උබට තේරුම් කරන්න මම ඉතාම සරලව කියන්නම්කො මෙහෙම.. රුපියල් කියන්නේ කැකුළු හාල් කියලා හිත්හන්කෝ.. ඩොලර් කියන්නේ බාස්මති හාල් නම්. උබ කුබුරක් වපුරනවා කැකුළු හාල්.. උබේ එහා ගෙදර පොන්ස් උබේ සයිස්ම කුබුරක් වපුරනවා හැබැයි, ඌ ඉහින්නේ බාස්මති.. දැන් තොපි දෙන්නම එක විදියට තෙල්, පොහොර ගහලා මහන්සිවෙලා කුබුර කොටනවා.. හදිස්සියේ ඉඩෝරයක් ඇවිල්ලා උබලා දෙන්නගෙම කුබුරෙන් බාගේ ගානේ ලොස්ට් වෙනවා. දැන් උබටත් දුකයි. අරුටත් දුකයි.. උබ ගහපු පොහොර, උබ ගහපු තෙල් උබ වියදම් කරපු සල්ලිමයි අරුත් වියදම් කලේ.. දැන් අස්වැන්න කපපුවහම උබට හාල් ගොඩයි. අරුට හාල් පොඩ්ඩයි. එත් ඌ ආතල් එකේ ඉන්නවා. උබ වැලපෙනවා ගැනී මරුන එකා වගේ කුබුර පාලු උනා කනකර උගස් උනා කියලා. ඒ කොහොමද එහෙම වෙන්නේ.. මාකට් එකේ උබේ හාල් කිලෝ එකකට තියන වටිනාකමයි. අරුගේ බාස්මති හාල් කිලෝවකට තියන වටිනාකමයි බලපුවහම, අරුට අස්වැන්න අඩු උනත් ලොකු ගානක් ගන්න පුළුවන්. උබට අස්වැන්න වැඩි උනත් එන ගාන අඩුයි. මොකද උබේ හාල් වලට වැලියු එකක් නැහැ. දන් උබේ ප්‍රශ්නේ බලපන්. කොහොමද රුපියල බහින්නේ, ඕනෑම දෙයකට අපි වැලියු එකක් දෙන්නේ නියතයක් සාපේක්ෂ කරලා. ඒ කියන්නේ මැණික් වලට වඩා ගණන් අඩුයි කළුගල්. ඒ කියන්නේ මැණික් තරම් කළුගල් දුලබ නැහැ. හදිස්සියෙවත් වෙන ග්‍රහලෝකෙකින් මැණික් උල්කාවක් කඩාගෙන වැටුනොත් ටොන් ගානට, මැණික් මාකට් එකට මොකද වෙන්නේ. එතකොට මැණික් කියන්නේ නතින්ග්. සුලබ දෙයක්. මොකද මාකට් එකේ ප්‍රමානේ වැඩියි.. ඒ වගේ තම රුපියල අච්චු ගහනවා කියන්නේ රුපියල් සංසරණය වන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඕනා තරම් බඩු තියනවා. එතකොට ඒකක ප්‍රයිස් එක අඩුයි.. වැලියු එකක් නැහැ.. උබට පඩි 30000ක් හම්බවෙනවා කියලා ලොකු ඉලක්කමක් කීවට වැඩක් නැහැ, එකෙන් ලොකු දෙයක් කරන්න බැරිනම් . වෙනිසියුලාව බලහන්. එහෙ රාත්තල් ගානට සල්ලි ඕනා කෝපි කෝප්පයක් බොන්න.. සල්ලි ප්‍රින්ට් කලාම වෙන්නේ අපනයනයක් නැහැ.. එන ආයෝජනයක් නැහැ.. එත් මිනිස්සුන්ගේ ලග සල්ලි තියනවා.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට සල්ලි තියනකොට වෙන්නේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට එක රුපියලකට කරන්න පුළුවන් දේ අඩු වෙනවා. මොකද ලංකාවේ මිනිස්සු රුපියල්වලින් පෝසත් නිසා ඔක්කොම බලනවා පාරිබෝගික බාන්ඩ ගන්න. නමුත් එහෙම බඩු ගන්න තරම් වත්කමක් නැහැ. ඒ කියන්නේ ඩොලර් ගන්න බැහැ.. එතකොට වෙන්නේ රටින් එළියෙන් ගේන බඩුවල ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ රුපියලේ අගය මත. මොකද ඇත්තටම රටේ වත්කමක් නැහැ රුපියලට බර තියන්න. සල්ලි ප්‍රින්ට් කරලා මිසක ආදායම් මත නෙමෙයි වටිනාකම තියෙන්නේ රුපියලේ..
hari uba kynne rupiyal thyagena innwata wada dollar thyagena inna ethakota value eka wadi kylane
mata thyena prashne exchange rate eka uda yanne khmada kyla rupiyal wadi unama





