස්ථානයක් ගැනීම ප්‍රධාන කාර්මික පවුල් වල ප්‍රවේණියක් විය. සේවය සඳහා රජු විසින් ත්‍යාග ලෙස පිරිනමන ලද ඉඩම් ශිල්පීන් සතු විය. ශිල්පීන්ගේ දක්ෂතා මත නින්දගම් ලැබීම සිදු වූ අතර නවන්දන්ත කුලය ගොවිගම කුලයට පහත් වූවද අනෙක් පන්තියේ කුල අතර ඉහළින් පිහිටි කුලයක් විය.කලාකරුවන්ගේ දක්ෂතාවය මත පටබැඳි නාම ද ලබා දුණි.එය මූලාචාරී යන ගෞරව නාමයයි.කොට්ටල් බද්දේ සිත්තරු පට්ටල් සතරේ මූලාචාරීන් යටතේ සිටියහ.මොවුහු රටේ මිනිස්සු,පටබැන්දෝ ලෙස නම් කරනු ලැබූ අතර රජුට හා රජ පෙළපතට පමණක් පහළින් සිටියහ.විදානේවරු පවා සිටියේ මොවුනට පහළිනි.

    සිත්තර පරම්පරා
    කාර්මිකයන්ට භුක්තිය සඳහා ලබා දුන් නිලපංගු මගින් ඔවුන් ගේ සේවය තව දුරටත් ධෛර්යමත් කළ අතර මෙම දීමනාවන් පිළිබඳව සඳහන්ව ඇති තුඩපත්, සන්නස්, අභිලේඛන තුළින් එකල ප්‍රමුඛ සිත්තරුන් හා සිත්තර පරම්පරා පිළිබඳව තොරතුරු ඒකරාශි කර ගත හැකි වේ.

    උල්ලූදුපිටියේ සිත්තර පරම්පරාව මහනුවර යුගයේ සිටි සිත්තර පරම්පරා අතර ප්‍රසිද්ධ එකකි. උල්ලූදුපිටියේ සිත්තර පවුල කොටස් දෙකකින් යුතු විය. කුඹුරේ ගෙදර හා වෙද ගෙදර වශයෙනි. උල්ලූදුපිටියේ සිත්තර පවුලේ ජනප්‍රියතම සිත්තරා රාජේශ්වර ශිල්පාචාරීවරයාය. ක්‍රි.ව 1593 පළමුවන විමලධර්මසූරිය රජු කාලයේ ඡේතවනාරාමයේ සිතුවම් සම්බන්ධයෙන් ඔහු සන්නසක් ලබාගෙන ඇත. කුළුගම්මන සිය පත්තුවේ උල්ලූදුපිටියේ පිහිටි ........ ඉඩමක් හා හේන් තුනක් කිසිදු අරෝවියවුලක් නැතිව භූක්ති විඳිනා සේ උල්ලූදුපිටියේ රාජේශ්වර සිත්තර ආචාරියාට දෙවා වදාරන ලදී.

    තවද මාතලේ හුළංගමුවේ සින්තර රම්බඩ උන්නානේ තඹ සන්නසක් ප්‍රදානය ලෙස ලබාගෙන ඇත.ඔහු උල්ලූපිටියේ හා නිලගම පරම්පරා සමඟ සමීප ඥාති සබඳතාවක් හිමි අයෙක් විය.නිලගම සිත්තර පරම්රාව පිළිබඳව ඇත්තේද දීර්ඝ ඉතිහාසයකි.මහනුවර යුගයේ සිතුවම් අතර මූලිකත්වයක් දරණ දෙගල්දොරු විහාර සිතුවම් ඇඳීමේ කාර්යයෙහි ලා නිලගම පරපුරෙන් ආ පුද්ගලයෙකු ලෙස සැලකෙන නිලගම පටබන්දා මූලිකව කටයුතු කර ඇත. මෙම කාර්යයට කොස්වත්තේ හින්තර නයිදේ,දෙව්රගම්පල සිල්වත්තැන හා තවත් නම් සඳහන් නොවන ශිල්පීන් තිදෙනෙකු ද සහය දුන් බව සෝමතිලකගේ මතයයි. මෙහි සත්‍යතාව ඔප්පු කිරීමේ නොයෙකුත් දුෂ්කරතා පැවතිය ද සිත්තර කර්මාන්තයෙහි යෙදුනු ශිල්පීන් කණ්ඩායමක් සිටි බවත් ඔවුන් එක්ව කටයුතු කළ බව මින් පෙන්නුම් කෙරේ. මේ අතර නිලගම පරම්පරාව පිළිබඳව සෝමතිලක මෙසේ දක්වා සිටියි.

    මහනුවර ගංඟාරාම සිතුවම් ඇඳීම සඳහා සහභාගී වී ඇත්තේ නිලගම අභරණ අප්පුය.නිලගම පරපුරේ බලවන්වල බෝධිනාරායක බුවනෙකබාහු නම් චිත්‍රිචාර්යෙකුට කීර්ති ශ්‍රී රාජසිංහ රජු තුඩපත් දීම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.මේ අනුව රාජකීය සම්මානයට පාත්‍රවූ සිත්තර පරම්පරාවක් ලෙස නිලගම සිත්තර පරම්පරාව දැක්විය හැකිය.

