රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය &#348

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය &#348

    රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය ගමන


    image_fb5914d3bf.jpg

    නයින් සා තේ වත්තේ මුදුනට ශ්‍රී පාද කඳුවැටිය පෙනෙන අයුරු
    image_ec2e92c256.jpg

    සප්ත කන්‍යා කඳු වැටිය



    මිනිසා යනු කුතුහලය දනවන බොහෝ දෑ සොයා යන්නට නිරන්තර උත්සාහයේ යෙදෙන සත්වයෙකු බව නොකිව මනාය.
    ඉතිහාසගත පුරාවෘත්ත මෙන්ම ඉතිහාසයේ බොහෝ ඉසව් ගවේෂණය කෙරෙහිද බොහෝ පිරිස් පෙළෙන්නේ ඒ නිසාවෙනි.
    ඒ නිසාම අපට අපේ කියා උරුමයක්, එසේත් නැත්නම් ඉතිහාසයක් ඇත.


    දීප වංශය, මහා වංශය, ථූප වංශය වැනි වංශ කථා ද ප්‍රවාදාත්මක කාරණාද වත්මන් සමාජ විෂයෙහි අදටත් කතා බහට ලක්වන්නේ ඒ නිසා යැයි පැවසීම සැබැවින්ම යුක්ති යුක්තය.


    ඇග කිළිපොළා යන කතා ප්‍රවෘත්ති නැති නම් කුතුහලය දනවන කතා අපේ සමාජයේ බොහෝ පිරිසක් අසන්නට කැමතිය.

    මේ කතාවට පාදක ​ෙවන රාවණා කතාව ද එසේමය.

    වසර ගණනාවක් පුරා රාවණා පිළිබඳ බොහෝ පුරා වෘත්ත අපේ සමාජය තුළ මුල් බැස ගෙන තිබේ.

    වරින්වර මාධ්‍ය තුළින්ද ඒ පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වී ඇත.

    මේ කතාවට පාදක ​ෙවන පරිසරය මෙන්ම හඳුනාගත හැකි සාක්ෂි මෙන්ම ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ විශ්වාසයන් පිළිබඳව තින්දු තීරණ ගැනීම ඔබට බාරකරමි.

    හුදෙක් සමාජ සම්මතයේ පිහිටා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බොහෝ පුරා වෘත්ත සත්‍ය බවට තහවුරු වූ අවස්ථා බොහෝය.

    image_7524147c10.jpg

    දඬු මොණරය ගුවන්ගත කළ බව කියන ස්ථානය යැයි පවසන ස්ථානය
    image_09cb2b07ce.jpg

    ප්‍රදේශයේ දමිළ පිරිස්

    image_a68d4fb15b.jpg

    සංචාරයට එක්වූ සෙසු පිරිස්



    එහෙව් පරිසරයක රාවණා විසින් සිය දඬු මොණර යන්ත්‍ර අහසට එසවීම හා ගොඩ බෑම සිදුකළේ යැයි මිනිසුන් විශ්වාස කරන එක්තරා භූමි ප්‍රදේශයක් පිළිබඳ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ පිරිස් වෙත කන වැකිණි.
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයින් සා තේ වත්තේ මුදුන යනු අපූරු පරිසර පද්ධතියකට නෑකම් කියන භූමි භාගයකි.


    බැලූ බැලූ තැන දකින්නට ලැබෙන මනස්කාන්ත පරිසර පද්ධතියේ සිට සිරිපා කඳු වැටියත් සප්තකන්‍යා කඳු වැටියත් මේ තේ වත්තේ මුදුනට ඉතා හොඳින් දර්ශනය වෙයි.

    මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකට වඩා උසකින් යුතු මේ සුවිශේෂී ස්ථානය වු කළී ප්‍ර​​ෙද්ශයේ ජීවත්වන ජනයාගේ විශ්වාසයන්ට අනුව රාවණාගේ දඬුමොණරය ගොඩ බස්සන ලද ස්ථානය ලෙස ඔවුහු හඳුන්වති.
    කිසියම් අසාමාන්‍ය ලෙස පිහිටන ලද රථයක රෝද දෙකක් එරී ගිය ආකාරයෙන් ගල් තලාවේ පවතින සටහන් දෙකක් මේ ගල් තලාවේ දක්නට ලැබේ.


    ස්වභාවික පිහිටීමක් යැයි කිසිවෙකුට කිව නොහැකි මේ පිහිටීම ගැලක් එරී ගිය අවස්ථාවක පොළොවේ පිහිටන රටාවන් ආකාරයෙන් කළුගලක් මත පිහිටා තිබේ.

    එක දිගට බොහෝ දුරක් විහිදී යන පරිදි පිහිටා ඇති මේ සටහන් දෙක වරෙක එක් ඉරක් හොඳින් පෙනෙන අතර අනෙක් ඉර නිසි ආකාරයෙන් පිහිටා නැත.

    ස්වභාව ධර්මයාගේ අචේතනික හා සචේතනික ක්‍රියාවන් හමුවේ කාලානුරූපීව යම් තරමකට හෝ එක් ඉරක් මැකී ගියා ​ෙවන්නට පිළිවන.

    image_e6900fc5f3.jpg
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ බැලු බැල්මට ඉවත නොදමා මෙම ස්ථානය පිළිබඳව ගවේෂණයක් සිදුකළ යුතු බවයි.


    කිලෝමීටර් හතක් පමණ අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කර නයින් සා තේ වත්තේ මුදුනට පැමිණි කළ මෙම ස්ථානය හමුවේ.

    ප්‍රදේශයේ ජීවත් ​ෙවන දමිළ පවුල්වල දැඩි විශ්වාසයක් බවට පත්ව ඇති මෙම ස්ථානය වැනි රාවණාට සම්බන්ධ බොහෝ ස්ථාන ලංකාවේ හමුවෙයි.

    ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රණමුරේ, නාරංගමුව, ලග්ගල පිරිස් ඔවුහු රාවණාගේ පරපුරේ අය බව කියා සිටිති.

    සමාජගත ප්‍රවාදයන් තුළ එල්බගෙන සිටින බොහෝ මිනිස්සු විශ්වාසයන් අනුව බොහෝ දේ විශ්වාස කරති.

    ඇතැම් විට විද්‍යාවට පවා හසු නොවන මෙවැනි සංසිද්ධීන් බැහැර කිරීමට වඩා වඩාත් පුළුල්ව ගවේෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    එහෙව් පසුබිමක බැලු බැල්මට කිසියම් අවශ්‍යතාවකට කපන ලද කැපුම් පාරක් දැයි මෙහි පළ​ෙවන ඡායාරූප දකින්නෙකුට සිතෙනු ඇත.

    ගල් තලාවේ කෙළවර තෙක් බොහෝ දුරක් මෙම පිහිටීම පවතින අතර එනිසාම මේ සම්බන්ධයෙන් අදාළ විද්වතුන්ගේ අවධානය යොමු විය යුතුය.






    විශේෂ ස්තුතිය

    දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතාට හා සංචාරය සඳහා එක්වූ සෙසු සැමට.

    නාඋල ඉන්දික අරුණ කුමාර
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    එරිච්ච ලයින් එකද ඔය තියෙන්නෙ?
    මන් හිතන්නෙ පොර රේසින් බයිසිකලේකද කොහෙද ගිහිල්ල තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    Ravana manusaayekda,yakshayekda,asura god kenekda,kauda kiyala hariyata dane nethuwa kohomada ravana kubera yaksha king gen ussapu wahane airport eka gena katha karanne.oka real wahanayakda nattan deva loka,asura loka wala pawitchi karana manussa loketa penne nethi wahanaykda kauda danne.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කිසිම evidence එකක් නැතුව, ඒ මදිවට පුරාවිද්‍යා දෙපාර්තු මෙන්තුවේනවත් කිසිම හොයගැනීමක් හෝ සදකයක්වත් ඉදිරිපත් නොකරපු නොකරපු දෙයක් කොහොමද බන් රවනාගෙයි කියන්නේ.
    ඔය වගේ බොරු වලට අහුවෙන්න එපා.මට මතකයි දැන් ටික කාලෙකට ඉසෙල්ලා ඔය TV ප්‍රෝග්‍රෑම් වලටත් ඔය රාවනා පිස්සෝ ගෙන්නලා පට්ට පල් බොරු ගැස්සුවා. එකෙක් රාවනා නැගිට්ටවන්න හදනව කිව්වා. අනේ මන්ද. අපේ රටට මේවගේ වෙන එක අහනත් දෙයක්ද බන් ඉතින්.

    බලපන් මේ ටික කාලෙකට කලින් ලංකාවේ රාවනා පිස්සේ දාපු comment එකක් .
    මුගේ profile එක පුරාම රාවනා .



    152f715.jpg
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කිසිම evidence එකක් නැතුව, ඒ මදිවට පුරාවිද්‍යා දෙපාර්තු මෙන්තුවේනවත් කිසිම හොයගැනීමක් හෝ සදකයක්වත් ඉදිරිපත් නොකරපු නොකරපු දෙයක් කොහොමද බන් රවනාගෙයි කියන්නේ.
    ඔය වගේ බොරු වලට අහුවෙන්න එපා.මට මතකයි දැන් ටික කාලෙකට ඉසෙල්ලා ඔය TV ප්‍රෝග්‍රෑම් වලටත් ඔය රාවනා පිස්සෝ ගෙන්නලා පට්ට පල් බොරු ගැස්සුවා. එකෙක් රාවනා නැගිට්ටවන්න හදනව කිව්වා. අනේ මන්ද. අපේ රටට මේවගේ වෙන එක අහනත් දෙයක්ද බන් ඉතින්.

    බලපන් මේ ටික කාලෙකට කලින් ලංකාවේ රාවනා පිස්සේ දාපු comment එකක් .
    මුගේ profile එක පුරාම රාවනා .



    152f715.jpg

    Shit! Lol. :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ඒක පාරක් බ්‍රේක්ගහල මෙහෙම නම් හැමදාම දණ්ඩ නවත්තන තැන කොහොම තියෙන්න ඇතිද?
    මෙන්න මෙතන තමයි සිංහලුන්ට වැරදුනේ .
    තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නවා .
    තමන් අත්දැකලා නැති හැමදේම බොරු කියල
    හිතීම තමයි මේකට මුල .
    රාවනා දඩුමොනරය හැමදාම නවත්තන තැන හදල තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් .
    රාම රාවනා යුද්දෙන් රාවන සිහිනැතිඋනාට පස්සේ කාලෙක
    තමයි වකන්ඩ වලට වයිබ්‍රේනියම් උල්කාෂ්මය වැටුනේ .
    ඕක ඉටකලින් උනානම් අනිවාර්යෙන්ම runway එක හදන්නේ වයිබ්‍රේනියම් වලින් . :nerd::nerd: