පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්. කුමක් සිදුවේදැයි ඉදිරි මසදී බලා ගැනීමට හැකි වනු ඇත
