රූප දැකලා දුකත් හිතිලා.

hpalpola

Well-known member
  • මිනිසා පුදුම සතෙකි. නිදසුනකට එක් මිනිසකු, තවත් මිනිසකු දකිනවා යයි සිතන්න. ඒ මිනිසාගේ රූපය ගැන ආශාවක්, තරහක් හෝ උපේක්ෂා සහගත බවක් නිතැතින් ඇති වේ. මෙය ඇති වන්නේ දකින රූපය අනුව ය. තවත් මිනිසකු දකනවා යැයි සිතන්න. එවිටත් මෙලෙසම දැනෙනු ඇත. බොහෝවිට මිනිසකු හෝ සතකු දුටු විට ඒ රූපයේ යථා ස්වභාවය හැඟෙන්නේ නැත. බුද්ධ දේශනාව අනුව මිනිස් සිරුර කොටස් 32 කට බෙදා දැක්විය හැකි වේ. මිනිසා බවට පත්වන්නේ ඒ කොටස්වල එකතුවයි. නමුත් එසේ කොටස්වලින් මිනිසා හැදී ඇති බව සාමාන්‍ය ඇසට පෙනෙන්නේ නැත. එය පෙනෙන්නේ මනසට යි. මේ යථා ස්වභාවය නොපෙනීම නිසා බොහෝ දුක්සහිත තත්ත්වයන්ට මිනිසා පත් ව ඇති අයුරු දිනපතා අසන්නට දකින්නට ලැබේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෙල්ලෙක් ඉන්නව. එක මනුස්සයෙක් ඒ කෙල්ලව දැකල හරි ලස්සනයි කියනව. තව මනුස්සයෙක් ඒ කෙල්ලවම දැකල කැතයි කියනව. ඒ කෙල්ල එතකොට කැතයිද? ලස්සනයිද?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    මම මේ දවස් වල අභිදර්මය ගැන ටිකක් හොයනවා .. මේ දේවල් තියෙන්නේ අභිදර්මයේ නේද මචන් ..
     
    • Like
    Reactions: NRTG

    hpalpola

    Well-known member
  • මම මේ දවස් වල අභිදර්මය ගැන ටිකක් හොයනවා .. මේ දේවල් තියෙන්නේ අභිදර්මයේ නේද මචන් ..
    එහෙමත් කියන්න පුළුවන්. නමුත් ඕක නම් සාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: NRTG and san**

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිනිසා පුදුම සතෙකි. නිදසුනකට එක් මිනිසකු, තවත් මිනිසකු දකිනවා යයි සිතන්න. ඒ මිනිසාගේ රූපය ගැන ආශාවක්, තරහක් හෝ උපේක්ෂා සහගත බවක් නිතැතින් ඇති වේ. මෙය ඇති වන්නේ දකින රූපය අනුව ය. තවත් මිනිසකු දකනවා යැයි සිතන්න. එවිටත් මෙලෙසම දැනෙනු ඇත. බොහෝවිට මිනිසකු හෝ සතකු දුටු විට ඒ රූපයේ යථා ස්වභාවය හැඟෙන්නේ නැත. බුද්ධ දේශනාව අනුව මිනිස් සිරුර කොටස් 32 කට බෙදා දැක්විය හැකි වේ. මිනිසා බවට පත්වන්නේ ඒ කොටස්වල එකතුවයි. නමුත් එසේ කොටස්වලින් මිනිසා හැදී ඇති බව සාමාන්‍ය ඇසට පෙනෙන්නේ නැත. එය පෙනෙන්නේ මනසට යි. මේ යථා ස්වභාවය නොපෙනීම නිසා බොහෝ දුක්සහිත තත්ත්වයන්ට මිනිසා පත් ව ඇති අයුරු දිනපතා අසන්නට දකින්නට ලැබේ.


    මචන් දකින හැම කෙනාම කෑලි 32ක් කියලා දැක්කම කෙලෙස් නැති වෙනවා නම්, මිනිස් කෙස් වලින් හවරි හදන එවුන්ට කෙස් දැක්කම කෙලෙස් ඇති වෙනවා. දත් වලින් ඇට මාල හදන එවුන්ට දැක්කම කෙලෙස් ඇති වෙනවා. ඔය විදියට කෑලි වෙන්කලාට කෙලෙස් නැති වෙන්නෙ නැහැනෙ. දුගියට සඟබෝගේ හිස දැක්කම කෙලෙස් ඇති වෙනවා.


    අනික දකින හැම කෙනාම කෑලි 32ට බෙදලා මුකුත් නැහැ කියලා හිතලා, දෙමාපියන්, බුදුන්ට අවැඩක් කලොත් අර සාමාන්‍ය ලපයියෙක්ට කලා වගෙ නෙවෙයි. ආනන්තරීය පවක් පිරෙනවා.


    අනික උඹ කෑලි 32 කිව්වට දැන් 5 වසර දරුවත් දන්නවා කෑලි දහස් ගානකට බොඩියෙ කොටස් නම් කරන්න. ඊට අමතරව පරමාණු ක්වාක් මට්ටමෙනුත් එහාට පදාර්ථය බෙදනවා. උන් නිවන් දැකලා නැහැනෙ.


