

ස්කන්ධය බලපාන්නේ වායුගෝලයක් තුලදී පමණයි
වැරදියි මචන්. උඹ ඕක හිතාගෙන ඇත්තේ අභයවකාශයේ ඉන්න ගගන ගාමින් පාවී පාවී ඉන්නවා දකින හින්ද වෙන්න ඇති.
මුලින්ම ස්කන්ධයයි බරයි අතර පටලැවිල්ල ලෙහා ගමු.
ස්කන්ධය කියන්නේ වස්තුවක් හැදිලා තියෙන පදාර්ථ ප්රමාණයට අදාළ මිනුමක් නමුත් බර එක මත යෙදෙන ගුරුත්වාකර්ශනයත් සමග වෙනස් වෙනවා.. උදාහරණයක් විදිහට පොළොවේදී බර කිලෝ එකක් විදිහට පෙන්වන සිනි කිලෝඑකක බර හඳට අරන් ගියොත් දැනෙන්නේ ග්රෑම් 166 ක් විදිහට. නමුත් සීනි ස්කන්ධය කිලෝ එකේ වෙනසක් නෑ.
පෘථිවිය මගින් යෙදෙන ගුරුත්වාකර්ෂණය පොලවේ ඉඳන් තියෙන දුරත් සමග අඩු වෙනවා. ඒකට වායුගෝලයේ සම්බන්ධයක් නෑ අභයවකාෂගාමින්ට ගුරුත්වාකර්ෂණය නොදැනෙන්නේ ඔවුන් කක්ෂයක ගමන් කරන නිසයි.