රුසියාවට තරහ ගිහින්
රුසියානු මගී ගුවන් යානා අනතුර ත්රස්තවාදීන් විසින් ඒ තුල ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇති බව අනාවරණය කරගැනීමෙන් පසු රුසියාව සිරියාව තුල ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.
මීට පෙර රුසියාව ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන ඉස්ලාමීය ත්රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලද මේවන විට ඒ සඳහා උපාය මාර්ගික බෝම්බ හෙළන යානා යොදාගන්නා බව කියවේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශට අනුව බෝම්බ හෙළීමට යොදාගන්නා යානා වන්නේ ආදියයි.
මෙම මෙහෙයුම්වලදී රුසියාව පළමුවරට ඔවුන්ගේ අහසේ සිට ගොඩබිම ඉලක්ක කරගෙන මුදාහරින මිසයිල පාවිච්චි කරන බවක් අසන්නට ලැබේ.මෙම මිසයිල 2012 වසරේ සිට රුසියානු හමුදා පාවිච්චි කරන මුත් මීට පෙර ප්‍රසිද්ධියේ පෙන්වා නොමැත.
පසුගිය ඔක්තෝම්බර් මස 31 දා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ මඟීන් 224 සිටි අතර එය තමන්ගේ ක්‍රියාවක් බව ISIS ත්රස්තවාදීන් මුලදීම පිළිගන්නා ලද අතර එක්සත් ජනපද බලධාරීන්ද එය ත්‍රස්ත ක්‍රියාවක් යැයි සැක පලකලහ.නමුත් පරීක්ෂණ රැසකින් පසුව රුසියානු බලධාරීන් එය ගුවන් යානය තුල ඇටවූ බෝම්බයක් පිපිරී යාමෙන් සිදුව ඇති බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ නොවැම්බර් මස 17 දාය.බෝම්බය නිපදවීමට කි.ග්රෑ. 1.5 පමණ භාවිතා කර තිබෙන බව රුසියානු ආරක්ෂක සේවය වන නිවේදනය කර තිබේ.
එම් අනාවරණයෙන් පසුව විලැඩ්මීර් පුටීන් ජනපති මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ රුසියානු ජනතාව කෲර ලෙස ඝාතනය කල ත්රස්තවාදීන්ට සහ ඔවුන්ට සහාය දක්වන පාර්ශ්ච වලට ඔවුන් කල ක්රියාවේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවන බවත් වැරදිකරුවන් සොයා ගන්නා තෙක් ඔවුන් නොවතින බවත්ය.තවදුරටත් ඔහු කීවේ සිරියාවේ කරන මෙහෙයුම් දිගටම කරගෙන යනවා පමණක් නොව ඒවා තවත් ව්‍යාප්ත කරන බවත්ය.
පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවර සමූල ඝාතනය සහ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ත්රස්තවාදීන්ට එල්ල කරන ප්‍රහාර වැඩිකර තිබේ.
ලොව විශාලතම ප්‍රහාරක යානාව මෙන්ම විශාලතම සුපර්සොනික් ගුවන් යානය සේම variable-sweep wing (මෙම ගුවන් යානාවල පියාපත් අකුලාගෙන මෙන්ම දිගහැරගෙනද යා හැකිය.එනම් පියාපත් වල පිහිටීම වෙනස් කල හැකිය)වර්ගයේ විශාලතම යානයද වේ.1987 සිට සේවයේ යොදවා තිබෙන මෙම යානය සෝවියට් දේශය නිර්මාණය strategic bomber වර්ගයේ අවසන් යානාවයි.මෙහි යාවත්කාලීන කල සංස්කරණය Tu-160M නම් වේ.
මෙය ඇමෙරිකානු Boeing B-29 Superfortress යානයේ රුසියානු කාබන් කොපිය යැයි කියනු ලැබේ.1956 වසරේ සේවයේ යෙදවූ මෙම යානය තවමත් මෙහෙයුම් සඳහා යොදාගැනේ.වර්තමානයේ භාවිතවන අවරපෙතිවල උදව්වෙන් ගුවන් ගතවන එකම strategic bomber ගුවන් යානයද මෙයයි.
බැක්ෆයර් නමින් නේටෝව හඳුන්වන මෙම යානය 1972 වසරේ සිට සේවය යොදවා තිබේ.සුපර්සොනික්,වෙනස්කල හැකි පියාපත් සහිත,දිගු දුර මෙහෙයුම් සඳහා යොදාගත හැකි මෙම යානා 100ක් පමණ රුසියාව සතු බව පැවසේ.
Source:rt.com
-HarshaLulzSec-

Tupolev Tu-160

Tupolev Tu-95MC "The Bear"
මෙය ඇමෙරිකානු Boeing B-29 Superfortress යානයේ රුසියානු කාබන් කොපිය යැයි කියනු ලැබේ.1956 වසරේ සේවයේ යෙදවූ මෙම යානය තවමත් මෙහෙයුම් සඳහා යොදාගැනේ.වර්තමානයේ භාවිතවන අවරපෙතිවල උදව්වෙන් ගුවන් ගතවන එකම strategic bomber ගුවන් යානයද මෙයයි.
Tupolev Tu-22M
බැක්ෆයර් නමින් නේටෝව හඳුන්වන මෙම යානය 1972 වසරේ සිට සේවය යොදවා තිබේ.සුපර්සොනික්,වෙනස්කල හැකි පියාපත් සහිත,දිගු දුර මෙහෙයුම් සඳහා යොදාගත හැකි මෙම යානා 100ක් පමණ රුසියාව සතු බව පැවසේ.
KH-101/-102
මීටර් 7 දිග කිලෝ ග්‍රෑම් 2300ක් පමණ බර මෙම කෲස් මිසයිලය කිලෝමීටර් 2000-3000ත් දුරක් ගමන් කල හැකි සේ නිපදවා තිබේ.
Source:rt.com
-HarshaLulzSec-
Last edited: