රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අලි අපි ඇස් දෙකට දැකල තියෙනව, උන් සර්කස් වල බයිසිකල් පදිනව දැකලත් තියෙනව. රෝස පාට තීන්ත ඇඟට හැලුවනන් අලියෙක් රෝසපාට කරන්නත් පුළුවන්. වෙලාවට සර්කස් එකකින් පැනල ආපු තීන්ත නාපු අලියෙක් ඔය හරියේදී රුවන්වැලි සෑයේ හැප්පුනා වෙන්න බැරිද ?

    උඩ කතාවයි යට කතාවයි දෙක ගත්තම වෙන්න වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන්නෙ මොකද්ද ? ඔයා කවදාවත් දැකල නැති තියරියක් විතරක් වෙන සමාන්තර විශ්වයක ඉන්න දෙවියන්ගේ කතාව විස්වාස කරන්නයි, කිසිම මැජික් එකක් නැති ප්‍රායෝගිකව වෙන්න පුළුවන් කියල අපි හොඳටම දන්න අලියගේ කතාව විස්වාස නොකරන්නයි හේතුව මොකද්ද :baffled:

    :yes::yes::yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිවමාන බුදුහාමුදුරුවො වැඩ සිටපු කාලෙ සහ මේ කාලෙ කියන්නෙ දෙකක්නෙ , අද උන් වහන්සේ වඩින් නැනෙ, දෙයියන් වහන්සේල වගේ පිහිටට එනව කියල බුදු දහමෙ කියන් නැ. ඒක නිසා ඔය කතාව අරුත් සුන්.ආරක්ශ්ක ගාතා හොදයි බයට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිත දැඩි කර ගන්ඩ බුදු ගුන සත්යයි කියල හිත්ල යම් සත්යක් ක්‍රියාවක් කරන්ඩ පුලුවන් ඒත් ඒක සීමා සහිත දෙයක්, මම උඩදිත් කියුව සත්යක් ක්‍රියා කරල විබාග පස් වෙන්ඩ බැ ඒකට පාඩම් කරන්ඩම ඔනෙ, බුදු දහම කියන්නෙ දේවියන් වහන්සේ වගේ පිහිටට එනව කියන ආගමක් එහෙම නෙමේ ඒක වරද්ද ගන්ඩ එපා.

    උඹ ඉන්නේ එක මතේ. එක වෙනස් කරන පාටක් පෙන්න නැහැ. මට එක වෙනස් කරන්න ඕනෙත් නැහැ මචන්. උඹ උඹේ මතේ ඉදන් ගොඩ පලයන්. මම මගේ මතේ ඉදන් ගොඩ යන්නම්. හැබැයි හැබැයි උඹට බුදුරජාණන් වහන්සේ කිඋවහම මැවෙන්නේ නිකම් දැන් ඉන්න පොතෙන් උගත් මහාචාර්යවරයෙක් වගේ චරිතයක් නම් මම යන ගමන උඹට වඩා ඉක්මන්. මොකද මට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කල දේවල් සාදනය කරගන්න අවශ්‍ය නැහැ. මොකද සමහර දේවල් බුදු කෙනෙක්ට පමණක්ම ගෝචර වෙන දේවල්. අපැහැදිලි තැනක් තේරුම් ගන්න ඕනේ උනහම සංගරත්නයෙන් පැහැදිලි කර ගන්නවා. අනික මොන දැනුම තිබ්බත් බුද්ධ ශාසනයක පැවිදි වූ බුද්ද පුත්‍රයන්ට ගරු කිරීමක් නැති වෙන තැනකට උඹලව ගෙනල්ල උබට හරි බලන අයට හරි පවු පුරවන්න ඕනේ කමකුත් නැහැ. එහෙම කිවුවේ රාල දෙකට උඹ කිඋව දෙයක් නිසා.

    අවසානයට ජින්තකට අහල තිබ්බ දෙකට උත්තර දෙනවා නම්,
    රතන සුත්‍රය නැවත වරක් කියවලා බැලුවොත් අදහසක් ගන්න පුළුවන්. උතුම් බුද්ධ රත්න ධම්ම රත්න සඟ රත්නයේ සත්යානුභාවයෙන් සෙත් වේවා කියලයි රතන සුත්‍රයේ කියන්නේ. උඹට ප්‍රශ්නේ තියෙන්නේ බුදුගුණය තියෙන්නේ කොහෙද කියල නම් ලොකුවට හිතන්න එපා. උඹ එක විශ්වාස කරන්නත් එපා මම විශ්වාස කරන්නම්. ප්‍රයෝගිකව මට ගෝචර දෙයක් තර්ක වාද කරලා ඔප්පු කරගන්න හදලා ඔප්පු කරගන්න ඕනේ කමකුත් නැහැ. උඹ කැමති දෙයක් හිතා ගනින් මගේ තරහකුත් නැහැ.

    තව දෙයක්. සත්යක්ක්රියාවට අපේ හිත ශක්තිමත් කරනවාට වඩා දෙයක් සිද්ද වෙනවා. කලින් කිවුව වගේ රතන සුත්‍රයේ සත්යානුභාවයෙන් සෙත් වේවා කියන දේ බුද්ධ වචනයෙන්ම දේශනා කරලා තියන දෙයින් පැහැදිලි වෙනවා. ඒ වගේම එතනත් මුලින්ම තියෙන්නේ බුද්ධ නියෝගයක්. ඒ වගේම ඒ නියෝගය තියෙන්නේ පෙනෙන මනුස්සයන්ටත් නෙමෙයි නොපෙනෙන අමනුශ්‍යන්ට.

    http://www.lakehouse.lk/budusarana/2012/02/21/tmp.asp?ID=vision03

    ඒ වගේම චන්ද පිරිතේ වගේම සුර්ය පිරිතේ තියෙන්නේත් බුද්ධ නියෝගයක්.

    http://www.lakehouse.lk/budusarana/2012/05/20/tmp.asp?ID=vision02

    අපහු පොඩ්ඩක් කියවලා බලනවා නම් වටිනවා.

    තවදුරටත් සත්යක්ක්රියව ගැන කියනවා නම් අපි හැම පිරිතකින්ම කරන්නේ සත්යක්ක්රියාවක්. හැම පිරිතක් අවසානයේදීම

    එතෙන සච්ච වජ්ජේන සොත්ති මේ හොතු සබ්බධා.
    එතෙන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විසන්නතු.
    එතෙන සච්ච වජ්ජේන හොතු මේ ජයමන්ගලම්

    කියලා කියන්නෙත් ඒ නිසා තමා. බුදුරජන් වහන්සේ රතන සුත්‍ර දෙෂනාවෙනුත් කලේ සත්යක්ක්රියාවක්.

    පිරිත් වලින් කරන්න පුළුවන් දේවල් ගැන සැකයක් තියනවා නම් තව ටිකක් අපේ සිංහල සංස්කෘතිය ගැන වැඩිපුර හදාරන්න හොයලා බලන්න. මොකද මේ පිරිතකින් සෙත් පතන්නේ නිවන් දකින්නම නෙමෙයි. ඒ දේවල් ලවුකික ජිවිතයට අදාල දේවල්.

     

    Similar threads