still, this is not brutal enough.
හොස්ටල් එක ඇතුලේ රැග් කරනවා...
ලෙක්චර් ඉවර වෙලා හවස හොස්ටල් එනවා. ඊට පස්සේ රෑට කාලා යනකල් පැය 3-4 රැග්.
බැච් එකේ උන්ගේ නම ගම පවුලේ විස්තර මතක තියා ගන්න, මනෝ පුටු ගහන්න සින්නොන් ගේ පරිණත ටෝක්ස් (අපිට වඩා අවුරුද්දක් 2ක් වැඩිමල් උන්) අහන්න etc.
ඊට පස්සේ රූම් යනවා, පොඩි වෙලාවක් තියෙනවා ඇඳුම් හොද ගන්න, වගේ දේකට...
ආයෙත් රෑට සින්නො හොස්ටල් එනවා. රූම් කීපෙක උන් එක රූම් එකකට දානවා, ගොඩක් වෙලාවට ඇඳුම් නැතුව.
ආයෙත් නිදහස් අද්දීයාපනයේ වැදගත් කම, තෙල, විස්තර මතක තියා ගන්න, ඉතිහාසය etc වැරදි වලට මනෝ පුටු, කොන්දේ අමාරු, දනිස් අමාරු නිසා බැරි උන්ට හීටර් (වැලමිටි වලින් බිත්තියට ආනතව හේත්තු වීම), ෆ්‍රිජ් එකේ දැමීම (කබඩ් වලට දැමීම), ඇඳ යටට දැමීම (නම මතක නෑ ) etc මහා රෑ වෙලා තමා උන් යන්නේ. දැන් තමා තේරෙන්නේ නිදි මරවන එක තමා දරුණුම රැග් එක (sleep deprivation)
රෙදි පොට්ටනිය (බෙඩ් ෂීට්, කොට්ට, ඇඳුම්) ඔලුවේ තියාගෙන නෑම. මහා රෑ නෑම.
ටිකක් කල් යනකොට බෝංචි කැඩීම (දන්නෝ දනිති)
තව ටිකක් කල් යනකොට ෆිසිකල් (බැච් එකේ කොටස් විදියට) පැය කීපයක්. මුළු කාලෙම හෙළුවෙන්.
ලොකු වෙලාවක් එක තැන දිවීම, අත් කකුල් පාවිච්චි නොකර කාමරයක එක කොනක ඉඳන් අනිත් කොනට බද ගාගෙන යෑම. බෝංචි කැඩීම, සැන්විච් දැමීම (දන්නෝ දනිති), හඳ බැලීම (නම ෂුවර් නෑ still දන්නෝ දනිති) ඔය මතක ඒවා ටිකක්
දවල් කන්න හොස්ටල් ආවාමත් රැග්. මේස් පිටින් නාවනවා. (මම නම් කැමැත්තෙන් ගියේ, තනියෙමත් යනවා, දවල්ට නාල ෆ්‍රෙෂ් පිට ඉන්න පුළුවන්

)
හවස බැච් එකේ කෙල්ලෝ එක්ක රැග්.
not to forget during the entire time, abuse verbally.
ඊට පස්සේ අනන්ත රාත්‍රිය, ඉස්මුරුත්තා වෙනකල් කන්න දෙනවා, රෑ එළිවෙනකල් නානවා. සිරාවටම නානවා අතර මැද්දෙන් බැල්කනි එකට ගිහින් පවන් ගහනවා. (පට්ට සීතලයි)
ඊළඟ දවසේ හවස බකට්. (the fucking end)
ඔය මතක ඒවා ටිකක්. ලැට් වල වතුර බොන්න දෙන එක වගේ ඒවා නම් සිරාවටම උනේ නෑ. රැග් දෙන්න යන උනුත් අමර කට්ටක් කනවා. මට උකේ අමාරුවක් නැති නිසා මම ගියේ නෑ.
තමනුත් වද විඳගෙන අනිත් අයටත් හිංසා කරන එකේ තේරුමක් මට නම් තේරෙන්නේ නෑ.