රිචී බෙනෝ හා නින්දිත පන්දුව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රිචී බෙනෝ හා නින්දිත පන්දුව



    මේක ක්‍රිකට් ඉතිහාසයේ සිද්දවෙච්ච අදුරුම සිදුවීමක්. මට මේක දැකල පුදුම හිතුන. මහා විලිලජ්ජා නැති වැඩක්.

    copyright: w3lanka by Ajith Parakum

    ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක රිචී බෙනෝ අපෙන් සමු ගත්තේ ය.

    රිචී බෙනෝ ගැන කතා කරන විට ඔහුගේ නම ඉතිහාසයේ සටහන් වන එක් වැදගත් සිද්ධියක් ඇත.

    ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 1981 පෙබරවාරි 01දා මෙල්බෝන් පිටියේදී පැවැත්වුණු සීමිත ඕවර ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවෙන් තරගය සම කිරීම සඳහා නවසීලන්ත පිතිකරු වූ බ්‍රයන් මැකෙෂ්නි ලකුණු හයක් රැස් කළ යුතු විය.

    මේ අවස්ථාවේ නායක ග්‍රේග් චැපල් පන්දු යවන්නා වූ තම සොයුරු ට්‍රෙවර් චැපල්ට කීවේ අත යටින් පන්දුව යවන ලෙසයි. නවසීලන්ත පිතිකරුවාට එම පන්දුවට හයේ පහරක් එල්ල කිරීමේ හැකියාව නො තිබිණි.

    එය නීති විරෝධී ක්‍රියාවක් නො වුණත්, හොඳ ක්‍රීඩාශීලිත්වයක් නො වී ය. එ් පිළිබඳ රිචී බෙනෝ සිය පිළිකුල පළ කළේ මෙසේ ය:

    "one of the worst things I have ever seen done on a cricket field". (එය මා ක්‍රිකට් පිටියකදී දුටු නරක ම සිදුවීමක්.)
    "Everyone around Australia will have their own ideas on that. I don't expect anyone to agree with me." (ඕස්ට්‍රේලියාවේ කාටත් මේ ගැන තමන්ගේ අදහසක් ඇති. මම නම් කවුරුවත් මට එකඟ විය යුතු යයි බලාපොරොත්තු වන්නේ නැහැ.)
    "I think it was a disgraceful performance from a captain that got his sums wrong today, and I think it should never be permitted to happen again." (මා හිතන්නේ එය නායකයකුට නො ගැලපෙන අවමන් සහගත ක්‍රියාවක්. ඔහුට අද ගණන් වැරදුණා. මා හිතන්නේ එය නැවත සිදු විය යුතු නැහැ.)


    4.40 ඉදන් බලන්න