රුසියාවට තරහ ගිහින්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවට තරහ ගිහින්

    t7hECWk.jpg

    රුසියානු මගී ගුවන් යානා අනතුර ත්‍රස්තවාදීන් විසින් ඒ තුල ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇති බව අනාවරණය කරගැනීමෙන් පසු රුසියාව සිරියාව තුල ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

    මීට පෙර රුසියාව ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලද මේවන විට ඒ සඳහා උපාය මාර්ගික බෝම්බ හෙළන යානා යොදාගන්නා බව කියවේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශට අනුව බෝම්බ හෙළීමට යොදාගන්නා යානා වන්නේ ආදියයි.



    Ry7HyPU.png


    මෙම මෙහෙයුම්වලදී රුසියාව පළමුවරට ඔවුන්ගේ අහසේ සිට ගොඩබිම ඉලක්ක කරගෙන මුදාහරින මිසයිල පාවිච්චි කරන බවක් අසන්නට ලැබේ.මෙම මිසයිල 2012 වසරේ සිට රුසියානු හමුදා පාවිච්චි කරන මුත් මීට පෙර ප්‍රසිද්ධියේ පෙන්වා නොමැත.


    VfKOG4q.jpg


    පසුගිය ඔක්තෝම්බර් මස 31 දා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ මඟීන් 224 සිටි අතර එය තමන්ගේ ක්‍රියාවක් බව ISIS ත්‍රස්තවාදීන් මුලදීම පිළිගන්නා ලද අතර එක්සත් ජනපද බලධාරීන්ද එය ත්‍රස්ත ක්‍රියාවක් යැයි සැක පලකලහ.නමුත් පරීක්ෂණ රැසකින් පසුව රුසියානු බලධාරීන් එය ගුවන් යානය තුල ඇටවූ බෝම්බයක් පිපිරී යාමෙන් සිදුව ඇති බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ නොවැම්බර් මස 17 දාය.බෝම්බය නිපදවීමට කි.ග්‍රෑ. 1.5 පමණ භාවිතා කර තිබෙන බව රුසියානු ආරක්ෂක සේවය වන නිවේදනය කර තිබේ.





    එම් අනාවරණයෙන් පසුව විලැඩ්මීර් පුටීන් ජනපති මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ රුසියානු ජනතාව කෲර ලෙස ඝාතනය කල ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට සහාය දක්වන පාර්ශ්ච වලට ඔවුන් කල ක්‍රියාවේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවන බවත් වැරදිකරුවන් සොයා ගන්නා තෙක් ඔවුන් නොවතින බවත්ය.තවදුරටත් ඔහු කීවේ සිරියාවේ කරන මෙහෙයුම් දිගටම කරගෙන යනවා පමණක් නොව ඒවා තවත් ව්‍යාප්ත කරන බවත්ය.


    පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවර සමූල ඝාතනය සහ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදීන්ට එල්ල කරන ප්‍රහාර වැඩිකර තිබේ.






    Tupolev Tu-160

    ලොව විශාලතම ප්‍රහාරක යානාව මෙන්ම විශාලතම සුපර්සොනික් ගුවන් යානය සේම variable-sweep wing (මෙම ගුවන් යානාවල පියාපත් අකුලාගෙන මෙන්ම දිගහැරගෙනද යා හැකිය.එනම් පියාපත් වල පිහිටීම වෙනස් කල හැකිය)වර්ගයේ විශාලතම යානයද වේ.1987 සිට සේවයේ යොදවා තිබෙන මෙම යානය සෝවියට් දේශය නිර්මාණය strategic bomber වර්ගයේ අවසන් යානාවයි.මෙහි යාවත්කාලීන කල සංස්කරණය Tu-160M නම් වේ.


    tlanE7j.jpg




    Tupolev Tu-95MC "The Bear"

    මෙය ඇමෙරිකානු Boeing B-29 Superfortress යානයේ රුසියානු කාබන් කොපිය යැයි කියනු ලැබේ.1956 වසරේ සේවයේ යෙදවූ මෙම යානය තවමත් මෙහෙයුම් සඳහා යොදාගැනේ.වර්තමානයේ භාවිතවන අවරපෙතිවල උදව්වෙන් ගුවන් ගතවන එකම strategic bomber ගුවන් යානයද මෙයයි.

    lmY5QoG.jpg




    Tupolev Tu-22M

    බැක්ෆයර් නමින් නේටෝව හඳුන්වන මෙම යානය 1972 වසරේ සිට සේවය යොදවා තිබේ.සුපර්සොනික්,වෙනස්කල හැකි පියාපත් සහිත,දිගු දුර මෙහෙයුම් සඳහා යොදාගත හැකි මෙම යානා 100ක් පමණ රුසියාව සතු බව පැවසේ.

    OvRfmpa.jpg




    KH-101/-102

    මීටර් 7 දිග කිලෝ ග්‍රෑම් 2300ක් පමණ බර මෙම කෲස් මිසයිලය කිලෝමීටර් 2000-3000ත් දුරක් ගමන් කල හැකි සේ නිපදවා තිබේ.​

    txdiwhP.jpg


    6qk7iaC.jpg



    Source:rt.com

    -HarshaLulzSec-
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් අර සරණාගතයෝ එක්ක ආපු ISIS උන් ඇත්තේ යුරෝපා රටවල් ඇතුලේ
    :oo::oo::baffled::baffled:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් අර සරණාගතයෝ එක්ක ආපු ISIS උන් ඇත්තේ යුරෝපා රටවල් ඇතුලේ
    :oo::oo::baffled::baffled:

    :yes:
    යුරෝපයේ මුස්ලිම් සංක්‍රමණිකයෝ බහුතරය ඉන්න පැති ත්‍රස්තවාදීන්ට උන්ගේ ගෙවල් වගේ.ඊයේ ප්‍රංශයේ තවත් ත්‍රස්තවාදියෝ ටිකක් බෝම්බ පුපුරවගෙන වෙඩි තියාගෙන ප්‍රාණ ඇපකාරයෝත් තියාගෙන හිටියා කියන්නේ එහෙම පැත්තක නේ.ඒවගේ පැතිවල උන්ට සෑහෙන්න රැකවරණයක් තියෙනවා.

    ලංකාවේ උනත් එහෙමනේ.පාතාලකාරයෝ,කුඩු ජාවාරම්කාරයෝ වැඩි හරියක් හැංගිලා හිටියේ මාලිගාවත්ත පැත්තේ එහෙමනේ.

    ප්‍රංශයේ උනත් මුස්ලිම් බහුතරය ඉන්න පැතිවලට පොලිසිය ඉස්සර ගියේ සන්නද්ධ වෙලා,පොලිස් බලකායක් එක්කනේ.දැකලා ඇතිනේ පහුගිය කාලේ පැරිස් වල පාරවල් ගානේ වාහන ගිනි තිය තිය දේපල විනාශ කරගෙන හම්බයෝ පිස්සු නටපු හැටි.