    දහ අටවන සියවසේ අවසානභාගයේහි අති ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා දෙවරගම්පල සිල්වත්තැන විය.කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747 - 1781) යුගයේ දී දෙගල්දොරුව,රිදී විහාරය හා අන්‍ය විහාර වල සිතුවම් කළ ආචාරී කුලයට අයත් අනුසම්පන්න භික්ෂුවක් ලෙසින් ප්‍රසිද්ධියට පත් වූවෙකි.

    මේ යුගයේ දී සියම් නිකාය පැවතුණු අතර ගොවිගම කුලයට අයත් නොවූවන් භික්ෂූන් ලෙස නොසලකන බැවින් ඔහු දෙවරගම්පල සිල්වත්තැන ලෙසින් හදුන්වන ලදී. හෙතෙම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අසල දෙවරගම්පල අසල ගමේ උපන් තැනැත්තේකු බව කියනු ලැබේ.හිරියාලේ නයිදේ, දේවේන්ද මූලාචාරී,කොස්වත්තේ සිත්තර නයිදේ,නිලගම පටබැන්දා,වෑත්තෑවේ හිමි හා කටුවන හිමි,දෙව්රගම්පල සිල්වන්තානගේ සමකාලීන ශිල්පීහු වෙති.

    ප්‍රාදේශිය වශයෙන් ද සිත්තරුන් විසිරි සිටි බව මේ යුගයට අයත් ලේඛන මූලාශ්‍ර භාවිතයේ දී පෙනී යයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයට ආසන්න දනාගම දත්තසිංහ මූලාචාරීන්,ගොඩිගමුවේ හින්තර ගෙදර හා දේවනාරායන හිත්්තරගෙදර ප්‍රසිද්ධව පැවති අතර දේවනාරායන පෙළපත් භාවිතා කළ සිත්තර පවුල් අරණායක ප්‍රදේශයේ හබලක්කාව,දුල්දෙණිය ආදී ගම්හි ජීවත් වූහ.මහනුවර කිරිවවුලේ දේවනාරායක හිත්තර ගෙදර, යාලේගම හිත්තර ගෙදර,නිලවල දේවනාරායක හිත්තර ගෙදර ලෙසින් පවුල් ව්‍යාප්තව පැවතණි.

    මහනුවර යුගයේ ශිල්පීන්ගේ නමෙහි අගට නයිදේ යන පදය එක් කර තිබේ.එය ඇතැම් විට ගෞරවාර්ථය දැක්වීම සඳහා යොදා ගත්තක් විය හැකිය. දෙල්දෙණියේ හිත්තර නයිදේ,කුඹේපිටියේ පටබැඳි විදානේ,බොධිරානායක චිත්‍රාචාරීන්ගේ කපුරු නයිදේ,හිරියාලේ නයිදේ,වඩුගොඩ විජේපාල මුහන්දිරම්ලාගේ නෙත්තා නයිදේ,කොස්වත්තේ හිත්තර නයිදේ මේ කාලයේ ප්‍රසිද්ධ ශිල්පීන් විය.සිත්තර පවුල් සඳහා දේශියන් පමණක් නොව දකුණු ඉන්දියානු සම්භවයක් ද පැවති බව පෙනේ.සෝමාරායන,පුෂ්පාරායන ආදී දමිළ නාම භාවිතය ද මේ කාලයේ ද්කනට ලැබේ.එසේම සිංහල නම් සඳහා දෙමළ නාමයන් ද මිශ්‍ර වීම දක්නට ලැබේ.පොන්න නයිදේ එලෙස භාවිත වූ නාමයකි.චිත්‍ර ශිල්පයෙහි නිමග්න වූව ද නිශ්චිත පරම්පරාවකට අයත් නොවන ශිල්පීන් ද මේ යුගයෙහි විය.නාගොල්ලේ හින්තර නයිදේ,මැදසියපත්තුවේ ඉඹුල්පිටියේ සිටි හිත්තර නයිදේ,කඩපල්ල කෝරළයේ හිත්තරේ,දඹව හිත්තරනයිදේ,උඩංගමුව වසමේ හපුවිද හිත්තර නයිදේ,ගන්නෝරුවේ හිත්තර මුදහම්දිරම් ආදීන් ඊට අයත් වූවෝ වෙති. මෙලෙස මහනුවර යුගය පාරම්පරිකව පැවතෙන කාර්මික ශිල්පීන්ගේ පවුල්වලින් ද එසේම පරපුරකට අයත් නොවන සිත්තරු ද වශයෙන් ඉතා පුළුල් ලෙසින් සිතුවම් ශිල්පීය විහිදී ගිය යුගයක් විය.
     

    waligamaya

    Well-known member
  • ඕක පදනම් ව්න්නෙ මිනිස්සුන්ගෙ චින්තනෙත් එක්ක.... උදාහරනයක් ගමුකො... ප්‍රසිද්ධ තැනකදි, වෙඩින් එකකදි වගෙ ඉහළ යැයි සළකන හෝ කුලය කුමක්දැයි නොදන්නා කෙනෙක් කෑම කාල ඇගිලි උරනව... එය සාමාන්‍ය අප්‍රසන්න දෙයක් වගේ තමා අනිත් පිරිස සලකන්නෙ, එහෙත් එම සිදුවීම පහත් යැයි සැලකෙන පුද්ගලයෙක් කලොත් එය සලකන්නේ ජාතියෙ හැටි, උගේ කුලයේ ගති කියාය....

    සුලබ දුෂ්ටි අගතිය
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    බොදු දේව
    බොදු විශ්ව

    කියල පත්තරේ දාන්නෙ මොනාද හාමු මහත්තයො.