ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම වටිනා නිර්මාණ රැසක් බිහි කරපු රටක් නේ. ඒක ලංකාවේ ජීවත් වෙන අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ මුල්ම මහල් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපායත් ලංකාවේ නිර්මාණයක්. ඒ විතරක්ද? ගලක හදපු සීගිරිය මාළිගය ලංකාව කියන නම ලෝකයේ රැන්දූ විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මේ ලංකාවේ දැනට හම්බවෙලා තියෙන විශාලතම සෙල්ලිපිය ගැන තොරතුරුයි
කලින් කිව්වා වගේ සාහිත්‍ය මුලාශ්‍රවලින් අනාවරණය නොවන කරුණු රැසක් මේ සෙල්ලිපි වල තියෙනවා. මේ සෙල්ලිපි ගැන කතාකරද්දි ප්‍රධාන වශයෙන් ඒවා කාල වකවානු දෙකකට බෙදෙනවා. ඒ ක්‍රි. ව දෙවන සියවසට පෙර හා පසු යුගයන් වශයෙන්. ක්‍රි. ව දෙවන සියවසට පෙර යුගයේ ගොඩාක් සඳහන් වෙන්නෙ භික්ෂූන්ට ලෙන් පිදීම ආදිය ගැන තොරතුරුයි. ඒත් ක්‍රි. ව දෙවන සියවසින් පසුව ආ යුගයේ සෙල්ලිපි වල රජයේ නීතිරීති, වැරදිකරුවන්ට සමාව දීම, විහාරාරාමවලට ගම්බිම් පිදීම වගේ තොරතුරු ගැනත් සඳහන් වෙනවා
ලංකාවේ දැනට සොයාගත විශාලතම සෙල්ලිපිය වන ගල්පොත සෙල්ලිපිය ගැන. මේ සෙල්ලිපිය අයිති වෙන්නේ අපි කලින් කතා කරපු සෙල්ලිපි වර්ග පහ අතරින් පුවරු ලිපි කියන කාණ්ඩයට. මේක ඉදි කරලා තියෙන්නේ පොළොන්නරු යුගයේ, ක්‍රි.ව 1187 – 1196 අතර කාල වකවානුවේ රජකළ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින් කියලයි මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ
මේ ගල්පොත සෙල්ලිපිය තියෙන්නේ කොහෙද කියලා ඔබත් දැනටම දන්නවා ඇති. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා රජකළේ පොළොන්නරුවේ නිසා මේ සෙල්ලිපිය පිහිටා තියෙන්නේත් පොළොන්නරුවේ. මේ පුරාණ පොළොන්නරුවේ හැට දා ගෙය නමින් හඳුන්වන දළදා මැදුර හා සත්මහල් ප්‍රාසාදය අතර පිහිටා ඇති දළදා මළුව කියන ස්ථානයට ඔබ ගියොත් මේ සෙල්ලිපියේ නටබුන් දැකබලාගන්නට පුළුවන්…
මේ සෙල්ලිපිය ලියු විශාල ගල් කුට්ටිය අඩි 26ක් පමණ දිගින් යුක්තයි. ඒ වගේම පළලින් අඩි 4කුත් අඟල් හතකුත් පමණ විශාලයි කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම වාර්තා වෙන හැටියට මේ සෙල්ලිපියේ අක්ෂර ගණන 4300 කටත් අධිකයි. ඒ වගේම මේ අකුරු 4300 කට අධික අක්ෂර පේළි 72ක් ඇතුළත රචනා වෙලා තියෙනවා. ඒ වගේම මේ පේළි හැත්තෑ දෙක කොටස් තුනකට බෙදලා තමයි තියෙන්නේ. මේ සෙල්ලිපියේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ සෙල්ලිපියේ අකුරු වලට කුමක් හෝ ලෝහයක් ඔබ්බවා තිබීම.
මේ සෙල්ලිපියේ අක්ෂර පේළි හැත්තෑ දෙක ඇතුළේ තියෙන්නේ විශේෂයෙන්ම නිශ්ශංකමල්ල රජතුමාගේ බල පරාක්‍රමය ගැන තොරතුරුයි. ඒ තියෙන තොරතුරු සදහන් කළොත්, නිශ්ශංකමල්ල රජු හට රජකම හිමි වුණු ආකාරය, කාලිංග රාජ්‍ය වංශයට ලංකාවේ පැවති රාජ්‍ය උරුමය, රජු විසින් යම් යම් බදු වර්ග අහෝසි කිරීම, රජු විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු, බුදු සසුනට කළ මෙහෙවර ගැන මෙන්ම රජු විසින් ඉන්දියාවේ සිදු කරන ලද ආක්‍රමණ ගැනත් බොහෝ තොරතුරු මෙහි විටෙක අතිශයෝක්තියද මුසුව සඳහන්ව තිබෙනවා.
මේ සෙල්ලිපියේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ සෙල්ලිපියේ තිබෙන අනගි කැටයම්. මේ ගල් පුවරුවේ අක්ෂර සටහන්ව නොමැති සමහර කොටස් විවිධ කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා. මේ සෙල්ලිපියේ විශේෂිතම කැටයම විදියට නම් කළ හැකි වෙන්නේ එහි තිබෙන ගජලක්ෂ්මී නම් කැටයමයි. එය ලක්ෂ්මියගේ හිසට ඇතුන් දෙදෙනෙක් විසින් හොඬයෙන් ගත් පැන් කළ වලින් ජලය වත්කරනු පෙන්වන ඉතා අපූරු කැටයමක්.
1. සෙල්ලිපි කියන්නෙ මොනවද?
මුලින්ම සෙල්ලිපි ගැන දැනගෙන ඉමු. සෙල්ලිපි ලියන පෘෂ්ඨය අනුව ප්‍රධාන වර්ග පහකට බෙදෙනවා. ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි, ආසන ලිපි හා ලෙන් ලිපි තමයි ඒ වර්ග. මේවා අතුරින් ලංකාවේ වැඩිපුරම තියෙන්නේ ගිරි ලිපි කියන සෙල්ලිපි වර්ගය. සාහිත්‍ය මූලාශ්‍ර වලින් අනාවරණය නොකළ දේවල් විශාල ප්‍රමාණයක් සෙල්ලිපි වලින් අනාවරණය කරගෙන ඇති නිසා ඒවා ගොඩාක් විශේෂ වෙනවා.2. සෙල්ලිපි වැදගත් වෙන්නේ ඇයි?
කලින් කිව්වා වගේ සාහිත්‍ය මුලාශ්‍රවලින් අනාවරණය නොවන කරුණු රැසක් මේ සෙල්ලිපි වල තියෙනවා. මේ සෙල්ලිපි ගැන කතාකරද්දි ප්‍රධාන වශයෙන් ඒවා කාල වකවානු දෙකකට බෙදෙනවා. ඒ ක්‍රි. ව දෙවන සියවසට පෙර හා පසු යුගයන් වශයෙන්. ක්‍රි. ව දෙවන සියවසට පෙර යුගයේ ගොඩාක් සඳහන් වෙන්නෙ භික්ෂූන්ට ලෙන් පිදීම ආදිය ගැන තොරතුරුයි. ඒත් ක්‍රි. ව දෙවන සියවසින් පසුව ආ යුගයේ සෙල්ලිපි වල රජයේ නීතිරීති, වැරදිකරුවන්ට සමාව දීම, විහාරාරාමවලට ගම්බිම් පිදීම වගේ තොරතුරු ගැනත් සඳහන් වෙනවා
3. ගල්පොත සෙල්ලිපිය නිර්මාණය කළේ කව්ද?