රාවණා_1_සමුගනී.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාවණා 1: "ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව" ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත



_105685621_raavana1.jpg



ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබ "ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට" කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සඳුදා (පෙබරවාරි 18) ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. එම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙම චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට නියමිත බවය.


_105685623_07e68aa6-fef9-49e7-9506-913b9cc4b7de.jpg



මෙම චන්ද්‍රිකාව මාධ්‍ය වෙත හඳුන්වා දීම පසුගිය සිකුරාදා (පෙබරවාරි 15) සිදුකෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ද ක්‍යුෂු තාක්ෂණ ආයතනයේදී (Kyushu Institute of Technology) පැවැත්විණි.


_105685624_ff421aeb-c7a6-4062-9d78-2bdb989de3b4.jpg





රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ සඳහන් කළාය.


_105685625_cf1f4da3-19c2-445a-bcef-69eb8340be78.jpg





ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.



_105685626_c7e964d6-4080-485c-a18f-ba73bc49726f.jpg





අරමුණු

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  1. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  2. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  3. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  4. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම.
  5. පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම
රාවණා තාක්ෂණය

මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. "රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.


දුලානි සහ තරිඳු



_105685627_2743416a-803a-4a14-a17a-a33afa952688.jpg





දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය.ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.


BBC NEWS







මේ සම්බන්ධයෙන් පල වූ පෙර පුවතට මෙතනින් යන්න.


http://www.elakiri.com/forum/showthread.php?t=1886641



 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලංකාවේ ඒ දෙන්නගේ දැනුමට හැකියාවට සහ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න තාක්ෂනය හොයා ගත්ත ලොව පුරා විද්‍යාඥයන්ට තමයි මේක අයිති කොහෙවත් යන රාවණයෙක් ට නෙවි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!! මේ දෙය සිද්දවුනේ උඹලගෙ රජයක් යටතේ කියල සතුටුවෙන්න පුළුවන් උඹට...
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ ඒ දෙන්නගේ දැනුමට හැකියාවට සහ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න තාක්ෂනය හොයා ගත්ත ලොව පුරා විද්‍යාඥයන්ට තමයි මේක අයිති කොහෙවත් යන රාවණයෙක් ට නෙවි.


    Well Said. අනිවා. ඕව කියන්න ගියාම ඉතින් එක එකා උලුක් කරන් එනවා නේ.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ලංකාවේ ඒ දෙන්නගේ දැනුමට හැකියාවට සහ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න තාක්ෂනය හොයා ගත්ත ලොව පුරා විද්‍යාඥයන්ට තමයි මේක අයිති කොහෙවත් යන රාවණයෙක් ට නෙවි.

    ehenam api Ranil Wickramasinghe kiyala damu :rofl::rofl::rofl::rofl:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ලංකාවේ ඒ දෙන්නගේ දැනුමට හැකියාවට සහ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න තාක්ෂනය හොයා ගත්ත ලොව පුරා විද්‍යාඥයන්ට තමයි මේක අයිති කොහෙවත් යන රාවණයෙක් ට නෙවි.

    ඒක එහෙම නෙවෙයි නේද ? හිතන්න ඔයා දරුවෙක් හැදුවාම නම දාන්නේ ඔයාට කැමති නමක්. මේ චන්ද්‍රිකාවේ අම්මයි තාත්තයි දෙන්නා වෙන්නේ හදපු දෙන්නා සහ ඒ දෙන්නට මග පෙන්වපු අය. ඔයා රාවනා විස්වාස නොකරනවා වෙන්න පුළුවන් ඒත් එයාලා විස්වාස කරනවා ඇති. ඉතින් එයාලා කැමති නමක් දාගත්තාම අපිත් ඒ නම භාවිතා කරන්න ඕන. එහෙම නේද ?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒක එහෙම නෙවෙයි නේද ? හිතන්න ඔයා දරුවෙක් හැදුවාම නම දාන්නේ ඔයාට කැමති නමක්. මේ චන්ද්‍රිකාවේ අම්මයි තාත්තයි දෙන්නා වෙන්නේ හදපු දෙන්නා සහ ඒ දෙන්නට මග පෙන්වපු අය. ඔයා රාවනා විස්වාස නොකරනවා වෙන්න පුළුවන් ඒත් එයාලා විස්වාස කරනවා ඇති. ඉතින් එයාලා කැමති නමක් දාගත්තාම අපිත් ඒ නම භාවිතා කරන්න ඕන. එහෙම නේද ?


    මචන් පොල්ගෙඩි සයිස් අකුරු ඕනේ නැහැ. තවම අපේ ඇස් හොඳට පේනවා. මේකට නම දාල තියෙන්නේ අඩුම තරමේ මේක හදපු ළමයි දෙන්නවත් නොවේ. අන්න එකයි කණගාටුවට කරුණ. රවණා කියන්නේ බෝනිකර තරුවක්. වෙන වදන් අනවශ්‍යයි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ ඒ දෙන්නගේ දැනුමට හැකියාවට සහ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න තාක්ෂනය හොයා ගත්ත ලොව පුරා විද්‍යාඥයන්ට තමයි මේක අයිති කොහෙවත් යන රාවණයෙක් ට නෙවි.

    අපේ පලයන් කලු සුද්දො.;).රාවණා කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්.අභයවකාශය දින්න කෙනෙක් .මේ යානයට මේ නම දීම පිලිබද කලුසුද්දන්ගේ ලේ කලවම් නැති විද්වතුන්ට මාගේ හදපිරි ප්‍රණාමය.........:yes::yes::yes:
     

    Similar threads