රාජිත ,මිල්රෝයි සූදානමින් !

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    රාජිත ,මිල්රෝයි සූදානමින් !

    g1NJl67.jpg


    ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
    රාජිත සේනාරත්න මහතා සමඟ සබඳතා පවත්වන විපක්ෂ ක්‍රියාකාරිකයකු මේ බව තහවුරු කළේය.

    රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා පසුගියදා අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය විසින් මුත්තයියා පිටියේ සංවිධානය කළ රැලියේ සංවිධායකයෙක්ව කටයුතු කළේය.

    එමෙන්ම ජේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මේ වන විටත් දකුණු කකුල පෙරට තබා රාජපක්ෂ විරෝධී කඳවුරට යෑමට සූදානමින් සිටින බවත් වාර්තාවේ.

    මේ අතර තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඇමැති නිල නිවසින් බැහැර වීම සඳහා මේ වන විට බඩු බාහිරාදිය සූදානම් කරමින් සිටින බවය.

    ඊයේ ජනාධිපතිවරයා ආණ්ඩුවතුල ඇතිවී තිබෙන අර්බූදය සමතයකට පත්කර ගැනීම සඳහා ඔහුට අගමැතිකම ප්‍රදානය කිරීම සඳහා දැඩි උත්සහයක් ගනු ලැබූවද ඒ ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.


    Code:
    http://sinhala.theindependent.lk/index.php/news2/6783-2014-11-20-02-55-34
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ආණ්ඩුවෙන් කැඩී එන පිරිසට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයින්ද සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග කියයි. ඊට අමතරව එජාපයෙන් දෑත් ශක්තිමත් කිරීමට ගිය ඇමති මැති පිරිසක්ද යලිත් සිය මහ ගෙදරට පැමිණීමට නියමිතව ඇත. මෙම පිරිස අතර දැනට මාධ්‍ය මගින් අනාවරණය වී ඇති පරිදි රාජිත සේනාරත්න, වසන්ත සේනානායක, දුමින්ද දිසානායක , නවීන් දිසානායක, මහින්ද සමරසිංහ, රෙජිනෝල්ඩ් කුරේ හා මහාචාර්ය රජිව විජේසිංහ ඒ අතර වේ. මෙම පිරිස තවත් වැඩි විය හැකි බවයි විපක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ

    මේ අතර ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාට අගමැති ධූරය ලබා ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ කල ආරාධනය මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කළ බවද අනාවරණය වේ. පාර්ලිමේන්තුවේ රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ (19දා) විවාදයට ගත් අවස්ථාවේ එම අමාත්‍යාංශය භාර කැබිනට් ඇමැති නවීන් දිසානායක මහතා විවාදය මග හැර පාර්ලිමේන්තුවට නොපැමිණීම තීරණාත්මක දේශපාලන අවස්ථාවක් විය හැකි බවත් විපක්ෂයේ ආරංචි මාර්ග පවසනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොලිටිකල් නාට්‍ය කියන්නෙ මේවට තමයි බන්
    එහෙට එනවා මෙහෙට එනවා
    චන්ද්‍රිකාට කෙල වෙනකොට කට්ටිය රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතුඋනා
    ඊට පස්සෙ ආයෙත් කට්ටිය මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා
    උන් කරන්නෙ හැමදාම ඇමතිකම් අරගෙන ආතල් එකේ ඉන්න ට්‍රයි කරන එක බන්
    ඔහොම උන්ට චන්දෙ දෙන්න එපා
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පොලිටිකල් නාට්‍ය කියන්නෙ මේවට තමයි බන්
    එහෙට එනවා මෙහෙට එනවා
    චන්ද්‍රිකාට කෙල වෙනකොට කට්ටිය රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතුඋනා
    ඊට පස්සෙ ආයෙත් කට්ටිය මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා
    උන් කරන්නෙ හැමදාම ඇමතිකම් අරගෙන ආතල් එකේ ඉන්න ට්‍රයි කරන එක බන්
    ඔහොම උන්ට චන්දෙ දෙන්න එපා

    :shocked:

    Mal baba ge katha tharu 5i thamath :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    etthakota ithin Aith parana ewumma thamai ne. Hi hi... monawa unath api umbala paradi.oya panina ewun hamadama dinanna paththe
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    etthakota ithin Aith parana ewumma thamai ne. Hi hi... monawa unath api umbala paradi.oya panina ewun hamadama dinanna paththe
    අන්න මචං උඹ කියන කතාව
    ඔය වටේ ඉන්න උන් තමයි ගල්ම ආදෝ ටික
    උන්ව තමයි මුලින්ම ගෙදර යවන්න ඕනා
    ඊට පස්සෙ තමයි රටක් හදන්න ඕනෑම කෙනෙකුට පුළුවන්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කට්ටිය නම් දෙපැත්තටම පනියි.. පනින අය නවත්තන්න, වැට උඩ ඉන්න අය ඇදලා ගන්න ගොඩක් සල්ලි එහෙට මෙහෙට විසි වෙයි, තානාන්තර පොරොන්දු වෙයි.. ඒත් ඇත්තටම වෙන්න ඕන මේ රටේ ජනාධිපති කමට මොන මිනිහා ආවත් අසීමිත බලතල නැති, පුද්ගලවාදය නැති, වැඩපිලිවෙලක් වෙනුවෙන් කැපවෙන, කෙනෙක් රටේ නායකයා වෙන එක.. මිනිස්සු දැන් හරි මොලේ කල්පනා කරලා වැඩපිලිවෙලක් වෙනුවෙන් කැප වෙන්න ඕන..
    රට වෙනුවෙන් ගන්න කිසිම ලොකු තීරණයක් තනි පුද්ගලයෙක් හෝ, කිහිප දෙනෙක් ගන්නේ නැතුව, ඒ පිලිබඳව දැනුම තියෙන කමිටුවකින් වැඩි කැමැත්තට තීරන ගන්න ඕන.. විශේෂයෙන් ලොකු ව්‍යාපෘති වලදි..එතකොට දූෂන වංචා වලට ඉඩක් නැහැ..
    ඒ වගේ වැඩපිලිවෙලක් අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම අපිටත් සිංගප්පූරුව පහුකරලා යන්න බැරි වෙන එකක් නැහැ..

     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    පොලිටිකල් නාට්‍ය කියන්නෙ මේවට තමයි බන්
    එහෙට එනවා මෙහෙට එනවා
    චන්ද්‍රිකාට කෙල වෙනකොට කට්ටිය රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතුඋනා
    ඊට පස්සෙ ආයෙත් කට්ටිය මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා
    උන් කරන්නෙ හැමදාම ඇමතිකම් අරගෙන ආතල් එකේ ඉන්න ට්‍රයි කරන එක බන්
    ඔහොම උන්ට චන්දෙ දෙන්න එපා

    දේශපාලකයට විතරක් බැනලා වඩක් නෑ.. චන්දදායකයෝ විදියට රටේ මිනිස්සු හැමදාමත් කලේ /කරන්නේත් හොර මැර තක්කඩියන්ව පාර්ලිමේන්තුවට බත්පාර්සලයට මෝටර්සයිකල් එකට, අරක්කු බෝතලයට, සරමට බැනියමට, බොරු දේශප්‍රේමයට මිනිස්සු චන්දේ දෙනවා.... අද වෙනකොට මහින්දද පොදු අපේක්ශකයද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ හමෝම මුන් දෙන්නගේ බලපුලුවන්කාරකමට හෝ ඇතිහැකියාවට අනුව දිනයිද පරදියිද කියලා නෙවෙයි රටේ චන්ද දායකයා අන්තිම මොහොතේ මොන පිස්සුවක් කෙලීද කියන එකටයි... ඒ නිසා නිකරුනේ දේශපාලකයන්ට විතරක්ම බැනලා වැඩක් නෑ....
    අනික දැන් පනිනවා කියන්නේ ඒකාඪිපතිත්වය එපා කියලා ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පනිනවා කියන එකයි... ඊට පස්සේ එන චන්ද වලදී තමයි මුන්ව ප්‍රතික්ශේප කරන්වද තෝරගන්නවද කියන එක හිතන්න වෙන්නේ... දැනට පනින හැම එකාම වටිනවා...