ලංකාවට ආවේනික වාහන...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ලංකාවට ආවේනික වාහන...

    ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා.
    හැබැයි
    ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්.


    වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.

    280px-Toyota_Hiace_H10_Lahti.JPG


    රුක්මනී මොඩල් එක
    නිලි රැජින රුක්මනී දේවිය අනතුරට පත් වුයේ මෙම වර්ගයේ රථයක ගමන් ගන්න අතරතුරදීය.සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ පළමුවන මාදිලිය.


    800px-1987_Toyota_Hiace_01.jpg


    ෂෙල් මොඩල් එක.
    මෙම මාදිලියේ ෂෙල් එකක් නැත්තන් ඉදිරිපස ප්ලාස්ටික් හැඩ ගැන්වීමකින් පැමිණි පළමු මාදිලිය 1982 දී ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන ලදී.



    800px-Toyota_Hiace_Wagon_013.JPG


    ඩොල්ෆින්
    ලංකාවේ ප්‍රසිද්ධ මාදිලියකි.ඉදිරියට නෙරා පැමිණි ඉදිරිපස හැඩය නිසා මෙලෙස භාවිතා කරයි.මෙයත් සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ මාදිලියකි.



    280px-Delica_T100.jpg


    ජේ ආර් මොඩල් එක (ඩෙලිකා)
    හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුහුණට සම්මාන හෙයින් මෙලෙස නම් කරනු ලැබී ඇත.



    220px-Colt_T120_Delica_70's.jpg


    බටු ඩෙලිකා (ඩෙලිකා)
    මෙම වර්ගයේ කුඩා හැඩය නිසා මෙම නම භාවිතාවේ.



    Mitsubishi_Mirage_Wagon_002.JPG


    අත්තනායක මොඩල් එක
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරයන් "අත්තනායක" නමින් පෙනී සිටියදී භාවිතා කල ස්ටේෂන් වැගන් වර්ගයේ මාදිලිය මෙනමින් හැදින්වේ.



    images


    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල් එක
    සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිල වාහනය ලෙස රජයෙන් සපයන ලද ලාන්සර් මාදිලිය




    Mitsubishi-fuso-rosa.JPG


    බේබි රෝසා..
    මුලින්ම පැමිණි මාදිලි වලට වඩා හුරුබුහුටි වූ නිසා මෙම බස් රථ මාදිලිය මෙම නමින් හැදින්වේ




    Untitled-2.jpg


    එල්ෆ් වඳුරු මූන...
    මෙම මාදිලියේ මුහුණෙහි පෙනුම වඳුරෙකු සිහි ගන්වන බැවින් මෙම නමින් හඳුන්වනු ලැබේ.




    isuzu_elf_a1123816121b742940.jpg


    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    කුඩා රවුම් සහ හතරැස් ප්‍රධාන ලාම්පු හැඩයන්ගෙන් මිදී ඉසුසු සමගාම විසින් එලි දැක්වුණ මෙම මාදිලියේ දිගටි ප්‍රධාන ලාම්පු නිසා මෙම නම ලැබී ඇත.



    nissan_FB13.jpg


    නිසාන් ඩොක්ටර් සනී..
    දොස්තර වරුන්ගේ වාහන බලපත් සඳහා බහුලව ගෙන්වනු ලැබූ සනී මාදිලිය FB13



    Untitled-3.jpg


    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල් එක..
    පැරණි බීටල් මාදිලියේ මෝටර් රථවල අන්තිම කාලයේ නිෂ්පාදනය කෙරුණු රථවල දක්නට ලැබුන වායු ගතික නවීකරණයක් නිසා මෙම නම දී ඇත.



    Vw_transporter_t3_wasser_v_sst.jpg


    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල් එක..
    ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ මෙහෙයුම් සඳහා කලක් යොදා ගත් වොක්ස්වැගන් ට්‍රාන්ස්පොටර් රථ මාදිලිය මෙනමින් හැඳින්වේ.



    1969_Renault_4_For_Sale.jpeg


    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල් එක...
    මෙහි ගියර් ලීවරය කුඩමිටක හැඩයක් ගන්න නිසා මෙම නමින් හැඳින්වේ.



    තැපැල් නයින්ටිය
    පැජෙරෝ පලාත්සභා,
    පැජෙරො වී ස්ටිකර්,
    පැජෙරො කොම්පියුටර් බොඩි,
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය,
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක,
    මුක්කන් බෙන්ස්(911) ලොරිය,
    කාපිරි පෝඩ් ලොරි,
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක,
    හිල්මන් ගෙඩි මොඩල් කාර්,
    හිල්මන් පටි බාගෙ කාර් යනුවෙන්ද තවත් තිබේ...



    අමු අමුවේ ජාලයෙන් ඉස්සූ එකකි...

    වැදගත් නිසා දැමීය....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කලින් නුලක් තිබුනා වාහන වලට නම් කියලා දිනුශ දාපු අන්න ඒකේ තව ගොඩාක් ඇති
    http://www.elakiri.com/forum/showthread.php?t=1143925

    1.MITSUBISHI Pajero 86 Model -
    පලාත් සභා මොඩ්ල්

    (මන්තිරි වරු පාවිච්චි කළ නිසා)

    MITSUBISHIPajeroWagon-medium-3317_1.jpg


    24.Toyota Coaster 1980
    කෝස්ටර් - ධනපති මොඩ්ල්
    117664.jpg


    Mitsubishi FUSO 1980
    පෙට්ටි FOSO
    160x120.jpg
     
    Last edited:
    • Like
    Reactions: toiya and SANJEE

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::cool:
    අඩොව් පට්ට ලිපිය බන් ,,,,
    ඉල ඇදුනා බලලා ...
    මෙව්වාට ලංකාවේ කියන නම් ජපනා දන්නවානම් එහෙම
    ඌන් සයිනයිඩ් කාලා මුහුදට පනිනවා ...

    +16