රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ

අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ පිළිබද කෙටි හැදින්වීමක්

11067487_350419001815349_623969359073443665_n.jpg

රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට දකින නෙතට සිතන සිතට ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි. උතුම් ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නො හැකි ය.
ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි විය යුතු ය. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝ යි. උන් වහන්සේ ගේ අතින් ලියැවුණු දහම් පොත් හුඟක් අදත් මේ දිවයිනේ දහම් සොඬුන් අතර දහම් දෙසමින් වැඩ ම කරති.
බණ්ඩාරගම ට නුදුරු රේරුකානේදී 1897 ජූලි 19 වැනිදා උපත ලැබූ රූබෙල් ගුණවර්ධන දරුවා සිය පියාණන් සමග හොරණ පොකුණුවිට බුරුම පන්සලට යාමට පුරුදු වී සිටියේය. එහි වැඩ විසූ විනයාලංකාර බුරුම නායක හාමුදුරුවෝ රුබෙල් ගේ පියාට පිනෙහි අනිශංස ගැන නිතර කීහ. ‘පුතේ මහණ වෙන්න කැමති නැද්ද’ යි පියා ඇසුවේය. රුබෙල් කැමති විය. අදට වසර 102 කට පෙර රූබෙල් තවත් 26 දෙනකු සමග පැවිදි වූයේ ය. ඔහුට චන්දවිමල යන නම ලැබිණ. රේරුකානේ චන්දවිමල පොඩි හාමුදුරුවෝ පැවිදි වී දෙවසරකට පසු සාමණේර විසිතුන් නමක් සමග බුරුමයට වැඩම කළහ. දෙවසරක් ගත වීමට පෙර උන්වහන්සේ බුරුම බසට හුරු වූහ. ගුරුවරයා අඳුරේ සිට අභිධර්මය උගන්වයි. ශිෂ්‍යයෝ ද අඳුරේ සිට කට පාඩමින් අභිධර්මය උගනිති. රේරුකානේ හිමියෝ අභිධර්මයත් භාවනා ක‍්‍රමත් මැනවින් හැදෑරූහ. දස වසරක්පුරා බුරුමයේ වැඩ සිටි උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වැනිදා බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලැබූහ.
1918 දී අප හිමියෝ ශ‍්‍රී ලංකාවට වැඩම කළහ. දස වසරක් මවුබිමෙන් පිටත විදේශයක වැඩ වුසූ උන් වහන්සේට සිංහල අමතකව තිබිණ. දෙමටගොඩ විශුද්ධාරාමයේ නතර වූ උන් වහන්සේ අරංගල සිරි ධම්ම හිමියන් ගෙන් සිංහල ඉගෙන ගත්හ. ඒ ආරාමයේ පැවැති අභිධර්ම පන්තිවල ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීමට අප හිමියනට සිදු විය. උන් වහන්සේගේ අභිධර්ම පාඩම් ජනප‍්‍රිය විය. ඒ ආරාමයේ වැඩ විසූ සිව් වසර තුළ උන් වහන්සේ මුළු ත‍්‍රිපිටකය ම හැදෑරූහ. පසු කලෙක අප හිමියෝ පානදුර වැල්ලබඩ ආරාමයේ වැඩ විසූ සමයේ පොත් ලිවීම ගැන සිතූහ. ඒ බොහෝ දෙනා ගේ ආරාධනය පරිදි ය. ‘සරල බසින් ගැඹුරු දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේ ඒ බසින් ම ලියන්නට පටන් ගත්තොත් බෞද්ධ ජනතාවට විශාල සේවයක් වේවි’ ඒ ආරාධනය අනුව 1926 දී උන් වහන්සේ ගේ් මුල් ම පොත ‘නිර්වාණ විනිශ්චය’ නමින්දොරට වැඩියේ ය. ඉන් පසු උන්වහන්සේ පොකුණුවිට බුරුම පන්සලට වැඩම කළහ. එහි නාහිමියන් බවට පත් වූ උන් වහන්සේ මුළු ජීවිතය ම භාවනාවට ලිවීමට සහ අරමට පැමිණෙන අමුත්තන් ගේ දහම් ගැටලු විසඳීමට ගත කළහ.
චතුරාර්ය සත්‍යය, විදර්ශනා භාවනා ක‍්‍රමය, බෞද්ධයාගේ අත්පොත, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, පාරමිතා ප‍්‍රකරණය, බෝධි පාක්ෂික ධර්ම විස්තරය, මංගල ධර්ම විස්තරය, පටිච්ච සමුප්පාද විවරණය, බුද්ධනීති සංග‍්‍රහය, අභිධර්මයේ මූලික කරුණු, අනුවාද සහිත අභිධර්ම සංග‍්‍රහය, පට්ඨාන මහා ප‍්‍රකරණ සන්නස, පෞරාණික සතිපට්ඨාන භාවනා ක‍්‍රමය, විනය කර්ම පොත, අභිධර්ම මාර්ගය, සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති ධර්ම විනිශ්චය, ශාසනාවතරණය, ප‍්‍රණ්‍යෙ¤පදේශය, සුවිසි මහා ගුණය, පොහොය දිනය, උපසම්පදා ශීලය, චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව, කෙලෙස් එක්දහස් පන්සියය, බෝධි පූජාව, නිර්වාණ විනිශ්චය, හා පුනරුත්පත්ති ක‍්‍රමය, උභය ප‍්‍රාතිමෝක්ෂය, යන දහම් පොත් සැදැහැවතුන් ගේ ආධාර සහිතව මුද්‍රණය වී රටට ගලා ගියේය. පොකුණුවිට ශ‍්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මේ පොත් නොකඩවා පළ කරති. පාඨකයනට අඩු මිලට සපයති. ඒ මණ්ඩලය සිදු කරන මෙහෙය ධර්ම කාමීන් ගේ ප‍්‍රසාදයට හේතු වෙයි.
ආදර්ශවත් උත්තම ජීවිතයක් ගෙවූ සාහිත්‍ය චක‍්‍රවර්තී පණ්ඩිත, ප‍්‍රවචන ෂශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ‍්‍රී සද්ධර්ම ශිරෝමණී, මහාචාර්ය රේරුකානේ චන්දවිමල අප ආචාර්යපාදයන් වහන්සේ 1997 ජුලි 04 වැනිදා අපවත් වී වදාළහ. උන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ලියු පොත් අදත් අපට දහම් දෙස යි.
මේ පිටුව හරහා ඔබහට ලබා දෙන්නේ ඒ අමා දහම් ගගේ සිසිලසයි ..! ඒ දහම් සිසිලෙන් නිවුනා වූ ඔබේ හදවතේ ඇති වෙන්නා වූ චිත්තප්‍රීතියෙන් ජනිත වෙන්නා වූ කුසලය උන් වහන්සේට නිවන් පිණිසම හේතු වාසනා වේවා යැයි අප හදවතේ පතුලෙන්ම අනුමෝදම් කරන්නෙමු ..!
සාධු සාධු සාධු
ඔබ සැමට තෙරුවන් සරණයි




මේ පිටුවට ඔබත් කැමති නම් ලයික් කරන්න :yes:

Ven.RerukaneChandawimala
 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    මෙන්න බලන්න උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු අවසන් කටයුතු සිදුවූ අකාරය. කොතරම් අර්ථවත්ද? කොතරම් ආදර්ශමත්ද?

     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සාදු.. සාදු.. සාදු
    මේ පින ඒ උතුම් ආමා දර්මය අවබොධ කරගැනිමට හේතු වසානා වේවා..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් කියවල තිබුනට මෙච්චර විස්තරයක් දැනන් හිටියෙ නෑ.. තෙරුවන් සරණයි.