රූප දැකලා දුකත් හිතිලා.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම නෙමෙයි මහත්තයො කියන්නෙ, රෝෂ් මහත්තයනෙ කියන්නෙ. :lol:

    ඔතන හැබැයි මෙහෙමයි...උබල නිකන් ඉන්නැතුව ඔය තියෙන ඔක්කොම වඩල බලන්න, නිකම් හිටියා කියලා එක පාර සෝවාන් වෙන්නැහැනේ
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කොහෙන් හරි ඉදල වෙලාවටම සෙට් වෙනව නේ.... :P
    ඔබතුමා දන්නවනෙ මම මීට වඩා involve වෙනව, අම්බානට වැඩ මේ දවස් වල... ඒත් මේ වගෙ එකක් මග අරින්නෙ කොහොමද? :D
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ආර්ය අස්ටාන්ගික මාර්ගයේ, සම්මා දිට්ටිය නැත්තම් ඉතුරු 7 න් එකක් වත් "සම්මා වෙන්නැහැ", මාර්ග චිත්ත වීතියේ ඔය 8 ම එක පාර පිහිටන්නේ "සම්මා දිට්ටිය" මුලින්ම පිහිටද්දිමයි

    ඔවා නන් ලීනියර්...එකක් වැඩිල අනෙක් එවා වැඩෙනව නෙවේ..එකටම ඔක්කොම වැඩෙන්නෙ..

    එත⁣කොට සද්ධානුසාරී පුද්ගලයා සම්බන්ධ තත්ත්වය කෙසේ ද?

    සොවාන් මාර්ග චිත්ත්වීතියෙදි කෙන කෙනාගේ එක එක චයිතසික ප්‍රමුක වෙන්න පුලුවන්..ශ්‍රද්දා ඉන්ඩ්‍රහිය ප්‍රමුක කෙනාට ශ්‍රද්දානුසාරි..ප්‍රජ්නා ඉන්ඩ්‍රහිය මුලික නම්, දම්මනු සාරි...අරුප ද්යානයක හිටියොත්, උබතොබොග... ඔය වගේ 7 ක් ඉන්නව මතක විදිහට

    මන් "සතිපට්ටානේ" කියන්නේ මොකක්ද කියලා දන්නත් සොවාන් වුනාට පස්සේ ඒ නිසා මන් intentionally වඩපු දෙයක් නැහැ, දැන් ඉස්සරහට intentionally මොකක්වත් වඩන්නෙ නැති වුනත් ඒක නිකම්ම වැඩෙනවා

    භාවිතා බහුලීකතා...

    දැන් ඊලග මාර්ග පලය ලැබෙන්නෙ මොන වෙලාවෙද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එකටම ඔක්කොම වැඩෙන්නෙ..

    ඒකනේ
    භාවිතා බහුලීකතා...

    ඔහොම පාලි බැහැ මට 🤣 තේරෙන්නැති බාසා වලින් ඇටැක් කරන්න ඔට්ටු නැහැ
    දැන් ඊලග මාර්ග පලය ලැබෙන්නෙ මොන වෙලාවෙද?

    "ඊලග මාර්ග ඵලය" කියන්නෙත් ශූන්ය දෙයක්නේ මගේ පන්නාවට
    ඉතින් එතනින්එ එහාට ඕක ඕක පංස්නයක් නෙමෙයි මට..
    (ඊලග මාර්ගඵලයක් නැහැ කියලා නෙමේ මම මේ කිව්වේ, ඔකට "තේරුමක් ඇති" උත්රයක් දීලා වැඩක් නැහැ)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔවා නන් ලීනියර්...එකක් වැඩිල අනෙක් එවා වැඩෙනව නෙවේ..එකටම ඔක්කොම වැඩෙන්නෙ..
    මෙන්න මේ concept එක ගොඩක් අය වැරදියට ගන්නව. ඔතන එකක් පස්සේ එකක් (ලීනියර්) කිව්වහම දන්නෙම නැතුව කාලයට අහුවෙල. ඔක්කොම එකට කිව්වත් කාලයට අහුවෙල නමුත් වෙන කියන්න විදියක් නැහැ, ඕක කාලයෙන් ස්වායක්තයි මගෙ හිතේ.

    ඒකනේ
    සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය නැද්ද එතකොට මහත්තයො? ;-)
    ------ Post added on Dec 19, 2024 at 12:33 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙන්න මේ concept එක ගොඩක් අය වැරදියට ගන්නව. ඔතන එකක් පස්සේ එකක් (ලීනියර්) කිව්වහම දන්නෙම නැතුව කාලයට අහුවෙල. ඔක්කොම එකට කිව්වත් කාලයට අහුවෙල නමුත් වෙන කියන්න විදියක් නැහැ, ඕක කාලයෙන් ස්වායක්තයි මගෙ හිතේ.

    ඕක කොහොම මොන වචනෙන් කිව්වත් දිටියකට අහුවෙනවා පෘටක්ජන අය, මාර්ගඵල ලාබින්ට ඕක හරි හතරැස් කිව්වත් ශුන්යයි, ලීනිය කිව්වත් ශුන්යයි

    සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය නැද්ද එතකොට මහත්තයො? ;-)

    ඕකටත් අර කලින් උත්තරේම තමයි, සෝවාන් වුනාට පස්සේ අවිද්යා භූමියේ තියෙන ප්‍රස්න එකකටවත් "තේරුමක් ඇති" උත්තර දෙන්න බැහැ,
    ඕකට මන් "තියෙනවා" කිව්වත් "නැ" කිව්වත් දෙකම අවිද්යාව
    ------ Post added on Dec 19, 2024 at 12:35 PM
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඒකනේ

    ඔහොම පාලි බැහැ මට 🤣 තේරෙන්නැති බාසා වලින් ඇටැක් කරන්න ඔට්ටු නැහැ

    බහුලව භාවිතා කරන්න කියන්නෙ...

    "ඊලග මාර්ග ඵලය" කියන්නෙත් ශූන්ය දෙයක්නේ මගේ පන්නාවට
    ඉතින් එතනින්එ එහාට ඕක ඕක පංස්නයක් නෙමෙයි මට..
    (ඊලග මාර්ගඵලයක් නැහැ කියලා නෙමේ මම මේ කිව්වේ, ඔකට "තේරුමක් ඇති" උත්රයක් දීලා වැඩක් නැහැ)

    බුදුන් කියන්නෙ නම්, රහත් උනාට පස්සෙ, ආයෙ කල යුතු දෙයක් නොමැත, බ්‍රාහ්මචරියාව අවසානයි කියල..

    “මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

    මේ කියන්නෙ, සොවාන් උන කෙනෙකුගෙ ඉතුරු වෙන සන්යොජන ටික නැති කරන්න මොනවද කරන්න ඕනෙ කියල..ඒ කියන්නෙ සොවන් උනාට පස්සෙ කරන්න ඕනෙ දේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බහුලව භාවිතා කරන්න කියන්නෙ...

    බුදුන් කියන්නෙ නම්, රහත් උනාට පස්සෙ, ආයෙ කල යුතු දෙයක් නොමැත, බ්‍රාහ්මචරියාව අවසානයි කියල..

    “මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

    මේ කියන්නෙ, සොවාන් උන කෙනෙකුගෙ ඉතුරු වෙන සන්යොජන ටික නැති කරන්න මොනවද කරන්න ඕනෙ කියල..ඒ කියන්නෙ සොවන් උනාට පස්සෙ කරන්න ඕනෙ දේ..

