ලංකාවට තවත් ලෝක කුසලාන 20/20 තරගාවලියක් ?

Nov 25, 2009
495
51
0
ලංකාවට තවත් ලෝක කුසලාන 20/20 තරගාවලියක් ?

2014 දී බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබු අන්තර්ජාතික විස්සයි 20 තරගාවලිය මේ වන එම සත්කාරකත්වය බංගලාදේශයෙන් ඉවත් කර ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අවදානය යොමු කරමින් ඇත..
මේ සදහා ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ තරග පැවැත්වීමට නියමිතව තිබු ක්‍රීඩාංගණ වන මිර්පුර් හා චිටාගොන්ග් (Mirpur and Chittagong) තරග පැවැත්වීම සදහා සුදුදු තත්වයේ පැවතුන ද, අලුතෙන් ඉදිකරමින් පවතින සිලේට් (Sylhet) සහ කොක්ස්බසර්(Cox’s Bazar) ක්‍රීඩාංගන තවම ඉදිකරමින් පැවතීම සහ එහි ඉදිකිරීම් අවසන් වන දිනය ගැන සැහීමකට පත් වීමට නොහෙකි වීම සහ බංගලිදේශයේ පවතින දේශපාලන වාතාවරණයයි. බංගලිදේශයේ මහා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතව ඇත.

cox20130624085406.jpg

Cox’s Bazar Stadium

DSC_0255.jpg

Sylhet International Stadium

එම නිසා මොවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාව හෝ නැවත වරක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සදහා සාකච්චා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විදායක නිලධාරි ඇශ්ලි ද සිල්වා මහතා ICC ය වෙත පවසා තිබුනේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විස්සයි 20 තරගාවලිය පැවැත්වුවා ද මෙම වසරේදී එය පැවැත්වීම පිළිබද කිසිදු ගැටළුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හට නොමැති බවය.
එසේම දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද මෙම සත්කාරකත්වය ලබා ගැනීම සදහා දැඩි වෙහෙසක් දරන බව ආරංචි මාර්ග පවසයි.
තවද බංගලිදේශ් ක්‍රිකට් මණ්ඩලය (BCB) පවසන්නේ තමන්ට මෙම ක්‍රීඩාංගන නියමිත වෙලාවට සදා නිමකර නියමිත ආකාරයට තරගාවලිය පැවැත්විය හැකි බවයි.
මේ පිළිබද අවසාන තීරණය මෙම සතියේ ලන්ඩන් හි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ගැනීමට නියමිතයි.


ගත්තේ මෙතනින්
 

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    oka itn thibbath ape un indian un eka meet wena thana wenakn play karai.passe itn nane.
    indiawata baye innwa issara ausilata wage :(

    baya newei ban indian salliwalata cricket yatawela iwarayi. issara players la sellam kalata den sellam danne salli