රික්තයක් ඇතුලේ...

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අඩේ පට්ටයි .. මං ඔය විද්‍යාව සබ්ජෙක්ට් එකේ වැඩිය නැති නිසා මේ අහන්නේ ..
    එතකොට ඔය වස්තූන් දෙකේ ස්කන්ධය කීය වුනත් ගුරුත්වාකර්ෂණයෙන් ඔය වස්තුන් දෙකට යොදන බලය එක සමානයි ද ?

    නෑ මචන් ගුරුත්වාකර්ෂණයෙන් යොදන බලය වස්තුවේ ස්කන්ධය අනුව වෙනස් වෙනවා. ස්කන්ධය වැඩි වස්තුවකට වැඩි බලයකුත් ස්කන්ධය අඩු වස්තුවට අඩු බලයකුත් වශයෙන්. අපිට බෝලය බර වැඩියෙන් දැනෙන්නත් පිහාටුව සැහැල්ලුවට දැනෙන්නත් හේතුව ඒක.

    නමුත් අපිට පිහාටුව ලේසියෙන් එහා මෙහා කරන්න පුළුවන් හැබැයි බෝලයට ඊට වඩා වැඩි බලයක් අවශ්‍ය වෙනවා. මේ අනුව බෝලයේත් පිහාටුවෙත් වේගය වැඩිවීම (ත්වරණය) එකම අගයක් ගන්නවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අඩේ පට්ටයි .. මං ඔය විද්‍යාව සබ්ජෙක්ට් එකේ වැඩිය නැති නිසා මේ අහන්නේ ..
    එතකොට ඔය වස්තූන් දෙකේ ස්කන්ධය කීය වුනත් ගුරුත්වාකර්ෂණයෙන් ඔය වස්තුන් දෙකට යොදන බලය එක සමානයි ද ?

    :yes::yes: ස්කන්ධය බලපාන්නේ වායුගෝලයක් තුලදී පමණයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    balaya wenas..

    balaya F nam F=GMm/r^2

    wasthuwe skandaya wadi wddi balaya wadiy..

    නෑ මචන් ගුරුත්වාකර්ෂණයෙන් යොදන බලය වස්තුවේ ස්කන්ධය අනුව වෙනස් වෙනවා. ස්කන්ධය වැඩි වස්තුවකට වැඩි බලයකුත් ස්කන්ධය අඩු වස්තුවට අඩු බලයකුත් වශයෙන්. අපිට බෝලය බර වැඩියෙන් දැනෙන්නත් පිහාටුව සැහැල්ලුවට දැනෙන්නත් හේතුව ඒක.

    නමුත් අපිට පිහාටුව ලේසියෙන් එහා මෙහා කරන්න පුළුවන් හැබැයි බෝලයට ඊට වඩා වැඩි බලයක් අවශ්‍ය වෙනවා. මේ අනුව බෝලයේත් පිහාටුවෙත් වේගය වැඩිවීම (ත්වරණය) එකම අගයක් ගන්නවා.

    :yes::yes: ස්කන්ධය බලපාන්නේ වායුගෝලයක් තුලදී පමණයි

    අඩේ ... එල එල .. :D
    11.gif
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    :yes::yes: ස්කන්ධය බලපාන්නේ වායුගෝලයක් තුලදී පමණයි

    වැරදියි මචන්. උඹ ඕක හිතාගෙන ඇත්තේ අභයවකාශයේ ඉන්න ගගන ගාමින් පාවී පාවී ඉන්නවා දකින හින්ද වෙන්න ඇති.

    මුලින්ම ස්කන්ධයයි බරයි අතර පටලැවිල්ල ලෙහා ගමු.

    ස්කන්ධය කියන්නේ වස්තුවක් හැදිලා තියෙන පදාර්ථ ප්‍රමාණයට අදාළ මිනුමක් නමුත් බර එක මත යෙදෙන ගුරුත්වාකර්ශනයත් සමග වෙනස් වෙනවා.. උදාහරණයක් විදිහට පොළොවේදී බර කිලෝ එකක් විදිහට පෙන්වන සිනි කිලෝඑකක බර හඳට අරන් ගියොත් දැනෙන්නේ ග්‍රෑම් 166 ක් විදිහට. නමුත් සීනි ස්කන්ධය කිලෝ එකේ වෙනසක් නෑ.

    පෘථිවිය මගින් යෙදෙන ගුරුත්වාකර්ෂණය පොලවේ ඉඳන් තියෙන දුරත් සමග අඩු වෙනවා. ඒකට වායුගෝලයේ සම්බන්ධයක් නෑ අභයවකාෂගාමින්ට ගුරුත්වාකර්ෂණය නොදැනෙන්නේ ඔවුන් කක්ෂයක ගමන් කරන නිසයි.