    මන් කිව්වේ කරන්න දෙයක් "සම්මා දිට්ටියට" හමුවෙන්නැහැ කියලා...
    සෝවාන් කෙනාට ඔය සතිපට්ටාන හෝ ඕන දෙයක් කරන්න පුලුවන්..කරත් නැතත්, සතිපට්ටානය වැඩිලා රහත් වෙනවා කියලා මන් කියන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මන් කිව්වේ කරන්න දෙයක් "සම්මා දිට්ටියට" හමුවෙන්නැහැ කියලා...
    සෝවාන් කෙනාට ඔය සතිපට්ටාන හෝ ඕන දෙයක් කරන්න පුලුවන්..කරත් නැතත්, සතිපට්ටානය වැඩිලා රහත් වෙනවා කියලා මන් කියන්නේ

    සොවාන් මාර්ග / පල චිත්ත වීති ඉවර උනාම, අයෙත් සන්නාවෙන තමයි වැඩ...කියන්න වචන, මාර්ග හැම දෙයක්ම ප්‍රජ්නාවෙන් අහුවෙන්නෙ නැ.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මන් කිව්වේ කරන්න දෙයක් "සම්මා දිට්ටියට" හමුවෙන්නැහැ කියලා...
    සෝවාන් කෙනාට ඔය සතිපට්ටාන හෝ ඕන දෙයක් කරන්න පුලුවන්..කරත් නැතත්, සතිපට්ටානය වැඩිලා රහත් වෙනවා කියලා මන් කියන්නේ
    කරත් නැතත් වෙනව නම් පටිපදාවක් පනවන්නෙ ඇයි?
    අර ඕඝ තරණ සූත්‍රය දඩ මීම කරගෙන කට්ටිය මොකුත් කරන්න ඕනි නැහැ කියනවනෙ, ඕඝය තරණය කළා කියන කෑල්ල conveniently හලල. ඕඝය තරණය උනා නමෙයිනෙ.
     
    hpalpola

    Well-known member
  • ඔවා නන් ලීනියර්...එකක් වැඩිල අනෙක් එවා වැඩෙනව නෙවේ..එකටම ඔක්කොම වැඩෙන්නෙ..

    සොවාන් මාර්ග චිත්ත්වීතියෙදි කෙන කෙනාගේ එක එක චයිතසික ප්‍රමුක වෙන්න පුලුවන්..ශ්‍රද්දා ඉන්ඩ්‍රහිය ප්‍රමුක කෙනාට ශ්‍රද්දානුසාරි..ප්‍රජ්නා ඉන්ඩ්‍රහිය මුලික නම්, දම්මනු සාරි...අරුප ද්යානයක හිටියොත්, උබතොබොග... ඔය වගේ 7 ක් ඉන්නව මතක විදිහට

    භාවිතා බහුලීකතා...

    දැන් ඊලග මාර්ග පලය ලැබෙන්නෙ මොන වෙලාවෙද?
    සද්ධානුසාරී තත්ත්වයෙදි සතිපට්ඨාන කතා නැහැ මට මතක විදියට. සතිපට්ඨානය වැඩුවත් නැතත් සද්ධාවිමුත්ත තත්ත්වයට එන්න පුළුවන්. එයාගේ ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව වැඩී.

    - සද්ධානුසාරී
    - ධම්මානුසාරී
    - සද්ධාවිමුත්ත
    - දිට්ඨිප්පත්ත
    - කායසක්ඛී
    - උභතොභාගවිමුත්ත
    - පඤ්ඤාවිමුත්ත

    මේ නිසා මේ දේවලුුුත් එක්කයි කතා කරන්න ඕනා. හැම දේම හැමෝටම පොදු නැහැ.

    "මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, විමොක්ෂය පිළිලබයි ද, මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි. (හෙ) ආර්යමාර්ගයට පිවිසියේ යැ. සත්පුරුෂ භූමියට බැස ගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්මයක් කොට නිරයට වේවයි, තිරිසන් යෝනියට වේවයි ප්‍රේත විෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්ම කරන්නට අභව්‍ය (නො නිසි) යැ, යම් තාක් සෝතාපත්තිඵලය සාක්ෂාත් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි."

    චක්ඛු සූත්‍රය
     
    මම දන්න විදිහට බුදුහාමුදුරුවන් පෙන්නන්නෙ නම්, එකායන මාර්ගය සතිපට්ටානය කියල..ඒකයන ට්‍රාන්ස්ලේට් වෙන්නෙ වන් ඇන් ඔන්ලි පාත්..

    සද්දානුසාරීට සතිපට්ටාන කතා නැ කියන්නෙ කුමක් හේතු කරගෙනද?
     
    hpalpola

    Well-known member
  • මම දන්න විදිහට බුදුහාමුදුරුවන් පෙන්නන්නෙ නම්, එකායන මාර්ගය සතිපට්ටානය කියල..ඒකයන ට්‍රාන්ස්ලේට් වෙන්නෙ වන් ඇන් ඔන්ලි පාත්..

    සද්දානුසාරීට සතිපට්ටාන කතා නැ කියන්නෙ කුමක් හේතු කරගෙනද?
    සද්ධානුසාරීන්ටත් සතිපට්ඨානය තියෙනවා. නමුත් සෝවාන් වෙන්න සතිපට්ඨානය අවශ්‍ය නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කරත් නැතත් වෙනව නම් පටිපදාවක් පනවන්නෙ ඇයි?
    අර ඕඝ තරණ සූත්‍රය දඩ මීම කරගෙන කට්ටිය මොකුත් කරන්න ඕනි නැහැ කියනවනෙ, ඕඝය තරණය කළා කියන කෑල්ල conveniently හලල. ඕඝය තරණය උනා නමෙයිනෙ.

    පටිපදා දාලා තියෙන්නේ පෘටක්ජන අයට
    සෝවාන් වෙලා රහත් වෙන්න හදිස්සි අයටත් ඇති
    මන් ඔය සූත්‍ර කියවලා නැහැ
    stream එකට එන්ටර් වුනහම කොහොමත් ගලන් යනවා, අපිට ඕන්නම් බලෙන් force එකක් දලා හයියෙන් ගිහින් ඉවර කරන්නත් පුලුවන්, මටනම් හදිස්සි නැ තාම 19, බැදලත් නැහැ 😏

    සොවාන් මාර්ග / පල චිත්ත වීති ඉවර උනාම, අයෙත් සන්නාවෙන තමයි වැඩ...කියන්න වචන, මාර්ග හැම දෙයක්ම ප්‍රජ්නාවෙන් අහුවෙන්නෙ නැ.

    සන්නාව කියන්නේ මොකක්ද දන්නැහැ..ඒත් කොහොම හරි අර උඩ අහපු ප්‍රස්නේ "යතා ස්වභාවය" මන් පන්නාවෙන් දැක්කහම ඒකට දෙන්න උත්තරයක්වත් ප්‍රස්නයක්වත් නැහැ තවදුරටත්, ඔතන අවුල ඔය ඔක්කොම අවිද්යා භූමියේ තියෙන එක, ඉතින් ඒක එහෙම දැක්කහම මට පනවන්න උත්තරයක් නැහැ
    ------ Post added on Dec 19, 2024 at 1:54 PM

    සද්ධානුසාරීන්ටත් සතිපට්ඨානය තියෙනවා. නමුත් සෝවාන් වෙන්න සතිපට්ඨානය අවශ්‍ය නැහැ.

    මම දන්න විදිහට බුදුහාමුදුරුවන් පෙන්නන්නෙ නම්, එකායන මාර්ගය සතිපට්ටානය කියල..ඒකයන ට්‍රාන්ස්ලේට් වෙන්නෙ වන් ඇන් ඔන්ලි පාත්..

    සද්දානුසාරීට සතිපට්ටාන කතා නැ කියන්නෙ කුමක් හේතු කරගෙනද?

    ඔතන ලොකුම අවුල, "සතිපට්ටානේ" සෝවාන් වෙන්න වඩන්න ඕනේ හෝ නැහැ කියන දෙකම ඔයාලා දෙන්නගේ මිත්යා දිට්ටි දෙකක් විතරයි, සම්මා දිට්ටියට පත් වුනාට පස්සේ ඔය වගේ ස්ට්ට්මන්ට්ස් පනවන්නේ අවිද්යාවෙන් කියලා දකිනවා, ඒකට ඉතින් සෝවාන් වෙන්නම ඕනේ, ඒකට ඔය හැම දේම කරලා බලන්න කියලා තමයි මන්නම් කියන්නේ, "නැහැ" තියලා නිකන් ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොදයි
    ------ Post added on Dec 19, 2024 at 1:59 PM
     
