රාජිත පර බල්ලා
රාජිතගේ ඖෂධ මාෆියාව
පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධ ගෙන්වීමේදී සිදු කරන ලද මහා පරිමාණ ජාවාරමක් පිළිබදවයි හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. එම චෝදනාවට සහ තවත් චෝදනාවකට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර ඇති බව පසුගිය මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය සදහන් කළේ.
ටොප් ටෙන් වැඩසටහන යටතේ මෙතෙක් හෙළිදරව් කරන ලද, පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් කරන ලද දූෂණ වල වටිනාකම රුපියල් බිලියන 98කට වැඩි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සදහන් කළේ.
මෙම දූෂිත ගනුදෙනුව සිදුකිරීම සඳහා හිටපු සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සැලසුම් කරන්නේ එතුමාගේ කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණය සම්බන්ධීකරණ කළ සමීප හිතවතෙකු වන ආචාර්ය මොහොමඩ් හෂීම් මොහොමඩ් රූමි (රූමි මොහොමඩ්) යන අය හරහාය. ඔහුගේ ඥාතී සහෝදරයන් මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ ව්‍යාපාර වල හිමිකරුවන් ය. උදාහරණයක් ලෙස, ඒ වන විටත්, රූමි මොහොමඩ් යන අය ගේ ඥාති සහෝදරයන් වන මුශ්තාක් ඉක්රම් සහ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්රම් යන දෙදෙනා මෙම ව්‍යාපාර වලට සම්බන්ධ වී ඇති අතර, මුශ්තාක් ඉක්රම් පී.සී.හවුස් (පුද්) සමාගමේ සමූහ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන අතර ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්රම් එහි අනුබද්ධිත සමාගමක් වූ පී.සී.ෆර්මා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ෆාර්ම්ඒස් (පුද්) සමාගමේ අධ්යක්ෂවරයා ලෙස කලින් සිටම ක්‍රියා කර ඇත. මේ සියළු සමාගම් ඖෂධ ව්‍යාපාරවල යෙදෙන සමාගම් වේ.
2015 ජනවාරි 8 වනදා ට පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසු කලින් නම් සඳහන් කළ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්රම් යන අය විසින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආශීර්වාදයෙන් සහ අනුග්‍රහයෙන් මෙම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා තවත් ඖෂධ සමාගම් 5 ක් ලියාපදිංචි කරන ලදී.
මෙම ‘ඖෂධ මාෆියාවේ’ අරමුණු පහසු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ සමීප හිතවතා වූ රූමි මොහොමඩ් යන අය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ධුරයට පත් කරන ලදී.
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම ඖෂධ මාෆියාවට ඔවුන් මුලින්ම ඇතුළුවන්නේ පියයුරු පිළිකා රෝගීන්ට දෙනු ලබන ඖෂධයක් වූ ‘ට්රස්ටුසුමැබ් එන්නත’, ‘හර්ටිකැඩ්’ යන වෙළඳ නාමයෙන් ‘ෆර්මාඒස් (පුද්) සමාගම’ට රුසියානු බයෝකැඩ් සමාගම වෙනුවෙන් සපයන්නට ටෙන්ඩරය ලබාදීමෙනි. ටෙන්ඩරය සඳහා සමාගම් 6 ක් මිළ ගණන් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ‘ෆර්මාඒස් සමාගම – රුසියානු බයෝකැඩ්’ වෙනුවෙන් අඩුම මිල ඉදිරිපත් කර තිබුණි. ඒ ‘හර්ටිකැඩ්’ වෙළඳ නමින් ඉදිරිපත් වන ‘ට්රස්ටුසුමැබ් එන්නත’ වෙනුවෙනි. මෙම ‘හර්ටිකැඩ්’ නම් ඖෂධය රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය ලැබෙන්නේ 2016-01-20 බවට එම ඖෂධය නිෂ්පාදනය කරන ‘බයෝකැඩ්’ වෙබ් අඩවියේ දක්වා ඇත.
සාමාන්‍යයෙන් පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක දී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) වෙත අදාළ ඉදිරිපත් කර ඇති ඖෂධවල සායනික ප්‍රතිපල සහිත නිර්දේශ වාර්තාවක් ලබා ගැනීමයි. ඒ අනුව, මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ද එවැනි විමසීමක් කළ යුතුව තිබූ නමුත්, එය සිදු නොකර අමාත්‍යාංශය විසින් සිදු කළේ ‘ජාතික ඖෂධ පාලන අධිකාරියේ’ නිර්දේශය මත පමණක් මෙම ඖෂධය ලියාපදිංචි කර, ‘හර්ටිකැඩ්’ නියෝජිතයා වූ ෆර්මාඒස් (පුද්) සමාගම වත මෙම ඖෂධ ටෙන්ඩරය ප්රදානය කිරීමයි. එහෙත්, ඊට පෙර වෛද්‍ය ක්ෂේත්රයේ විරෝධතා එල්ල විය. ඒ අතර ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ප්‍රධාන තැනක් ගනී. මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර තිබූ විවිධ වෙළඳ නාමයන්ගෙන් හැඳින්වූ ‘ට්රස්ටුසුමැබ්’ එන්නත් පිලිබඳ වෛද්‍ය විද්‍යානුකූල සංසන්දනයක යෙදී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් දෙකක් යවන ලදී. ඒ අනුව, ඔවුන් දක්වා සිටියේ ‘හර්ටිකැඩ්’ ඖෂධය රෝගීන්ට එන්නත් කිරීම තවම සුදුසු නොවන බවයි.
මෙකී වෛද්‍ය විද්‍යාත්මක විරෝධතා කිසිවක් නොසලකා, අවසානයේ අමාත්‍යවරයාගේ අනුග්‍රහය මත ‘හර්ටිකැඩ්’ එන්නත් 5000 ක් සඳහා රුපියල් මිලියන 990 ක් වටිනා ටෙන්ඩරය 2016 අග භාගයේ ප්රදානය කරන ලදී. එහෙත්, එම ටෙන්ඩරය ප්රදානය කළ ද, ‘හර්ටිකැඩ්’ ඖෂධය ආනයන කිරීම ප්‍රමාද කර, දේශීය වෙළඳ පළෙන් එය මිලදී ගැනීමේ ‘ජාවාරමක්’ ද ක්‍රියාත්මකය. ඒ අනුව 2016 මැයි සිට මේ වන තෙක් එන්නත් 2800 ක් රුපියල් 403,480,000/- ක් ගෙවා දේශීය වෙළඳපලෙන් මිලට ගෙන තිබේ. වසරාවසානය් ‘හර්ටිකැඩ්’ ෆාර්මෙස් විසින් ආනයනය කරනු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එන්නත් 5000 ක රුපියල් මිලියන 990 ක් වටිනා ඒ ටෙන්ඩරය මගින් මුළු වෙළදපොලේම එන්නත් අතිරික්තයක් නිර්මාණය කරනු ඇත. එවිට මෙම එන්නත ගෙන්වීමට ලබන වසර තුළද වෙනත් කිසිවෙකුට නොහැකිවන අතර ඒ අනුව ‘ෆර්මාඒස් (පුද්) සමාගමට’ 2017 සහ 2018 වසර දෙක සඳහාම සැපයුම වක්‍රාකාරයෙන් ලැබී ඇත.
‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ‘හර්ටිකැඩ්’ එන්නත සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම නිසා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔවුන්ගේ පළිගැනීම ආරම්භ වී ඇති බව පෙනේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම ඖෂධය නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ඇමතිවරයා නියෝග කර ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.
ඊට අමතරව, ඒ අනුව පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) හි සභාපතිනිය වන වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මියගෙන් මේ වන විට ‘හර්ටිකැඩ්’ ඖෂධය විවේචනය කළාට එරෙහිව දඬුවම් නොකර සිටීමට ‘නිදහසට කරුණු’ දක්වන ලෙස නියම කර ඇත.
පසුගිය වසර තුළ පමණක් ‘ෆර්මාඒස් (පුද්) සමාගමට’ වෙනත් පිළිකා ඖෂධ ද ඇතුළුව රුපියල් මිලියන 2,250/- ක ටෙන්ඩර ප්රදානය කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලු ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කරමින්, අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කර, රෝගීන්ට නුසුදුසු, රුපියල් මිලියන 1,500/- කට ආසන්න ඖෂධ තොගයක් මෙරටට ගෙන්වමින් මහා පරිමාණ දූෂණයක් සිදුකර ඇත.
( උපුටා ගැනීමකි )