උබ කියන විදියට හැම එකම පවුද්ගලීකරනය කරානම්, හොල්ට් දෙකක් බස් එක්කෙ යන්න රු 50 විතර ගෙවලා, පොයින්ට් 60 කරන්ට් බිලට රු2000 විතර ගෙවන්න තිබුනා.
කරන්න ඕන දුෂණය නවත්තන එක. පෙට්රොලියම් එකේ බහුතරය පුටුවෙ වාඩිවෙලා ඉදලා පිං පඩි ගන්න උන්, රු1000ට ගන්න පූළුවන් එකත් ටෙන්ඩර් දාලා 5000ට ගන්න එක දේශපාලකයොත් කරන්නෙ, ඒක නවත්තන්න බලයට එන එකෙකුටත් පනනෑ.
එහෙම වෙන්නේ නෑ, ඒ හැමදෙයකටම විකල්ප තියෙනවා,
දැනුත් බස් ගැමුනුවා කියන්නේ බස් ගාස්තු වැඩි කලහම මිනිස්සු බස් අතහැරලා බයික් වලින් ත්‍රීවීල් වලින් යන්න පුරුදු වෙනවා කියල, ඌ බස් ගාස්තු වැඩි කරනවාට වඩා වෙනත් වියදම් අඩු කිරීමට තමයි වඩාත් කැමති.
විදුලිය බිලත් ඒ වගේ, සෝලා පැනල ප්‍රාග්ධන වියදම් අධික තමයි,එත් එයට වියදම් කරන්න පුළුවන් මිනිස්සුත් ඒ දේවල් නොකරන්නේ වඩාත් ලාභ විදුලිය ආණ්ඩුවෙන් දෙන නිසයි, විදුලිය බිල වැඩි වුනොත් මිනිස්සු අර විකල්පයට යනවා, මොකද එක වඩාත් ලාභදායක නිසා,
අඩු ආදායම් ලාභීන්ට ලැබෙන සහනය නොදී ඉන්න බැහැ, එත් සමාගම් වලට වඩාත් දැනෙන්නේ ඔවුන්ගේ ලොකුම ගණුදෙනුකරුවන් සේවා ලබාගැනීමෙන් ඉවත්වුනොත්, ඒ නිසා හිතුමනාපේ මිල වැඩිකරන්න බැහැ.
දැන් බලන්න ටෙලිකොම් එක විතරක් තියෙද්දී ලංකාවේ එකෙක්ට දුරකථන පහසුකම් ගන්න අවුරුදු ගානක් පොරොත්තු ලිස්ට් එකක ඉන්න වුනා, එත් පුද්ගලීකරණ සහ වෙනත් සමාගම් වලට ඉඩ දුන්නම දකුණු ආස්යාවේ හොඳම දුරකථන සේවා තියෙන රටක් වුනා.
ගුවන්විදුලිය/රූපවාහිනිය බලන්න, පුද්ගලික සමාගම් එන්න කලින් හෙන බෝරින් වැඩසටහන් තිබ, දියුණුවක් නොතිබුන ක්ෂේත්‍රයක්, පෞද්ගලික සමාගම් වලට ඉඩ දුන්නම මොකද වුනේ? දැන් ගුවන්විදුලි/රූපවාහිනී කියන්නේ ඉතාම සක්‍රීය විශාල ව්‍යාපාරයක්.
ඒ ඔක්කොම අදත් ආණ්ඩුවේ ඒකාධිකාර වුනා නම් මේ කිසිම දියුණුවක් ආදායමක් ලැබෙන්නේ නැහැ.
දැන් දූෂණය/ හිතවතුන් තනතුරු වලට පත්කිරීම මොන ආණ්ඩුව ආවත් නවත්වන්න බැහැ. බලයට එන්න කලින් ඔය ආපු හැම එකාම කිව්වේ දූෂණ නවත්තනවා, ඥාතී සංග්‍රහ නවත්තනවා, ආයතන දියුණු කරනවා, කියන වැල් බයිලා.
මිනිස්සු මැන්ටලිටි එක හදාගන්න ඕන, ආණ්ඩුව හැමදේම කරදිය යුතු නැහැ. අපට අවශ්‍ය දේ තෝරාගන්න නිදහස අවශ්‍යයි. ව්‍යාපාර වලට නිදහස අවශ්‍යයි එයම තමයි රටක දියුණුව තීරණය කරන්නේ, දැන් සිංගප්පූරු උදාහරණය ගැන යමෙක් මතක් කරන්න පුළුවන්, එත් සිංගප්පූරුව කියන්නේ විශාල සමාගමක් වගේ, ඒ මොඩලය ලංකාවට ගැලපෙන්නේ නැහැ.