රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොක&#3540

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොක&#3540

    වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින් යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් එකක් .
    63213955563088839163.jpg

    " අඩෝ !!!!!!! මොනවද බං කරන්නේ ......ෆෝන් එකට හෙන ගහලද ....ආන්සර් කරන්නැත්තේ ...... වැරදුනා .... කණට හෙනගහලද "
    " නෑ , ප@$%$ හෙන ගහලා ....... මොකටද කෝල් කලේ කියහංකෝ .."
    " අම්මට සිරි එතකොට උඹ දැන් බිසී ඈ ......... ආහ් .... අපිට ඒවා අදාල නෑ තව පැයකින් කොට්ටාවට වරෙන් ස්ටුඩියෝ එකෙන් අවුලක් මුං කලින් කියපු ගානට ට්‍රැක් එක ‍කරන් බෑ කියනවා "
    " හුටා ......... අයියෝ පැයකින් නම් බෑ බං තාම මූණ හේදුවෙත් න...............
    ( ඒ කථාව වැඩක් නෑනේ , තවපොඩ්ඩෙන් සේරම ලියනව . මට වුන සිද්දය වුනේ ගිහිල්ලා ආයෙත් 138 බස් එකෙන් ගෙදරට එනකොට )
    කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ල‍ලා වාඩිවුනේ ‍අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .
    තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි .
    මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ . මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත්‍ ‍තියෙන්නේ ලඟදී .
    තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
    දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....
    " අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .
    " ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
    " අම්මට සිරි ....... එහෙමද !!!! "
    " හ්ම් හ්ම් ..............."
    " මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
    " පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
    " සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
    " මොකා........" අනිකා මොල් වෙලා ගියා .
    " මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."
    අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .


    ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සු‍න්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.

    ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හෙහේ
    අඩේ නමක් දාන කොට හොන්ටද හිතලා දාන්න එපැයි නේබන