රාජපක්ෂගේ මැරයෝ අම්බලන්ගොඩ විහාරස්ථානය&a
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මූලික දහම් අධ්‍යාපනය හැදෑරූ අම්බලන්ගොඩ ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී පහරදී එම දේපල විනාශ කර ඇත.
ඊයේ රාත්‍රී 12.50 ට පමණ මෙම විහාරස්ථානයට කඩා වැදී ඇති රාපක්ෂගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විහාරස්ථානයේ විහාරාධිපති අම්බලන්ගොඩ විජිතධම්ම ස්වාමීන් වහන්සේට පරුෂ වචනයෙන් බැනවැදී ඇත. පසුව මෙම මැරයින් විසින් රැගෙන ආ පොලු මුතුරුවලින් විහාරස්ථානයේ දේපලවලට පහර දී එම දේපල විනාශ කර ඇත.
පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය උපන් ගම වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී මෙම විහාරස්ථානය ගිය අතර, එහිදී එහි විහාරාධිපති අම්බලන්ගේඩ විජිතධම්ම ස්වාමීන් වහන්සේ ජෙනරාල්ට සේත් පතා ආශිර්වාද කළහ. මෙම සිදුවීමෙන් පසු කිහිපවරක්ම උන්වහන්සේට විවිධ ආකාරයේ තර්ජය එල්ල වී ඇත. පසුව අම්බලන්ගොඩ පැවැති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියකදී එම රැලිය ඇමතීමෙන් පසු තමන්ට විවිධ නිර්නාමික දුරකතන ඇමතුම් පැමිණි බවත් එහි විහාරාධිපති හිමියෝ පැවසූහ.
කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, මහින්ද රාජපක්ෂ පරාජයේ වියරුව මේයින් මනාව පෙනී යන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.
මේ අතර මෙම සිදුවීම හෙළා දකිමිනි පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මෙසේය.
අම්බලන්ගොඩ විහාරස්ථානයට රාජපක්ෂ මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.
"ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මුලික දහම් පාසල් අධ්‍යාපනය ලැබු අම්බලන්ගෙඩ ශී‍්‍ර සුගතබිම්බාරාමයට මහින්ද රාජපක්ෂගේ මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඊයේ රාතී‍්‍ර 12.50 ට පමණ විහාරස්ථානයට කඩා වැදුණු රාජපක්ෂ මැරයන් විහාරධිපති අම්බලන්ගොඩ විජිත ධම්ම ස්වාමීන් වහන්සේට පරුෂ වචනයෙන් බැනවැදී විහාරස්ථානයේ ගොඩනැගිලි වලටද පොලූ මුගුරු වලින් පහර දි විනාශ කර දමා පලා ගෙස් තිබේ.
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් පරාජයට පත්වන මහින්ද රාජපක්ෂ පරාජයෙන් වියරු වැටී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන්ට එල්ල කරන ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අතර මීට එරෙහිව ශි‍්‍ර ලාංකික ජනයා හෙට දිනයේ නිවැරදි තීන්දුවක් ගැනීමට නියමිත බවත් අප අවධාරණය කර සිටිමු."
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5388:2010-01-25-10-12-18&catid=35:2008-10-13-08-30-14&Itemid=27

Last edited: