රාවණා_බොරුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාවණා කියලා රජෙක් හිටියේ නෑ - එල්ලාවල මේධානන්ද හිමි


බොහෝ දෙනා විශ්වාස කරන්නේ රාවණා යනු මීට වසර දහස් ගණනකට පෙර ලංකාව පාලනය කල බලවත් රජෙකු බවයි.

පොළොව දිගේ යාමට වාහන නිපදවා නොමැති කාලයක අහසින් යාමට රාවණාට දැනුම ලැබුනේ පිටසක්වලින් බව කියවේ.

එබැවින් රාවණා යනු පිටසක්වල ජීවීන් සමඟ සබඳතා පැවැත්වූ අයෙකු හෝ ඔහු පිටසක්වලින් පැමිණි ජීවියෙකු බව තවත් අයගේ මතයයි.

සීතාඑළිය, දොළුකන්ද, රූමස්සල කන්ද, වාරියපොල වැනි ස්ථාන අදටත් ඒවාට සාක්ෂි දරන බවට බොහෝ පිරිස් විශ්වාස කරන අතර තවත් අය පවසන්නේ රාවනා පුවත සත්‍යයක් නම් පොළව උසුලාගන සිටි බවට පැරණි මිත්‍යා කතා වල සඳහන් ඇට්ලස් යෝධයාගේ පුවතද සත්‍යයක් වියයුතු බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හින්දු රටක් බවත්, විජය, දේවානම් පියතිස්ස හා පණ්ඩුකාභය යන රජවරු ශිව භක්තිකයන් ලෙස සින්දු ආගම වැළඳගන රට පාලනය කළ බවට මහා වංශයට අනුව තහවුරු වන බවත් මඩකලපුව දිස්ත්‍රික් දෙමල ජාතික සංවිධානයේ මංත්‍රීවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා

ශිව භක්තිකයෙකු වූ රාවණාද ලංකාව පාලනය කල බව ඔහු පැවසූ අතර මර්වින් සිල්වා පැවසුවේ මහා රාවණා යනු ශ්‍රී ලංකාවේ සිටි සිංහල මහවිරුවෙක් බවත් රජවරුන් ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්වා විවාහ කර ගත් බැවින් ඒ කාන්තාවන්ට වඳින්න පුදන්න කෝවිල් හැදුවාට මේක හින්දු රටක් නොවන බවත්ය.

දෙමල සංධානයේ මංත්‍රීවරයෙකු රාවණා ශිව භක්තිකයෙකු පැවසූ නිසා එල්ලාවල මේධානන්ද හිමි හ හෑගොඩ විපස්සී හිමි පවසන්නේ රාවණා යනුවෙන් රජෙකු නොසිටි බවත්, එය මිත්‍යායා විශ්වාසයක් බවත්ය.

රාවනා කෙනෙක් හිටියේ නෑ- එල්ලාවල මේධානන්ද

රාමායනයේ හා මහා භාරතයේ "ලංකා" නම් වූ සඳහනක් තියනවා. නමුත් ඒ ලංකා කියලා සඳහන් වෙන්නේ අපේ ලංකාව නෙවෙයි. වෙනත් දූපතක් ගැන පටලවාගන මේ සංකල්පයක් හදාගන තියෙන්නේ.

රාවනා නම් රජ කෙනෙක් ලංකාවේ හිටියේ නෑ. රාවනා පුවත සනාථ කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් හමුවෙලා නෑ. ඒ නිසා එය ජනප්‍රවාදයක් පමණයි.

ඉන්දියාවේ සිට ආර්යයන් මෙරටට පැමින ඇත්තේ වයඹ දිග ඉන්දියාවෙන් මිස දකුණු ඉන්දියාවෙන් නෙවෙයි. මෙරටට පැමිණි ආර්යයන් තමන්ගේ දෙවි දේවතාවුන්ට වැඳුම් පිදුම් කලත් ඒවා හින්දු කෝවිල් ලෙස සඳහන් කළ නොහැකියි. විජය, පණ්ඩුකාභය හෝ දේවානම්පියතිස්ස යන රජවරු කිසි දිනෙක හින්දු ආගම ඇදහූ බවට සාධක හමුවන්නේ නෑ.

රාවණා මිත්‍යාව සැබෑවක් කිරීමට ගත් උත්සාහයක්- හෑගොඩ විපස්සී හිමි

රාවණා මිත්‍යාව සැබෑවක් කිරීමට යාමෙන් මෙවැනි අවදානමක් මතුවෙන්න පුළුවන්. රාවණා කතා පුවත යටින් සිටින්නේ රාමායි. ඒ නිසා මිත්‍යා ඉතිහාසයක් ගොඩනඟා ශූන්‍ය ඉතිහාසයක් ගෙන යෑමේ උත්සාහයකට අපේම පිරිස් දායකවීම කණගාටුදායකයි.

 

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔය මේදානන්දයා කියන විදිහට සිංහලු මේ ලංකාවේ හැමදාම හිටියේ නෑ. ලෝකේ ඕනම රටකට වසර දහදාහක් අතීතයට ගියොත් ඒ රටවල ඉන්නේ දැන් ඉන්න ජාතියට ආගමට අයිති මිනිස්සු නෙවෙයි.ඒ රටවල කතා කරන්නේ දැන් ඉන්න මිනිස්සු කතා කරන භාෂාව නෙවෙයි.ඉන්නේ මුලුමනින්ම වෙනස් ජාතියක වෙනස් බාෂාවක් කතා කරන මිනිස්සු.හින්දු කියලා ආගමක් තිබුනේ නෑ.හින්දු කියන්නේ ආගම් ගොඩක සංකලනයකින් මෑත කාලීනව හැදුන සංකල්පයක්.දැන් වගේ බොරු දෙවිවරු වසර දස දාහකට කලින් හිටියේ නෑ.මේ ලෝකය ඒ කාලේ පාලනය කරේ යක්ෂයො මිසක් වෙන කවුරුත් නෙවෙයි.ලංකාවෙත් හිටියේ යක්ෂයන් සහ නාගයන් කියන අය.නාගයන් කියන්නේ වෙස් මාරු කරන්න පුලුවන් ලස්සන මිනිස් රෙප්ටිලියන් හයිබ්‍රිඩ් එකක්.යක්ෂයො කියන්නේබලවත් තවත් ජීවීන්.