මිනිසා පුදුම සතෙකි. නිදසුනකට එක් මිනිසකු, තවත් මිනිසකු දකිනවා යයි සිතන්න. ඒ මිනිසාගේ රූපය ගැන ආශාවක්, තරහක් හෝ උපේක්ෂා සහගත බවක් නිතැතින් ඇති වේ. මෙය ඇති වන්නේ දකින රූපය අනුව ය. තවත් මිනිසකු දකනවා යැයි සිතන්න. එවිටත් මෙලෙසම දැනෙනු ඇත. බොහෝවිට මිනිසකු හෝ සතකු දුටු විට ඒ රූපයේ යථා ස්වභාවය හැඟෙන්නේ නැත. බුද්ධ දේශනාව අනුව මිනිස් සිරුර කොටස් 32 කට බෙදා දැක්විය හැකි වේ. මිනිසා බවට පත්වන්නේ ඒ කොටස්වල එකතුවයි. නමුත් එසේ කොටස්වලින් මිනිසා හැදී ඇති බව සාමාන්‍ය ඇසට පෙනෙන්නේ නැත. එය පෙනෙන්නේ මනසට යි. මේ යථා ස්වභාවය නොපෙනීම නිසා බොහෝ දුක්සහිත තත්ත්වයන්ට මිනිසා පත් ව ඇති අයුරු දිනපතා අසන්නට දකින්නට ලැබේ.
