රුසියානු යුද අභ්‍යාස

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු යුද අභ්‍යාස

    පසුගිය මාසයේදී රුසියාව විසින් සංවිධානය කල ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල(ආමි-2016) සාර්ථක නිමා වූ අතර මෙම මාසයේදී ඔවුන් රුසියාවේ දකුණු ප්‍රදේශයේ සහ ක්‍රිමියාවේ යුද අභ්‍යාස කිහිපයක් ආරම්භ කරන ලදි.2014 වර්ෂයේදී රුසියාව විසින් ක්‍රිමියාව සිය පාලනයට නතු කරගත්තේය.එම භූමිය ඊට පෙර අයත්ව තිබුණේ යුක්‍රේනයටයි.කෲස් මිසයිල,යුද ටැංකි,ගුවන් යානා සහ නෞකා යුද අභ්‍යාස පවත්ව භූමිය වෙත යැවුනේ මෙම මාසය ආරම්භයේදීය.

    පහත දැක්වෙන්නේ එම යුද අභ්‍යාසවලදී ලබාගත් ඡායාරූප කිහිපයකි.


    ක්‍රිමියාවේ වෙරළට හමුදා ගොඩබැස්සවීමේ මෙහෙයුමක නිරතවන රුසියානු නාවික හමුදාවේ නෞකාවක් සහ හෙලිකොප්ටර් පෙළක්,2016 සැප්තැම්බර් 9.

    l2gpTrF.jpg





    මෙම යුද අභ්‍යසයේදී සබ්මැරීනවලින්ද කෲස් මිසයිල දියත් කල බව වාර්තා වේ.

    fzwvlkX.jpg





    2015 වන විට රුසියානු නාවික හමුදාව සතුවූ නෞකා ගණන 172ක් බව පැවසේ.

    L8EwFCu.jpg





    රුසියානු ආරක්ෂක අමාත්‍යය සර්ජි ෂොයිගු(මැද)ජෙනරල්වරුන්ගේ ප්‍රධානි ජෙනරල් වැලෙරි ජෙරසිමොව්(වම්පස)සහ සංග්‍රාමික පුහුණු ප්‍රධානි ලුතිනන් ජෙනරල් ඉවාන් බුවායිට්සෙව් ක්‍රිමියාව ආසන්න කළු මුහුදු කලාපයේ සිටින අයුරු.

    vpOY1Fs.jpg





    පැරෂූට්කරුවන් මෙහෙයුම් පවත්වන ප්‍රදේශයට ගොඩබසින අයුරු.

    Nn92KDy.jpg





    ගොඩබෑමේ මෙහෙයුමක නිරතවන හෙලිකොප්ටරයක් සහ ඊට සහාය වන බෝට්ටුවක්

    MzK3E1t.jpg





    රුසියානු හෙලිකොප්ටරයක සිට මුහුදු පෙනෙන අයුරු.

    PfvVa5G.jpg





    යුද අභ්‍යාසය දකුණු රුසියාව මුල් කරගෙන පවත්වන අතර ඊට සෙබලුන් 120,000ක් පමණ සහභාගී වේ.

    YZV3SSM.jpg





    නෞකාවකින් පිටතට ගමන් කරන යුද ටැංකියක්

    Su8GWbo.jpg





    රුසියානු බලධාරීන්ට අනුව දෙනලද අවස්ථාවකදී යුද අභ්‍යාසය සඳහා 12,500කට වඩා සෙබලුන් සහභාගී නොවේ.ඒ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුවයි.

    yr9RGQd.jpg





    යුද අභ්‍යාසය සඳහා සහභාගී වන සෙබලුන් ගණන සැලකුව හොත් වසර ගණනාවකට පසුව රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය ලෙසද මෙය හැඳින්විය හැකිය.

    jUaPkpR.jpg





    මෙම යුද අභ්‍යාසය සඳහා රුසියාව එස්-400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති යොදාගෙන තිබිණි.

    h4b5xv6.jpg





    රුසියානු එස්යූ -34 බෝම්බ හෙළන යානා රටාවකට පියාසර කරන අයුරු.

    IFNxcqm.jpg





    රුසියානු ජෙට් යානා ගිනිදළු පිට කරන අයුරු

    5bhLxNC.jpg





    පැරෂූට්කරුවන් ගොඩබසින දර්ශනයක්.

    nvQpRfj.jpg





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Syco90 and Dath