    මොනෞත්තක් උඹලා මේ කියනවද කියලා තේරෙන්නෙ නැහැ මචන්. දෙයියංගෙ පිහිටයි උඹලට.

    කෙල්ලෙක් ඉන්නව. එක මනුස්සයෙක් ඒ කෙල්ලව දැකල හරි ලස්සනයි කියනව. තව මනුස්සයෙක් ඒ කෙල්ලවම දැකල කැතයි කියනව. ඒ කෙල්ල එතකොට කැතයිද? ලස්සනයිද?
    ලස්සන කැත සැප දුක උපේක්ෂා මුකුත් රූපයෙ නැහැ.

    අපි රූපයෙ නැති ආශ්වාදය හිතේ හදාගෙන ඒක රුපයෙන් හොයනවා.

    අවිද්‍යාව කියන්නෙ ඕක නොදන්න කමට
    ------ Post added on Dec 17, 2024 at 10:40 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපි රූපයෙ නැති ආශ්වාදය හිතේ හදාගෙන ඒක රුපයෙන් හොයනවා.

    බාහිර රූපය පනවලා, ඒ රූපයේ යතා ස්වභාවය හොයනවා වගේ

    පෝස්ට් එකේ තියෙනවා වගේ "මනසින්" හෝ මොකකින් හරි කොටස් 32 දකින්න ඕනේ..ඒක තමයි යතා ස්වභාවය කියලා පෘටක්ජනයට හිතෙන්නේ අවිද්යාව නාලා ඉන්න නිසා

    මිනිසෙක්/ සතෙක් දකිද්දිම නිත්ය ආත්ම දිට්ටියෙන්, සංජා ටිකක් අවිද්යාවෙන් පනවලා ඉවරයි පෘටක්ජනයා, ඕක කැලි 32 නෙමෙයි 1000 බෙදුවත්..ඒ කෑලිත් නිත්ය ආත්ම දිට්ටෙයන් පනවන්නේ..ඒ පනවපු බාහිර ලෝකයට, පස්සේ අනිත්යයි, අනාත්මයි, දුක්කයි කියලා තව අලුත් තේරුම් පනවනවා නිත්ය ආත්ම දිට්ටියෙන්, කොහෙන් කොහොම මොන විදිහට කරත් මිත්යා දිට්ටියෙම තමයි

    යතා ස්වභාවය ශුන්යයි, කෑලි 32 වත්, "අනිත්ය" "අනාත්ම" "දුක්ක" (වචන අර්ථ) ස්වභාවයක්වත් යතා ස්වභවයේ නැහැ. වචන/ තේරුම්/ අර්ථ හමු වෙන්නෙ නැහැ, පෘටක්ජන මට්ටමේ ඉදන් කොහොම බැලුවත් යතා ස්වභාවය හම්බෙන්නැහැ, යතා ස්වභාවය කියලා හිතන් ඉන්න අලුත් මිත්යා දිට්ටියක් විතරයි සකස් කර ගන්නේ
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කෙල්ලෙක් ඉන්නව. එක මනුස්සයෙක් ඒ කෙල්ලව දැකල හරි ලස්සනයි කියනව. තව මනුස්සයෙක් ඒ කෙල්ලවම දැකල කැතයි කියනව. ඒ කෙල්ල එතකොට කැතයිද? ලස්සනයිද?
    ඔයා ඒ රූපය එක්ක ගැටෙනව
    ඔන්න ඔය ගැටීම නතර කරා නම් හරි
     
    • Like
    Reactions: Amith0424

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔයා ඒ රූපය එක්ක ගැටෙනව
    ඔන්න ඔය ගැටීම නතර කරා නම් හරි

    රූපය, රූපය ලෙස හම්බෙනකන් (අවිද්යාව තුල) ගැටෙන එක නතර වෙන්නැහැ, ගැටෙන එක සප්රෙස් කරන්න උත්සහ කරන්නෙත් ගැටෙන ගමන්ම තමයි

    ගැටෙන එක නවත්තන්න තවදුරටත් රූපයක් හම්බෙන්නැති වෙන්න ඕන, ඒ කියන්නේ අවිද්යාව නැති වෙන්න ඕනේ, එතකන් ගැටෙනවා
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    රූපය, රූපය ලෙස හම්බෙනකන් (අවිද්යාව තුල) ගැටෙන එක නතර වෙන්නැහැ, ගැටෙන එක සප්රෙස් කරන්න උත්සහ කරන්නෙත් ගැටෙන ගමන්ම තමයි

    ගැටෙන එක නවත්තන්න තවදුරටත් රූපයක් හම්බෙන්නැති වෙන්න ඕන, ඒ කියන්නේ අවිද්යාව නැති වෙන්න ඕනේ, එතකන් ගැටෙනවා
    මෙහෙම වෙන්නෙ නැහැ නේද මචං,

    ඇස + රූප >> වේදනා, සංඥා, සංකාර, විඥාන - මේ process එක නවත්තන්න පුලවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නැහැ, මේක බුදුන්ටත් පොදුයි (මචං @ek_rosh මේක සර්ව චිත්ත සාධාරණ කතාවක් මම ඊයේ දැක්ක)