මමත් රජයේ සේවකයෙක්.
හැබැයි පිළිගන්නවා, රාජ්‍ය සේවය රජයට බරක් කියලා.
මෙතන සමහරු ඒකෙ වැරැද්ද පොහොට්ටුවටයි, මයිනටයි විතරක් දාන්න හදනවා.
රාජ්‍ය සේවය වැඩියෙන්ම දේශපාලනීකරණය කරලා,
ලොකු අතිරික්තයක් ඇති කළේ මයින බව ඇත්ත.
ඒත් ලංකාවේ හැම දේශපාලන කඳවුරක්ම
අඩු වැඩි වශයෙන් රාජ්‍ය සේවය ඵලදායී රහිත දෙයක් කරන්න
වැඩ කරලා තියෙනවා.
යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට රු. 10,000ක පඩි වැඩි වීමක් දුන්න,
ආණ්ඩුව ආපු ගමන්ම.
උන් මොන ආදයමින්ද දන්නේ නැහැ ඒවගේ ලොන්ත වැඩ කළේ!
මිනිස්සුන්ට නිකම් පඩි වැඩි කරන්නේ නැතුව
උන්ගෙනුත් දෙයක් අරගෙනයි පඩි වැඩි කරන්න ඕනි!
එක තමයි කොන්ද පණ තියෙන රජයක වගකීම.
ඒ වගේම මෙතන ඉන්න සමහර වම්මුත් දන්නවා,
කැම්පස් එකෙන් පිට වුන ගමන්
පාරේ බෝඩ් අල්ලාගෙන
රස්සා දියව්! දියව්!! කියල කෑ ගහල
කරලා තියෙන විනාසේ කොයි වගේද කියල.
ඒ විතරක් නෙමෙයි,
ඇමතිලා එහෙම දෙපාර්තමේන්තු නොවන
ලංවිම, පෙට්‍රෝලියම්, වරාය, ලංකා බැංකුව වගේ ගූ ආයතන වලට
මිනිස්සු දාල ඒවා කාලම දාලයි තියෙන්නේ!
කොටින්ම මමත් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් entitled කෙනෙක්!
දැන් තියෙන තත්වේ අනුව ඒකෙ වටිනාකමක් නැහැ!
ඒත් ආපහු එහෙම හම්බු වුනත් මගේ මතේ
ඔය වගේ ලොන්ත, unsustainable, මධ්‍යම පාන්තික ආශාවල් පිනවන
වරප්‍රසාද අයින් කරන්නය කියන එක.
අපිට තෙල් ටික, ගෑස් ටික හම්බු නොවුනත්
UN එක අපට අවශ්‍ය කෑම, බීම, බෙහෙත් හෙම
මානුෂීය ආධාර හැටියට ගෙනත් දේවි!
රට පජාත වෙනවා තමයි!
ඒත් බොරුවට තව ණය අරගෙන මේ සිස්ටම් පෝෂණය කරනවට වඩා
ඔය රටවල් මෙහාට ඩොලර් එවන එක නැවැත්තුව නම් වටිනවා!
හෙළයොත් දැනගන්න ඕනි වැටිච්ච ළිං කටින්ම ගොඩ එන්න.
ඒකත් බැරි නම් උන් කුද ගහගත්තු දෙන්!
කොහොමත් ලංකාවට මේ වෙලා තියෙන දේ හොඳයි!
මේක collapse වෙලා කෙළ විලා, අල වෙලාම යන තරමට හොඳයි!
එතකොට ඔය කියන රාජ්‍ය සේවෙත් reform වෙන තැනට වැඩේ හැදෙනවා.
නිකමට හිතපල්ලකො වෙන වෙලාවක නම්
ලංවීමේ restructure කරන්න ගියොත් ජෙප්පොයි, බයියෝයි දෙගොල්ලොම මහා පාරේ.
මම ප්‍රාර්ථනා කරන්නේ
ඕවගේ එවුන්ට මාස 3, 4ක් යනකම් පඩි ගෙවන්න බැරි තත්වෙට ඇදගෙන වැටිලා
ඕවා විනාශ වෙනවා දකින්න!
එතකොට ඕව reform කරන ඉල්ලීම්
ආයතන ඇතුළෙන්ම එයි!
තමන්ට කන්න නැතුව දරු පවුල් මහපාරට ඇදගෙන වැටිලා
රෙද්දේ රෙවෙද්දී හරි
කට්ටියට තෙරෙයිනේ!
කොහොමත් මේ අර්බුදය උත්සන්න වෙන්න ඕනි!
සිස්ටම් චේන්ජ් වෙන්නේ අනුරයිය හරි, සජිය හරි බලේට පත් වෙනකම්
කට ඇරන් බලන් ඉඳල නෙවෙයි!
සිස්ටම් චේන්ජ් වෙන්නේ මිනිස්සුන්ගේ දොරකඩට අර්බුදය ආවහමයි!