ලංකාදීපේ කමියුනිටි එක ගන්න ආතල්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    දකුණේ ඉරවටා රැස් වළල්ලක්​


    සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.

    මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල ජනතාවක් උනන්දු වූ අයුරු ද දක්නට ලැබිණි.

    මේ පිළිබදව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි අදහසකි.

    ‘‘මෙවැනි තත්ත්වයකට අපි කියන්නේ සූර්යා ප්‍රභා මණ්ඩලයක් කියලයි. ජල වාෂ්ප ඉහළ අහසට ගමන් කිරීමේදී අයිස් ස්ඵටික බවට පත්වෙනවා. අපට පියවි ඇසට නොපෙනුනත් ඉහළ අහසේ ෂඩශ්‍රාකාර තද අයිස් ස්ඵටික අැතිවී තිබෙනවා. සූර්යා ආලෝකය එම අයිස් ස්ඵටිවලට පතිතවීමේදී ආලෝකය පරාවර්ථනයවී විවිධ වර්ණ අපට දැකගැනීමට හැකිවෙනවා.

    සූර්යාලෝකය මෙම අයිස් ස්ඵටිකවලට පතිතවීමෙන් සුදුපැහැති ආලෝක වළල්ලක් දැකගැනීමට හැකිවෙනවා. මෙම ආලෝක වළල්ලට සාපේක්ෂව එය මැනගැනීමට දෑත් දිගු කළහොත් එහි වක්‍රය අංශක 22 කින් පමණ පිහිටනවා. එම නිසා අප එයට අංශක විසිදෙකේ ප්‍රභා මණ්ඩලය කියලත් කියනවා. සාමාන්‍ය යෙන් මෙවැනි සූර්යා ප්‍රභා මණ්ඩල දිස්වීමෙන් අදහස්වනුයේ දකුණු පළාතට ඉදිරියේදී පෑවිල්ලට මුහුණදීමට සිදුවන බවයි.“ යනුවෙන් මහාචාර්යවරයා කීය.

    image_7aae776cbd.jpg



    කමෙන්ට්ස් :lol: :lol: :lol:

    VkEo1s6.png



    Source: https://www.lankadeepa.lk/news/දකුණේ-ඉරවටා-රැස්-වළල්ලක්/101-595872
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කමෙන්ට් වලට හෙන ඩිස්ලයික් තොගේකුත් වැටිල....
    එතනින් බාගයක්ම ඕක සූර්ය දෙයියො නමස්කාර කරා කියල විස්වාස කරනවනෙ :(

    රටට දෙයියන්ගෙම පිහිටයි