රෝමානු ජේසු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උපුටා ගැනීම : http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html


    ඔන්න ඊයේ "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකෙන් අන්තිමට පොරොන්දු වුණු විදිහටම ඡත්ත මානවක ගාථාවල නිධාන කතාවත්, ඒක වර්තමානයේ භාවිතයට ආපු හැටි කියන වත්මන් කතාවත් කියන්න තමා ලෑස්තිය.

    බුදුන් දවස ඉන්දියාවේ හිටිය ඡත්ත කියන මානවකයා [මේ මානවකයා කියන්නේ තරුණයා කියන එක] දිසාපාමොක් ආචාරීන් සමීපයේ ශිල්ප හදාරලා අවසන් කරලා ගුරු පඬුරු අරන් එන්න තමන්ගේ නිවසට පිටත් වුණා. රන් කහවණු ගුරු පඬුරු විදිහට අරගත්තු ඡත්ත ඒවා ගුරුවරයාට භාර දෙන්න නැවතත් ගුරු ගෙදර බලා පිටත්වුණා.

    ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදුරජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.

    මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට සුගතිගාමී වෙන [දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන] පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.

    ඡත්ත බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදුරජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.

    මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.

    යෝ වදතං පවරෝ මනුජේසු
    සක්‍යමුනී භගවා කත කිච්චෝ
    පාරගතෝ බලවිරියසමංගි
    තං සුගතං සරණත්ථමුපේමි

    කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.

    රාග විරාග මනේජමසෝකං
    ධම්ම මසංඛත මප්පටිකූලං
    මධුර මිමං පගුණං සුවිභත්තං
    ධම්මමිමං සරණත්ථමුපේමි

    රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි

    යත්ථ ච දින්න මහප්ඵල මාහු
    චතුසු සුචීසු පුරිස යුගේසු
    අට්ථච පුග්ගල ධම්මදසාසේ
    සංඝමිමං සරණත්ථමුපේමි

    යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.



    අවසානයේදී බුදුරජාණන් වහන්සේට වැඳලා සමුගත්තු ඡත්ත ඉදිරියට යද්දී හොරු කණ්ඩායමක් ඇවිත් ඡත්තව මරා දාලා කහවණු ටික පැහැර ගත්තා. මේ අවස්ථාවේදී ඡත්ත තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් තුණුරුවන් කෙරෙහි සිත පහදවාගෙන සිටි නිසා ඡත්ත මරණින් පසුව දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. ඔන්න ඕක තමා අතීත කතාව.

    ඉතින් ඡත්ත මානවක ගාථා වර්තමානයේ භාවිතයට ආවේ මෙන්න මේ විදිහට. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගන්වන කාලේ පානදුරේ කුරුප්පුමුල්ලේ ඉපදුණු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාස කියලා ළමයෙක් විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා.


    ඉතින් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ යම්තාක් දුරකට හිත දියුණු කරලා තිබ්බ කෙනෙක්. ඒ හිමියන්ට පෙනිලා තියෙනවා මේ ජිනරාජදාස කියන ළමයා බුදුන් දවස හිටිය ඡත්ත කියන මානවකයා කියලා. මේ කරුණ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් තිබුණු පරමවිඥානාර්ථ සමාගමේ අයත් ඊට පස්සේ පිළි අරන් තිබුණා [ඔවුන්ගේ මතය අනුව ඕල්කට්තුමා පෙර භවයේ ධර්මාශෝක රජු ලෙසත්, ක්‍රිෂ්ණමූර්තිතුමා බුදුන් වහන්සේ සමීපයේ මෛත්‍රී බලදාස නමින් පැවිදිව සිටි කෙනෙක් බවත් දක්වා තිබුණා]

    ඉතින් කලින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් ගිය ඡත්ත මානවකයාට ඒකෙන් දෙව් ලොව යන්න තරම් පිනක් සිදුවුණු නිසාත්, පාසල නිමාවෙලා ගෙදර යන දරුවන්ට ආරක්ෂාවක් ලබාදෙන්නත් කියන අරමුණු මුල් කරගෙන ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ගේ අදහසක් අනුව ආනන්ද විද්‍යාලයේ ළමයින්ට පාසල නිමාවෙන වෙලාවට මේ ගාථා ගායනා කරන්න පුරුදු කරලා තියෙනවා.


    ඊට පස්සේ ඒ කාර්යය අනුගමනය කරපු අනෙක් පාසල්වලත් මේ විදිහටම පාසල නිමාවෙද්දී මේ ඡත්ත මානවක ගාථා ගායනා කරන්න පටන් අරන් තියෙනවා. අද වෙනකොට ලංකාවේ තියෙන හැම පාසලකම වගේම, [කිතුණු, හින්දු හෝ ඉස්ලාම් පාසල් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ හා ජාත්‍යන්තර පාසල්වල හැරුණු කොට] බෞද්ධ දහම් පාසල්වලත් පාසල් කටයුතු නිමාවෙනකොට ඡත්ත මානවක ගාථා ගායනා කරන ආකාරය අපිට දැකබලාගන්න පුලුවන්.

    මේ කතාවේ හිටපු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාසට මොකද වුණේ කියලා සමහරුන්ට ගැටළුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් කියන්නම්කෝ. එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනයට එංගලන්තය බලා පිටත් වෙලා තියෙනවා.

    එහෙදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් M.A. උපාධිය දක්වා අධ්‍යාපනය හදාරපු ජිනරාජදාස පසුව ලෝකයේ ආධ්‍යාත්මික දෑ පිළිබඳ දේශන පවත්වන දේශකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කාලෙදිම පරමවිඥානාර්ථවාදීන් ජගද්ගුරු ලෙස පිළිගෙන හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පුද්ගලික ගුරුවරයා විදිහටත් මෙතුමා කටයුතු කරලා තියෙනවා.

    අවසාන වශයෙන් මේ post එක සකසන්න සමුද්‍ර වෙත්තසිංහ විසින් රචනා කරපු "ආනන්ද මෛත්‍රය මහනාහිමියගේ අප්‍රකට ලිපි" කියන පොතත්, දහම් පාසල් 5 ශ්‍රේණි පෙළ පොතත්, හසන්ත හෙට්ටිආරච්චි සම්පාදනය කරපු "දොරමඬලාව සංවාදාත්මක හර සරණියේ" සංවාද ඇතුළත් පොතත් උපකාරී වූ බව ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.

    ප.ලි.:
    ඊයේ දාපු "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකේ link එක මුහුණු පොතටත් මම දැම්මා. මගේ හිතවත් අක්කා කෙනෙක් [එයා ක්‍රිස්තියානි] මට දොස් කියලා තිබ්බා. මම අන්තවාදියෙක් වෙන්න වගේ යන්නේ. මම ආගම්වලට අපහාස කරනවා. ඒක වැරදියි ආදී වශයෙන්.

    ඉතින් මම කිව්වා කෝකටත් post එක ආයි පාරක් කියවලා බලන්න. මේක නිකම් කතාවක් විතරයි. හරි නම් බෞද්ධයෝ තමා මාත් එක්ක වලියට එන්න ඕනේ මේ විදිහට බුදු ගුණ කියන ගාථාවක් වෙනස් කළාට කියලා. :)
     
    • Like
    Reactions: roma3547

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඉතින් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ යම්තාක් දුරකට හිත දියුණු කරලා තිබ්බ කෙනෙක්. ඒ හිමියන්ට පෙනිලා තියෙනවා මේ ජිනරාජදාස කියන ළමයා බුදුන් දවස හිටිය ඡත්ත කියන මානවකයා කියලා. මේ කරුණ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් තිබුණු පරමවිඥානාර්ථ සමාගමේ අයත් ඊට පස්සේ පිළි අරන් තිබුණා [ඔවුන්ගේ මතය අනුව ඕල්කට්තුමා පෙර භවයේ ධර්මාශෝක රජු ලෙසත්, ක්‍රිෂ්ණමූර්තිතුමා බුදුන් වහන්සේ සමීපයේ මෛත්‍රී බලදාස නමින් පැවිදිව සිටි කෙනෙක් බවත් දක්වා තිබුණා]

    :shocked::shocked:
    do you have any more info on this bro ??? more stories similar to this one ?? :):)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මට මතකයි අපේ එවුන් ඉස්සර චතුසුසු ජේසු කියනවා :lol::lol: පස්සේ සර් කෙනෙක් බෝර්ඩ් එකේ ලියලාම පෙන්නුවා හරියට කියන්න ඕනේ විදිය :sorry::sorry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මට මතකයි අපේ එවුන් ඉස්සර චතුසුසු ජේසු කියනවා :lol::lol: පස්සේ සර් කෙනෙක් බෝර්ඩ් එකේ ලියලාම පෙන්නුවා හරියට කියන්න ඕනේ විදිය :sorry::sorry:

    එහෙම නෙමෙයිද බං කියන්නෙ ? යකො අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගියා, 12 ක් දහම්පාසල් ගියා කවුරුත් වැරදියි කිව්වෙ නැනෙ බං ,, , :eek:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    එහෙම නෙමෙයිද බං කියන්නෙ ? යකො අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගියා, 12 ක් දහම්පාසල් ගියා කවුරුත් වැරදියි කිව්වෙ නැනෙ බං ,, , :eek:

    අම්මේ මේකේ අවුරුදු 12ක් දහම් පාසල් ගිය එකෙක් ගැන ඇහුවාමයි මේ :P හරියට කියන්නේ බං චතුසු සුචීසු කියලා :sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වර්ගපුර්නිකාව අංක 2 නොහොත් ඕල්කට් ‍බවුද්යාගේ හීනමානය................................