සමහර වෙලාවට මිනිස්සු ගැන පුදුම හිතෙනවා. මිනිහෙක්ට පුළුවන් හරි ලේසියෙන් තව කෙනෙක්ව දුකට පත් කරන්න. මිනිස්සුත් හරි ලේසියෙන් තව කෙනෙක් නිසා විඳවනවා. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි කෙනෙක්ට තමුන්ව දුකට පක් කරන්න පුළුවන් වෙන්නෙ ඒ අනිත් කෙනාත් ගැඹුරින් විඳවමින් ඉන්න නිසා කියන එක. වතුර කෝප්පයකට වතුර දාන්න පිරෙනකම් ම. පිරිලා ඉතිරුනාම මොකද වෙන්නෙ. ඒක කෝප්පෙන් උතුරලා හැලෙනවා. ඒ වගේ තමයි, විඳවන මිනිස්සු ඒ විඳවීමේ උපරිමයට ආවාම අනිත් මිනිස්සුන්වත් රිද්දනවා. ඒ වගේ කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ දඬුවමක් නෙමෙයි. මෙහෙම කියන්නෙ අපිව රිදවන අයට අපි දඬුවම් කරන නිසා. ඒක ශාරීරිකව වෙන්නත් පුළුවන් මානසිකව වෙන්නත් පුළුවන් වාචිකව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙක්ට කරන්න අවශ්‍ය මොකක් ද? ඔබට රිද්දන කෙනා ඔබෙන් බලාපොරොත්තුවෙන්නෙ ඔබ විසින් ඔහුය හෝ ඇයව රිදවීම නෙමෙයි. ඔබගේ උදව්ව. ඔහු හෝ ඇය ඔබව රිද්දන්නෙ ඒකෙන් සැනසීමක් ලැබෙයි කියලා හිතන්. එත් ඒක වෙන්නෙ නැහැ. මෙනිසා ඒ කෙනාට මෛත්‍රී කරන්න, කාරුණික වෙන්න. ඒකයි එයාට අවශ්‍ය වෙන්නේ.