අපේ මිනිස්සුන්ගේ මහ ජරා පුරුද්දක් තියනවා කිසියම් දෙයක් දන්නවා නම් ඒක අපේ පරපුරේ /සනුහරෙන් පිට දෙන්නේ නෑ කියා වෙන කෙනෙකුට කියා දෙන්නේ නැති කුහක කමක්. ඒකට නිදහසට කරුණක් විදියට නුසුදුසු අයට ශාස්ත්රය යන එක වලකිනවා කියන එකත් කියනවා. කොහොමින් හරි ඔය කුහක වැඩෙන් වෙන්නේ අදාළ ශිල්පය, බොහෝ දෙනා දැන ගැනීමෙන් එය තවදුරටත් පර්යේෂණ තුලින් සංවර්දනය වීම වැලකීම හා පරපුර නැතිවීමත් සමග දැනුමත් වල පල්ලට යාම පමණයි. සිංහල වෙදකමේදී ඔය කුහකකම තිබ්බේ නැත්නම් අද එය ලෝකයේ හොදම වෙදකමයි. අවසානයේදී සිංහලයා යනු දැනුම් ලෝකයට කිසිවක් දායාද නොකළ හිස් ජාතියක්වීම වලක්වනු නොහැක. රා මදිල්ලත් එවැනිම ගුරු මුෂ්ටි තබා ගත් වටිනා ශිල්පයකි.




