රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    • සභාපතිධුරය සදහා ගාමිණි වලේබොඩ මහතාගේ නමත් යෝජනා වෙයි

    • කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව නව සභාපතිවරයා අදහස් දක්වමින් පවසයි

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (මාර්තු 07) පැවති අවස්ථාවේදීය.​

    මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරන ලදී.​

    එසේම ගරු ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ගරු ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.​

    කාරක සභාව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සදහන් කළේය.​

    කෝප් කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හැකිවන ලෙස ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.​

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර දිසානායක, (මේ අරය නෙවෙයිද) ගරු රවුෆ් හකීම්, ගරු ඩිලාන් පෙරේරා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු හේෂා විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. රාමේෂ්වරන්, ගරු ගාමිණී වලේබොඩ, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ, ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහූ ද පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.​

     
    • Love
    Reactions: pathaleiretta

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනුව පැවති ඡන්ද විමසීමේදී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
    නොවුන නං තමා පුදුමෙ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    ලේකම් තනතුරකුත් තියෙනවද?
    එහෙනං ඒකට පොනිල් පොන්නයා පත්නරපන්.

    එතකොට සබාපති මාල හොරා, ලේකම් බැංකු හොරා 😂😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලේකම් තනතුරකුත් තියෙනවද?
    එහෙනං ඒකට පොනිල් පොන්නයා පත්නරපන්.

    එතකොට සබාපති මාල හොරා, ලේකම් බැංකු හොරා 😂😂

    උබලා මෙහෙ කෑ ගැහුවට ලපසාමිත් ගිහින් ලැගලා....​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල්ගේ වෑදගත් නෝනා මේවා කෝම ඉවසනවා ද මන්දා?