    Last edited:
    • Like
    Reactions: hpalpola

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔතන ලොකුම අවුල, "සතිපට්ටානේ" සෝවාන් වෙන්න වඩන්න ඕනේ හෝ නැහැ කියන දෙකම ඔයාලා දෙන්නගේ මිත්යා දිට්ටි දෙකක් විතරයි, සම්මා දිට්ටියට පත් වුනාට පස්සේ ඔය වගේ ස්ට්ට්මන්ට්ස් පනවන්නේ අවිද්යාවෙන් කියලා දකිනවා, ඒකට ඉතින් සෝවාන් වෙන්නම ඕනේ, ඒකට ඔය හැම දේම කරලා බලන්න කියලා තමයි මන්නම් කියන්නේ, "නැහැ" තියලා නිකන් ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොදයි
    ------ Post added on Dec 19, 2024 at 1:59 PM

    සොවාන් කෙනයි, පෘටක්ජනයයි දෙන්නම ඉන්නෙ දිට්ටියෙ (අවිජ්ජවෙ ). වෙනස තියෙන්නෙ සොවාන් කෙනා දිට්ටිය වැරදි කියල දන්නව, පෘතක්ජනය දන්නෙ නැ. එච්චරයි.

    ඔබතුමා ඔය කියන කතායි, පෘතක්ජනය කියන කතායි වෙනසක් නැ..දෙන්නම දිට්ටිගත වෙලා කියනව මිසක්, ප්‍රජ්නාවෙන් කියන්නෙ නැ. ප්‍රජනාවෙන් සත්ය දර්ශනය වෙන්නෙ එක චිත්ත වීතියයි...එතනින් එහා අයෙත් අවිජ්ජාසහගත උන සන්නාවෙන් තමයි හදුන ගන්නෙ...

    මෙහෙම හිතන්න..

    කෙනෙක් කලුවරේ කැලේ අතරමන් වෙලා පාරක යනව...කිසිම දෙයක් හිතාගන්න බැ...එක පාරටම අකුනක් ගහනව...ඒ අකුනත් සමගම පේනව..කැලෙන් එලියක් තියෙනව කියල...ඒ එලියට යන පාර හරි කියලත් ඒ ක්ශනයෙම පේනව...හැබයි අකුන ගහල ඉවර උනගමන් අයෙත් ඉන්නෙ අදුරෙමයි...හැබයි කැලෙන් පිටක් තියෙනව සහ යනමාර්ගය හරි කියල ප්‍රත්යක්ශයි...හැබයි..නිකන් යැවෙන්නෙ නැ...අකුන ගන්න කලින් පාරෙ ගියා වගේම ත්ව දුරටත් යන්න ඕනෙ....

    කැලෙන් එලියට ගිය කෙනාට තමයි අදුර අවසන් වෙන්නෙ, ගමන නිමා වෙන්නෙ...
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් කෙනයි, පෘටක්ජනයයි දෙන්නම ඉන්නෙ දිට්ටියෙ (අවිජ්ජවෙ ). වෙනස තියෙන්නෙ සොවාන් කෙනා දිට්ටිය වැරදි කියල දන්නව, පෘතක්ජනය දන්නෙ නැ. එච්චරයි.

    ඔබතුමා ඔය කියන කතායි, පෘතක්ජනය කියන කතායි වෙනසක් නැ..දෙන්නම දිට්ටිගත වෙලා කියනව මිසක්, ප්‍රජ්නාවෙන් කියන්නෙ නැ. ප්‍රජනාවෙන් සත්ය දර්ශනය වෙන්නෙ එක චිත්ත වීතියයි...එතනින් එහා අයෙත් අවිජ්ජාසහගත උන සන්නාවෙන් තමයි හදුන ගන්නෙ...

