රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,667
    11,083
    113
    Colombo
    නම ගම සදහන් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා මාගේ මිතුරෙක් මා වෙත එවූ සත්‍ය සිදුවීක් ඇසුරෙන් සැකසූ සටහනකි...
    අපේ නැන්දා කෙනෙක් නැති උනා මේ ලඟකදි. ඒ නැන්දාගේ වයස අවුරුදු 84 ක් වෙනවා ඒ වෙනකොට. ඒ නැන්දා ගොඩක් පිංකම් කරලා තියෙනවා. ඒ වගේම පිංකම් වලට සහභාගී වෙලාත් තියෙනවා. නැති වෙන්න දවස් දෙක තුනකට කලින් ලඟම රෝහලට ඇතුලත් කලා අසනීප වුන නිසා. ඒ නැන්දාගෙ දුවලා සහ නෑදෑයො මාරුවෙන් මාරුවට දවල්ට සහ රෑට තනියට හිටියා. ඒ අතරේ අන්තිම දවසේ රෑ අපේ අම්මටත් තනියට ඉන්න අවස්ථාවක් යෙදුනා. ඒ වෙනකොට ඒ නැන්දාගේ අවසානය පෙනි පෙනී තිබුණේ. මොකද ඒ වෙනකොට කාත් එක්කවත් කතා බහ කිරීමටවත් නොහැකි වෙලයි තිබුණේ.
    මම එතකොට රට. ධර්ම දේශනා වල ඕනෑ තරම් මට අහන්නට ලැබුණා කෙනෙක් මරණාසන්න වෙනකොට අප කලයුත්තේ කුමක්ද කියලා.
    මම කිව්වා අපේ අම්මට , අම්මා පුලුවන් තරම් ඒ නැන්දට ඇහෙන්න පිරිත් කියන්න කියලා. ඒ වගේම විටින් විට ඒ දවස් වල කරපු පිංකම් මතක් කරවන්න කියලා. මොකද අපේ අම්මා එක්කත් ඒ නැන්දා පිංකම් වලට සහභාගී වෙලා තිබුණ නිසා ඒ කරපු පිංකම් මතක් කරවන්න ලේසි උනා.
    ඒ කිව්වා වගේම අපේ අම්මා එදා රෑ පිරිත් පොතක් බලාගෙන පිරිත් කියන්න පටන් ගත්තා.
    පිරිත් කියන්න පටන් ගන්නකොටම ඒ නැන්දා අමාරුවෙන් වගේ මුමුණමින් " එහෙම කොහොමද" කියමින් ඒ පිරිත් අමතක වෙන්න එක එක දේවල් කියන්න ගත්තා. දරුවෝ ගැනයි , දේපල ගැනයි, රත්තරම් බඩු ගැනයි. ඒත් එහෙම හරි නැන්දට කතාකරන්න පුලුවන් වුණ එක ගැන සතුටු වුණත්,එහෙම කියනකොට අපේ අම්මා කිව්වා " අක්කෙ, ඔය දේවල් අපි අරගෙන යන්නෙ නෑනේ ඔව්වා අනිත්‍යයි, මේ පිරිත් අහන්න" කියලා. ඒත් නැන්දා ඒ දේවල් ආයෙ ආයෙත් කියන්න ගත්තා. ඒ පිරිත් කියන එක වලක්වන්න. ඒත් අම්මා නැවතත් පිරිත් කියන්න ගත්තා.
    ඒත් එක පාරම ඒ නැන්දා අමාරුවෙන් මුමුණමින් කිව්වා "දඟලනවා වැඩියි " කියලා. අපේ අම්මා ඇහුවා කවුද දඟලන්නෙ කියලා. මොකද අම්මා හිතුවා අම්මට කියනවා කියලා. එතකොටම ඇස්දෙක ලොකු කරගෙන ඔලුව ටිකක් උස්සලා නැන්දා කිව්වා "මාරයා" කියලා. එතකොට අම්මා කිව්වා මදක් සිනාසෙමින්.. "එහෙනම් මාරයටත් ඇහෙන්න අපි පිරිත් කියමු "කියලා. අම්මා දිගටම පිරිත් කියාගෙන ගියා. එතකොටම නැන්දා නිශ්ශබ්ද වුණා. අපේ අම්මා හිතුවා එහෙනම් නැන්දා නැති වුණා තමයි කියලා. එතකොට අම්මා පිරිත් කියන එක නැවැත්තුවා. නවත්වන කොටම ඒ නැන්දා එකපාරම කිව්වා " ඇයි පිරිත් නැවැත්තුවේ , දිගටම කියන්න " කියලා. එතකොටම අපේ අම්මා සතුටින් දිගටම පිරිත් කියන ගමන්ම තව දුරටත් ඒ දවස් වල කල පිංකම් පවා මතක් කලා.
    "අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා .... ඒ හැමදේටම නැන්දා " ඔව් මට මතකයි " කියලා උත්තර දුන්නා. ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා. ඒ වෙලාවේදී රෝහලේ අනික් අයත් මේ වෙන දේවල් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
    ඊට පස්සෙ පහුවදා පාන්දරම නැන්දාගේ දරුවො ඇවිත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරවා අටපිරිකරක් නැන්දා අතින්ම පූජාකෙරෙව්වා. ඒ අවස්ථාවට රෝහලෙනුත් සහයෝගය ලැබුණා. ඒ වෙලාවෙ රෝහලේ හිටපු අය ඒ දරුවන්ට සහ නෑදෑයින්ට අපේ අම්මා කලින් දවසෙ රෑ කරපු දේ සතුටින් විස්තර කලා. ඒ දරුවොත් අපේ අම්මාට ස්තූති කලා. ඊට පස්සෙ අපේ අම්මා නැන්දාගේ දරුවන්ට නැන්දාව භාර දීලා ආයෙ ගෙදරට ආවා.
    පැය කීපයකට පස්සෙ නැන්දා නැති වුනා කියලා කෝල් එකක් ආවා. නැති වුණා කියලා දැනගත්තම හිතට දුකක් දැනුණා වගේම බොහෝ දෙනෙකුට හිතට සැනසීමකුත් ඇති වුණා. ඊට හේතුව නම් ඒ නැන්දා නැතිවෙන අවස්ථාවේ ඒ හිත සුගතියට යොමු වෙලා තිබුණ නිසා. රෝහලේ හිටපු අයත් අපේ නෑදෑයොත් බොහෝ දෙනෙක් අපේ අම්මා කරපු ඒ කාර්‍යය ගැන පැහැදිලා තිබුණා . මොකද ලෝභ සිතකින් තිබුණු ඒ හිත වෙනස් කිරීමට හැකිවීම පිලිබඳව. ඒ නැන්දා බොහෝ පිංකම් කරලා තිබුණ නිසා හිත සුගතියකට හරවන්න ලේසි වුණා. අපි හිතනවා අපේ නැන්දා සුගතියක ඉපදෙන්න ඇති කියලා.
    මේ සිදුවීම ගොඩක් දෙනෙකුට ආදර්ශයක් වෙයි කියලයි මේ විස්තරය මුහුණු පොතට එකතු කරන්න හිතුවේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,667
    11,083
    113
    Colombo
    🌹
    🌹
    🌹
    අප සැමගේම ජීවිතයේ අවසාන සිතුවිල්ල වන චුති සිත හා අප සැමටම විදීමට සිදුවන මරණාසන්න මොහොත
    🌹
    🌹
    🌹

    කාම, රූප හා අරූප යන භවාත්‍රයේ උපත ලබා ඇති සියලු සත්වයින්ට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු යම් දෙයක් වේද එය මරණයයි.
    .
    මනුශ්‍ය ලෝකයේ උපන් ඔබට හා මට මෙම මරණාසන්න මොහොත තරම් වැදගත් අවස්ථාවක් මුලු ජීවිතයේම නොමැත. මන්ද යත් තවත් කල්ප ගණනාවකට දුක උරුම කර ගනීද නැතහොත් සැප උරුම කර ගනීද යන්න තීරණය වනුයේ මෙම මරණාසන්න මොහොතේදීය.
    "ආයුෂ්මාච විඤ්ඤාණං" යනුවෙන් මරණයේදී ශරීරයෙන් බැහැර වන දේවල් තුනක් ගැන සදහන්ව ඇත. ඒවා නම් ආයුෂය, ශරීර උණුසුම හා විඤ්ඤාණයයි. මරණාසන්න මොහොතේදී විවිධාකාර කායික වේදනාවන්ට මුහුණ දීමට අප සැමට සිදුවනු ඇත. ජීවිතය ධර්මයෙන් ශක්තිමත් නැති වුවහොත් කායික වේදනාවට වඩා විශාල මානසික වේදනාවක් විදීමට අපට සිදුවනු ඇත. නමුත් අප සැම ධර්මයෙන් ශක්තිමත් නම් මරණයේදී අපට බියක් ඇති නොවන අතර කායික වේදනාවන් ද එමගින් යටපත් කල හැක. කෙනෙකුගේ ජීවිතයේ ඇති වන අවසාන සිතුවිල්ල වන්නේ මෙම චුති චිත්තයයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහල වන්නේ මෙම චුති සිත අනුවය. එනම් ඊලග භවය තීරණය වනුයේ මෙම චුති සිත අනුවය. මරණාසන්න මොහොතක්දී අප සැමට අප ඊලගට උපදින ස්ථානය කුමක්දැයි දැනගත හැකිය. යම් කෙනෙක් උපදින්නේ දිව්‍ය ලෝකයේ නම් ඔහුට දිව්‍ය රථ, දිව්‍ය විමාන හා දිව්‍යාංගනාවන් දර්ශනය වේ. යම් කෙනෙක් මනුලොව උපදී නම් ඔහුට මව්කුසක් හා තොටිල්ලක් ආදිය දර්ශනය වේ. යම් කෙනෙක් ප්‍රේත ලෝකයේ උපදී නම් ඝන අන්ධකාරයක් දර්ශනය වේ. යම් කෙනෙක් තිරිසන් ලෝකයේ උපදී නම් වනාන්තර හා තිරිසන් සතුන් දර්ශනය වේ. එමෙන්ම යම් කෙනෙක් නිරයේ උපදී නම් ඔහුට ලෝහ කල්දේරම්, මහා ගිනිජාලා ආදිය දර්ශනය වේ. මේ ආකාරයෙන් අප ඊලගට ඉපදීමට යන ස්ථානය අපට මරණයට පෙරම මරණාසන්න මොහොතක්දී දැන ගත හැක. එමෙන්ම යම් පුද්ගලයෙක් ඊලගට උපදින ස්ථානයන්ට අදාළව ආලෝක සංඥාද ඇත. යමෙක් දෙව්ලොව උපදී නම් සුදු පැහැති ආලෝකයක්ද අසුර ලොව උපදී නම් අප්‍රසන්න කොල පැහැයක්ද මිනිස් ලොව උපදී නම් කහ පැහැයක්ද තිරිසන් යෝනියේ උපදී නම් නිල් පැහැයද නිරයේ උපදී නම් දම් පැහැයද ප්‍රේත ලොව උපදී නම් රතු පැහැයද දර්ශනය වේ.
    .
    මේ සෑම උපතකටම බලපාන්නේ චුති චිත්තයයි. යමෙක් තම ජීවිතයේදී විශාල කුසල කර්ම කර තිබුණද චුති සිත සදහා ඉතා කුඩා අකුසල කර්මයක් බලපෑ හැකිය. මල්ලිකා දේවිය හා ධර්මාශෝක රජතුමා එයට හොදම උදාහරණ වේ. ඒ දෙදෙනාගේම චුති සිතේ අකුසල කර්මයක් බලවත් වූ නිසා ඉතා කෙටි කලකට දුගතිගාමී වීමට සිදුව ඇත. එමෙන්ම වසර පනහක් පුරා රජුගේ වධකයා ලෙස ක්‍රියා කල අයෙක් මහරහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කල කුසලය චුති සිතේදී ප්‍රභල වී දෙව්ලොව උපත ලබා ඇත. කෙතරම් කුසල් කලත් චුති සිතේදී කුඩා හෝ පවක් සිහි වුවහොත් දුගතිගාමී වීමට අපට සිදුවනු ඇත.
    .සෝවාන් ඵලයට පත් වීම ඉන් මිදීමට ඇති එකම මාර්ගය වේ. සෝවාන් කෙනෙකු ලග කොතරම් පෙර වැරදි තිබුණද එම කර්මවල අපායගාමී ශක්තිය නැති වී ඇති නිසා ඔහු කිසිදාකවත් සතර අපායට වැටෙන්නේ නැත. එමෙන්ම අපගේ ඥාතියෙක් මිය යන අවස්ථාවකදී අප කල යුත්තේ එම තැනැත්තා ඉදිරියේ හඩා වැලපීම හෝ ඔහුගේ අතපය ආදියෙන් අල්ලා ගෙන ශෝක කිරීම නොවේ. ඔහුව සුගතියට යැවීමට කටයුතු කිරීමයි. මරණාසන්න මොහොතේ සිටින කෙනෙක් ඉදිරියේ අප කල යුතු වන්නේ ඔහු කල කුඩා හෝ කුසලයක් මතක් කර දීමයි. එමෙන්ම පිරිත් ශ්‍රවණයට ඉඩ සැලසීමයි. මරණාසන්න මොහොතක්දී පිං පොතක් ලියා තිබීම මගින් අපට සුවිශාල ප්‍රයෝජනයක් අත් කරගත හැක. නමුත් ඊලග භවයේදී අප සුගතියේ උපත ලැබුවත් ඊට පසු දුගතිගාමී විය හැකි බැවින් කල යුත්තේ ලැබී ඇති මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සෝවාන් ඵලයට පත් වීමයි.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,106
    22,503
    113
    ඔබ රකින ධර්මය ඔබව රකිනවා ඒක ලෝක ධර්මතාවයක්. මෙතන මම ධර්මය කියලා කිව්වේ බුද්ධ ධර්මය ගැන විතරක් නෙවෙයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,256
    3,791
    113
    නම ගම සදහන් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා මාගේ මිතුරෙක් මා වෙත එවූ සත්‍ය සිදුවීක් ඇසුරෙන් සැකසූ සටහනකි...
    අපේ නැන්දා කෙනෙක් නැති උනා මේ ලඟකදි. ඒ නැන්දාගේ වයස අවුරුදු 84 ක් වෙනවා ඒ වෙනකොට. ඒ නැන්දා ගොඩක් පිංකම් කරලා තියෙනවා. ඒ වගේම පිංකම් වලට සහභාගී වෙලාත් තියෙනවා. නැති වෙන්න දවස් දෙක තුනකට කලින් ලඟම රෝහලට ඇතුලත් කලා අසනීප වුන නිසා. ඒ නැන්දාගෙ දුවලා සහ නෑදෑයො මාරුවෙන් මාරුවට දවල්ට සහ රෑට තනියට හිටියා. ඒ අතරේ අන්තිම දවසේ රෑ අපේ අම්මටත් තනියට ඉන්න අවස්ථාවක් යෙදුනා. ඒ වෙනකොට ඒ නැන්දාගේ අවසානය පෙනි පෙනී තිබුණේ. මොකද ඒ වෙනකොට කාත් එක්කවත් කතා බහ කිරීමටවත් නොහැකි වෙලයි තිබුණේ.
    මම එතකොට රට. ධර්ම දේශනා වල ඕනෑ තරම් මට අහන්නට ලැබුණා කෙනෙක් මරණාසන්න වෙනකොට අප කලයුත්තේ කුමක්ද කියලා.
    මම කිව්වා අපේ අම්මට , අම්මා පුලුවන් තරම් ඒ නැන්දට ඇහෙන්න පිරිත් කියන්න කියලා. ඒ වගේම විටින් විට ඒ දවස් වල කරපු පිංකම් මතක් කරවන්න කියලා. මොකද අපේ අම්මා එක්කත් ඒ නැන්දා පිංකම් වලට සහභාගී වෙලා තිබුණ නිසා ඒ කරපු පිංකම් මතක් කරවන්න ලේසි උනා.
    ඒ කිව්වා වගේම අපේ අම්මා එදා රෑ පිරිත් පොතක් බලාගෙන පිරිත් කියන්න පටන් ගත්තා.
    පිරිත් කියන්න පටන් ගන්නකොටම ඒ නැන්දා අමාරුවෙන් වගේ මුමුණමින් " එහෙම කොහොමද" කියමින් ඒ පිරිත් අමතක වෙන්න එක එක දේවල් කියන්න ගත්තා. දරුවෝ ගැනයි , දේපල ගැනයි, රත්තරම් බඩු ගැනයි. ඒත් එහෙම හරි නැන්දට කතාකරන්න පුලුවන් වුණ එක ගැන සතුටු වුණත්,එහෙම කියනකොට අපේ අම්මා කිව්වා " අක්කෙ, ඔය දේවල් අපි අරගෙන යන්නෙ නෑනේ ඔව්වා අනිත්‍යයි, මේ පිරිත් අහන්න" කියලා. ඒත් නැන්දා ඒ දේවල් ආයෙ ආයෙත් කියන්න ගත්තා. ඒ පිරිත් කියන එක වලක්වන්න. ඒත් අම්මා නැවතත් පිරිත් කියන්න ගත්තා.
    ඒත් එක පාරම ඒ නැන්දා අමාරුවෙන් මුමුණමින් කිව්වා "දඟලනවා වැඩියි " කියලා. අපේ අම්මා ඇහුවා කවුද දඟලන්නෙ කියලා. මොකද අම්මා හිතුවා අම්මට කියනවා කියලා. එතකොටම ඇස්දෙක ලොකු කරගෙන ඔලුව ටිකක් උස්සලා නැන්දා කිව්වා "මාරයා" කියලා. එතකොට අම්මා කිව්වා මදක් සිනාසෙමින්.. "එහෙනම් මාරයටත් ඇහෙන්න අපි පිරිත් කියමු "කියලා. අම්මා දිගටම පිරිත් කියාගෙන ගියා. එතකොටම නැන්දා නිශ්ශබ්ද වුණා. අපේ අම්මා හිතුවා එහෙනම් නැන්දා නැති වුණා තමයි කියලා. එතකොට අම්මා පිරිත් කියන එක නැවැත්තුවා. නවත්වන කොටම ඒ නැන්දා එකපාරම කිව්වා " ඇයි පිරිත් නැවැත්තුවේ , දිගටම කියන්න " කියලා. එතකොටම අපේ අම්මා සතුටින් දිගටම පිරිත් කියන ගමන්ම තව දුරටත් ඒ දවස් වල කල පිංකම් පවා මතක් කලා.
    "අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා .... ඒ හැමදේටම නැන්දා " ඔව් මට මතකයි " කියලා උත්තර දුන්නා. ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා. ඒ වෙලාවේදී රෝහලේ අනික් අයත් මේ වෙන දේවල් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
    ඊට පස්සෙ පහුවදා පාන්දරම නැන්දාගේ දරුවො ඇවිත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරවා අටපිරිකරක් නැන්දා අතින්ම පූජාකෙරෙව්වා. ඒ අවස්ථාවට රෝහලෙනුත් සහයෝගය ලැබුණා. ඒ වෙලාවෙ රෝහලේ හිටපු අය ඒ දරුවන්ට සහ නෑදෑයින්ට අපේ අම්මා කලින් දවසෙ රෑ කරපු දේ සතුටින් විස්තර කලා. ඒ දරුවොත් අපේ අම්මාට ස්තූති කලා. ඊට පස්සෙ අපේ අම්මා නැන්දාගේ දරුවන්ට නැන්දාව භාර දීලා ආයෙ ගෙදරට ආවා.
    පැය කීපයකට පස්සෙ නැන්දා නැති වුනා කියලා කෝල් එකක් ආවා. නැති වුණා කියලා දැනගත්තම හිතට දුකක් දැනුණා වගේම බොහෝ දෙනෙකුට හිතට සැනසීමකුත් ඇති වුණා. ඊට හේතුව නම් ඒ නැන්දා නැතිවෙන අවස්ථාවේ ඒ හිත සුගතියට යොමු වෙලා තිබුණ නිසා. රෝහලේ හිටපු අයත් අපේ නෑදෑයොත් බොහෝ දෙනෙක් අපේ අම්මා කරපු ඒ කාර්‍යය ගැන පැහැදිලා තිබුණා . මොකද ලෝභ සිතකින් තිබුණු ඒ හිත වෙනස් කිරීමට හැකිවීම පිලිබඳව. ඒ නැන්දා බොහෝ පිංකම් කරලා තිබුණ නිසා හිත සුගතියකට හරවන්න ලේසි වුණා. අපි හිතනවා අපේ නැන්දා සුගතියක ඉපදෙන්න ඇති කියලා.
    මේ සිදුවීම ගොඩක් දෙනෙකුට ආදර්ශයක් වෙයි කියලයි මේ විස්තරය මුහුණු පොතට එකතු කරන්න හිතුවේ.

    මරණ මංචකයෙදි බදාගෙන "බුදාම්බෝ අපිව දාලා යන්ඩ එපෝ" කියනවාට වඩා දස දහස් ගුණයකින් මේ දේ හොඳයි. මම දන්න එක තැනක අම්මා අවසන් සති කිහිපය ගතකරන කාලෙ එක දියණියක් " අම්මෙ අම්මගෙ කරාඹු දෙක මට දෙන්නකො, අම්මගෙ පරණ රෙදි අපි කාට හරි දීලා දාමුද" යනාදී වශයෙන් ඒ තැනැත්තියගෙ ලෝභය අඩුවෙන් තැනටත්, පරණ කුසල් මතක්වෙන තැනටත් කටයුතු කලා. අවසානම මොහොතෙ අම්මාට මෛත්‍රී කලා.

    එහෙම කරන්න ශක්තියක් සියලුම දරුවන්ට හදාගන්න අපහසු ඇති. නමුත් පුහුදුන් බෞද්ධ මරණ මංචකය ඒ වාගේ වටපිටාවක් බවට පත්කරගැනීම සිංහල-බෞද්ධ සංස්කෘතියක් හදන්න උත්සහ කරන අයට හොඳ එකතුවක් වේවි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,898
    2
    47,671
    113
    "අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා ....

    ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා.


    ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස් ලට දෙන්න, දිව්‍ය ලෝකේ යන්න 😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,437
    15,758
    113
    Auckland
    මම නම් අපායෙ යන්නෙ. මයින්ද මාත්තියා එහෙ ජනාදිපති වෙලා ඉදී එතකොට
     
    • Haha
    Reactions: Hyaenidae

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,256
    3,791
    113
    ඒ ඇස් ලියනගේ, ඔයා මේ ලිපි ශෙයාර් කරන්නෙ මේ පේජස් සහ යූටියුබ් චැනල් ඔයා කරන නිසාවත් ද? නැතිනං අවශට අයට බලගන්න "නිකං" ශෙයාර් කරනවාද?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,667
    11,083
    113
    Colombo
    ඒ ඇස් ලියනගේ, ඔයා මේ ලිපි ශෙයාර් කරන්නෙ මේ පේජස් සහ යූටියුබ් චැනල් ඔයා කරන නිසාවත් ද? නැතිනං අවශට අයට බලගන්න "නිකං" ශෙයාර් කරනවාද?
    මෙ Page එකක්වත් මම කරන එවා නේමෙ. මම කරන්නේ දර්ම දානයක් විතරයි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අපේ චුති සිත කොහොම වෙයිද කියල කාටවත් කියන්න බෑ. බුදු හාමුදුරුවන්ටත් දානෙ දුන්න මල්ලිකා දේවියගෙ කතාව දන්නවනෙ?
     
    • Like
    Reactions: asliyanage

    Sen-lu

    Well-known member
  • මාරයා මෑරෙනවා, මාරය කියන්නේ මිත්යාදුශ්ටික දෙවි කෙනෙක්.




    ------ Post added on Apr 9, 2022 at 9:06 AM

    වීඩියෝ බලන්න බෑ බං. So I'll ask my questions here.

    එතකොට මාරයාගෙ මාරයා කවුද?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,667
    11,083
    113
    Colombo
    අපේ චුති සිත කොහොම වෙයිද කියල කාටවත් කියන්න බෑ. බුදු හාමුදුරුවන්ටත් දානෙ දුන්න මල්ලිකා දේවියගෙ කතාව දන්නවනෙ?
    කාටවත් කියන්න බරි නෑහ, බුදු කෙනෙක්ට හෝ ඉර්දිය ඈති රහතන් වහන්සේට කෙනෙක් මරනින් පසු උපදින තෑන බලන්න පුලුවන්

    දර්මය නොදන්න නිස තමයි ඔය වගෙ ප්‍රස්න අහන්නේ. මාරයා කියන්නෙ දෙවි කෙනෙක්. ඔහුත් නිත්ය නෑහ. ඔහු මෑරුනම එ වෙනුවට වෙන කෙනෙක් පත් වෙනවා
    වීඩියෝ බලන්න බෑ බං. So I'll ask my questions here.

    එතකොට මාරයාගෙ මාරයා කවුද?
    ------ Post added on Apr 9, 2022 at 9:30 AM
     
    • Like
    Reactions: War Fighter