https://www.facebook.com/WeddingHubSriLanka/posts/1472485009484604
මේ දිනවල සමාජ ජාල හරහා වැඩිපුරම කතා වන්නේ මහනුවරින් වාර්තා වූ ලොව දිගම ඔසරි පොට (මීටර් 3880) සදහා වූ ගිනස් වාර්තාව පිලිබදවයි.
ඒ අතර ලොව දිගම විවාහ මංගල වේලය සඳහා වූ ගිනස් ලෝක වාර්තාව (මීටර් 6,072.23) පිලිබදව සොයාබැලිමට සිතුවෙමි.
ලොව දීර්ඝතම විවාහ මංගල වේලය සදහා වූ ගිනස් වාර්තාව 2016 දෙසැම්බර් 10 වන දින චීනයේ තායිපේහි, තායිතුං ප්රාන්තයේ චිෂාං හි පැපගෝ අන්තර්ජාතික රිසෝට් හි විවාහ මංගල උත්සවයකදී වාර්තා විය. Vivian Shun-Wen Cheng නැමති තායිවාන මනාලිය එම පුදුම සහගත ජයග්‍රහණය අත් කර ගත්තාය.
මෙම වේලය දිගින් මීටර් 6,072.23ක් විය (හෝ සැතපුම් 3.77).
වේලය මනාලියන්ගේ පියාගේ ලැබුණු තෑග්ගක් වන අතර මෙය මිනිසුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 3 කට වැඩි කාලයක් මහන්සි වී සිය දෑතින්ම නිම කරන ලදී. වේලය බොහෝ දුරට Organza රෙදි වලින් සෑදී ඇත.
මනාලියට ආධාර වීමට මිනිසුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඉන් බොහෝ දෙනෙක් ජොංන්ලි ජේෂ්ඨ උසස් පාසලේ සිසුන් වූහ.
ලෝකයේ දිගම මංගල වේලය සදහා සාක්ෂි දැරීමට ගිනස් ලෝක වාර්තාවල නියෝජිතයින් මෙම විවාහ මංගල්යට පැමිණ සිටියහ. ඇයගේ පුදුම ජයග්‍රහණය ඔප්පු කිරීමට මනාලියට සහතිකක් පිරිනැමිණ.