රාජ්‍ය ආදායම

topkollek

Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ ඇමති මණ්ඩලය සීම කිරිම. එකෙක් නඩත්තු කරන්න මසෙකට කෝටි 3 ඕන කියල අහල තියනවන, ඇමතිල, නියෝජ්‍ය ඇමතිල, රාජ්‍ය ඇමතිල කියක් ඉන්නවද? මෙච්චර කලෙකට මොනවද කරල තියෙන්නෙ ඇමති සෙට් එක.

    තව පලාත් සභාත් වැඩි. රටේම පලාත් සභා 3කට සීමා කරන්න කතාවක් ගියා. එහෙම හරි අඩු වෙනවනම් හොදයි

    හොරා කෑම අවම කිරිම, (දේශපාලන මට්ටමේ සිට සිවිල් පුරවැසියා දක්ව)

    ශක්තිමත් විධිමත් විඝණන යාන්තණයක් ඇතිකිරිම
    මේ වගේ හීන දකින අය තාමත් ඉන්නවනෙ 🤔
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උබ කියන විදියට හැම එකම පවුද්ගලීකරනය කරානම්, හොල්ට් දෙකක් බස් එක්කෙ යන්න රු 50 විතර ගෙවලා, පොයින්ට් 60 කරන්ට් බිලට රු2000 විතර ගෙවන්න තිබුනා.
    කරන්න ඕන දුෂණය නවත්තන එක. පෙට්රොලියම් එකේ බහුතරය පුටුවෙ වාඩිවෙලා ඉදලා පිං පඩි ගන්න උන්, රු1000ට ගන්න පූළුවන් එකත් ටෙන්ඩර් දාලා 5000ට ගන්න එක දේශපාලකයොත් කරන්නෙ, ඒක නවත්තන්න බලයට එන එකෙකුටත් පනනෑ.

    එහෙම වෙන්නේ නෑ, ඒ හැමදෙයකටම විකල්ප තියෙනවා,

    දැනුත් බස් ගැමුනුවා කියන්නේ බස් ගාස්තු වැඩි කලහම මිනිස්සු බස් අතහැරලා බයික් වලින් ත්‍රීවීල් වලින් යන්න පුරුදු වෙනවා කියල, ඌ බස් ගාස්තු වැඩි කරනවාට වඩා වෙනත් වියදම් අඩු කිරීමට තමයි වඩාත් කැමති.

    විදුලිය බිලත් ඒ වගේ, සෝලා පැනල ප්‍රාග්ධන වියදම් අධික තමයි,එත් එයට වියදම් කරන්න පුළුවන් මිනිස්සුත් ඒ දේවල් නොකරන්නේ වඩාත් ලාභ විදුලිය ආණ්ඩුවෙන් දෙන නිසයි, විදුලිය බිල වැඩි වුනොත් මිනිස්සු අර විකල්පයට යනවා, මොකද එක වඩාත් ලාභදායක නිසා,

    අඩු ආදායම් ලාභීන්ට ලැබෙන සහනය නොදී ඉන්න බැහැ, එත් සමාගම් වලට වඩාත් දැනෙන්නේ ඔවුන්ගේ ලොකුම ගණුදෙනුකරුවන් සේවා ලබාගැනීමෙන් ඉවත්වුනොත්, ඒ නිසා හිතුමනාපේ මිල වැඩිකරන්න බැහැ.

    දැන් බලන්න ටෙලිකොම් එක විතරක් තියෙද්දී ලංකාවේ එකෙක්ට දුරකථන පහසුකම් ගන්න අවුරුදු ගානක් පොරොත්තු ලිස්ට් එකක ඉන්න වුනා, එත් පුද්ගලීකරණ සහ වෙනත් සමාගම් වලට ඉඩ දුන්නම දකුණු ආස්යාවේ හොඳම දුරකථන සේවා තියෙන රටක් වුනා.

    ගුවන්විදුලිය/රූපවාහිනිය බලන්න, පුද්ගලික සමාගම් එන්න කලින් හෙන බෝරින් වැඩසටහන් තිබ, දියුණුවක් නොතිබුන ක්ෂේත්‍රයක්, පෞද්ගලික සමාගම් වලට ඉඩ දුන්නම මොකද වුනේ? දැන් ගුවන්විදුලි/රූපවාහිනී කියන්නේ ඉතාම සක්‍රීය විශාල ව්‍යාපාරයක්.

    ඒ ඔක්කොම අදත් ආණ්ඩුවේ ඒකාධිකාර වුනා නම් මේ කිසිම දියුණුවක් ආදායමක් ලැබෙන්නේ නැහැ.

    දැන් දූෂණය/ හිතවතුන් තනතුරු වලට පත්කිරීම මොන ආණ්ඩුව ආවත් නවත්වන්න බැහැ. බලයට එන්න කලින් ඔය ආපු හැම එකාම කිව්වේ දූෂණ නවත්තනවා, ඥාතී සංග්‍රහ නවත්තනවා, ආයතන දියුණු කරනවා, කියන වැල් බයිලා.

    මිනිස්සු මැන්ටලිටි එක හදාගන්න ඕන, ආණ්ඩුව හැමදේම කරදිය යුතු නැහැ. අපට අවශ්‍ය දේ තෝරාගන්න නිදහස අවශ්‍යයි. ව්‍යාපාර වලට නිදහස අවශ්‍යයි එයම තමයි රටක දියුණුව තීරණය කරන්නේ, දැන් සිංගප්පූරු උදාහරණය ගැන යමෙක් මතක් කරන්න පුළුවන්, එත් සිංගප්පූරුව කියන්නේ විශාල සමාගමක් වගේ, ඒ මොඩලය ලංකාවට ගැලපෙන්නේ නැහැ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොරාකම දූෂණය නැති කරහම තියෙන සල්ලි ටික ඇති වෙයි. ඒක නොකර ආදායම වැඩි කරන්න ගියහම වෙන්නේ තවත් හෙව්වත් කොච්චර හෙව්වත්ච්ච ඔර ව තමයි ඉතුරු වෙන්නේ. කිඹුල් කටට දානවා වගේ තමයි සල්ලි ටික
     
    • Like
    Reactions: silentsahan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම (49% shares ආණ්ඩුව තියාගෙන). උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව.

    Emirate එකෙන් Sri Lankan airline එක management කරන කොට ඒක ලබා ලබනවා දැන් පාඩු පිට. SLT එක දැන් profitable company එකක්.

    SLT කවද්ද බන් පාඩු පිට දිව්වෙ හොරකන් කරන් හින්දා පාඩුයි කියන්නේ
    Land line nikan thiyan bill gewanne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT කවද්ද බන් පාඩු පිට දිව්වෙ හොරකන් කරන් හින්දා පාඩුයි කියන්නේ
    Land line nikan thiyan bill gewanne
    දැන් එකක් ගැන නෙවේ කීවේ. Privatise කරන්න කාලීන.
     
    • Like
    Reactions: EnIgma001