රාවණාගෙ දුන්න

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    261549322_7c7b08c1e7.jpg


    අර වගේම ඉස්කෝලෙක අධ්‍යාපනේ ගැන හොයා බලන්න පරික්ෂක තුමෙක් ආවලු කොලඹින් ද කොහෙද… දැං මෙයා පංතියකට ගිහින් ලමයින්ගෙන් ප්‍රශ්න කරනවලු. “දැං මේ ලමයි සාහිත්‍ය, ඉතිහාසෙ ඉගෙන ගන්නවනෙ.. කියන්න බලන්න රාවණා ගෙ දුන්න කැඩුවෙ කව්ද කියල“ (මට මතක හැටියට රාවණාගෙ දුන්න තමා..)

    එකෙක්වත් හ්ම් නැහැල්ලු.. බැරිම තැන පරික්ෂක තුමා එකෙක්ව නැගිට්ටුවලු..

    “හා.. ඔය ලමය කියන්න බලන්න රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද?“ මේ ලමය බයේ ගැහි ගැහි කිව්වලු “අනේ සර් මම නං නෙමේ.. බොරුනං මේ සෝමෙගෙං අහන්න“

    පරික්ෂක තුමාට කලකිරුනලු.. එන්න කිව්වලු පංති බාර සර්ට.. කිව්වලු මේ කතාව.. මේ ලමයගෙං මං මෙහෙම ඇහුව, මේ ලමය මෙහෙම කිව්ව කියල.. එතකොට සර් කිව්වලු..

    “ එහෙම කිව්වට සර්, මට නං හොදටම විස්වාසයි ඕකම තමා ඔය වැඩේ කරන්න ඇත්තෙ.. ඕක මහ නාහෙට අහන්නෙ නැති එකා“

    පරික්ෂක තුමාට කුසුම් පොලා පැන්නලු (මල පැන්නලු) ගියාලු ප්‍රින්සිපල් ගාවට (ලොකු ඉස්කෝලෙ මහත්තය) කිව්වලු “බලන්න සර්, මම රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද ඇහුවම ලමය කිව්ව එයා නෙමේ කියල.. ඒ මදිවට පංති බාර සරුත් කියනව ඒකාමයි කරන්න ඇත්තෙ කියල.. මේ අයගෙ දැනුම නං හරිම දුර්වලයි“

    ලොකු සර් මෙහෙම කිව්වලු.. “සර් ඔහොම ඉන්න.. මං ඕකව ගෙනල්ල කෝටුමස් කරන්නං.. මිනිහ ඇත්ත කියයි.. ඕකුං මගෙ වේවැලට හොදටම බයයි.. මං හොයල දෙන්නං ඕක ඇත්තටම කඩපු එකා“

    පරීක්ෂකට ඇඩීගෙන ඇඩීගෙන ආවලු… මක් කරන්නද.. ඉහලට රපෝර්තු කරන්න කලිං ගියාලු පලාතෙ මංත්‍රී තුමා හදි ගැහෙන්න.. ඉස්කෝලෙ අඩුපාඩු පෙන්නල දීල මේ කතාවත් කිව්වලු.. “බලන්න මංත්‍රී තුමා.. මෙහෙම ගුරුවරු ඉන්නකොට ලමයින්ට මොකද වෙන්නෙ… රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද අහපුවම කිව්ව හතර බීරි කතා!!!“

    මංත්‍රීතුමා මෙහෙම කිව්ව කියල තමා ආරංචි..

    “පරික්ෂක තුමා.. මට ඔය නඩුව විසදන්න නං වෙලාවක් නෑ.. ඔබ තුමා දන්නවනෙ මගෙ රාජකාරි කන්දරාව.. ඔය කැඩිච්ච දුන්න කා අතේ හරි එවන්න.. මං අමාත්‍යංශෙං අලුත් දුන්නක් පාස් කරල දෙන්නං.. දැං හරිනෙ“

    පරික්ෂක තුමා පරික්ෂන ඉවත තමා හන්දියෙ කඩෙං ප්ලේන්ටියක් ගහල ගෙදර ගියාලු...
    .


    REP & Comment දල යන්න අමතක කරන්න එපා