    මම කිව්වේ අවිද්යාව ඇතුලේ නෙමෙයි මන් ඉන්නේ කියන එක නෙමෙයි..අර අහපු ප්‍රස්න වලට මන් කොහොම උත්තරයක් දුන්නත්, ඒක අවිද්යාව කියලා කිව්වේ, දිට්ටිය වැරදියි කියලා දන්න නිසා තමයි "වැඩක් ඇති" උත්තරයක් නැහැ කිව්වෙ දෙන්න, මොන වචනයක් මන් කතා කරත් දිට්ටිගත වෙලා තමයි කියන්නේ, ඒත් ඒක අවිද්යාව කියලා දකින එක තමයි වෙනස
    පන්නාව වගේ වචන යූස් කරාට ඒවගේ හරි තේරුම් මන් දන්නැහැ
    කැලෙන් එලියට ගිය කෙනාට තමයි අදුර අවසන් වෙන්නෙ, ගමන නිමා වෙන්නෙ...

    ඔව්, ඒකට රහත් වෙන්න ඕනේ
    ඒත් අවිද්යාව මොකක්ද කියලා මන් දන්නවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මම කිව්වේ අවිද්යාව ඇතුලේ නෙමෙයි මන් ඉන්නේ කියන එක නෙමෙයි..අර අහපු ප්‍රස්න වලට මන් කොහොම උත්තරයක් දුන්නත්, ඒක අවිද්යාව කියලා කිව්වේ, දිට්ටිය වැරදියි කියලා දන්න නිසා තමයි "වැඩක් ඇති" උත්තරයක් නැහැ කිව්වෙ දෙන්න, මොන වචනයක් මන් කතා කරත් දිට්ටිගත වෙලා තමයි කියන්නේ, ඒත් ඒක අවිද්යාව කියලා දකින එක තමයි වෙනස
    පන්නාව වගේ වචන යූස් කරාට ඒවගේ හරි තේරුම් මන් දන්නැහැ

    ඔව්, ඒකට රහත් වෙන්න ඕනේ
    ඒත් අවිද්යාව මොකක්ද කියලා මන් දන්නවා

    සොවාන් උන කෙනත් ඉන්නෙ අවිජ්ජවෙන් නම්, එයාට රහත් වීම, ඊට අයත් මාර්ගය, ක්‍රියාකරකම..ඔය ඔක්කොම සත්යක් වෙන්න එපයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් උන කෙනත් ඉන්නෙ අවිජ්ජවෙන් නම්, එයාට රහත් වීම, ඊට අයත් මාර්ගය, ක්‍රියාකරකම..ඔය ඔක්කොම සත්යක් වෙන්න එපයි?

    සත්යක් වෙන්නැහැ
    අවිද්යාවේ හිටියට දන්නවා අවිද්යාවේ ඉන්නේ කියලා
    "මාර්ග" "කියාකාරකම්" " රහත් "වීම" කියන්නෙත් අවිද්යාවමයි කියලා දන්නවනේ

    ඔක නිකම් මේ වගේ...අර අකුන ගහපු වෙලේ මුලු කැලේම පේනවා...ආයේ කලුවර වුනත් කැලේ යතා ස්වභාවය මොකක්ද කියලා දන්නවා එවෙලේ ඉදන්, ආයේ එලි පත්තු වෙන්න ඔනේ නැහැ යතා ස්වභාවය මොකක්ද කියලා දැනගන්න @ek_rosh
    මේක හැබැයි එච්චර ගැලපෙන උදා නෙමෙයි

    ඔය එක එක වචන/ ඒ වගේ තෙරුම් මොන විදිහෙන් ආවත් ඒ එන්නේ අවිද්යාවම තමයි කියලා දන්න කෙනෙක්ට ඒවාට කොහොම රෙස්පොන්ස් කරත් එකයි

    දැන් ඔයා මාර්ගයක් ගැන කියද්දි, ඔය මාර්ගේ පලෝ කරනවද නැද්ද කියන එක මගේ කැමැත්ත, පලෝ කරත් නැතත් ඒ කියන්නේ අවිද්යාව කියලා මන් දන්නවා

    ඔක රහත් කිව්වත් එකයි මොකක් කිව්වත් එකයි
     
    Last edited: