ලංකාවට එරෙහි භූමි බන්ධනය
ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක් සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ මහතා පවසයි.
මෙවැනි භූමි බන්ධනයක් හිටපු ජනාධිපතිවරයෙකු වන ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී ද මලයාලම් ගුරුකම් කරන්නන් විසින් සිදු කර තිබූ බවත් පවසන ඒ මහතා, රටත් ජනතාවත් ජනාධිපතිතුමන් ඇතුළු රජයත් ආරක්ෂා කර ගැනීමට නම් එම භූමි බන්ධනය ඉවත් කළ යුතු බවද සඳහන් කරයි.
දැනට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ පවතින බලගතු බව නිසා පැමිණෙන බලපෑම් යම් ප්‍රමාණයකින් යටපත් වී ඇතැත් රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙම භූමි බන්ධනයෙන් මිදිය යුතු බව දේවතාවුන් වහන්සේලා පවසන බවද ඔහු පවසයි.
එම බන්ධනයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන බවත් විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් පැමිණෙනු ඇති බවත් දේවගැති අසේල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බැවින් පැමිණෙන බොහෝ අමනුෂ්‍ය බලපෑම් සහ විවිධ බන්ධනවලින් ආරක්ෂා වන බවද පැවසූ දෙවගැතිවරයා දැනට වඩා ආගම දහම කෙරෙහි ජනතාව නැඹුරු කිරීමට භික්ෂූන් වහන්සේ උනන්දු විය යුතු බවත්, භික්ෂූන් වහන්සේගේ විනය ගරුක බව සම්බන්ධව මහනායක ස්වාමින් වහන්සේ දැඩි පියවර ගත යුතු බවත් දේවතාවුන් වහන්සේලා සඳහන් කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
source

මේවා ඇත්තද බන්?lankapublishernews.info

Last edited by a moderator: