ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ
එංගලන්තෙ පොරකුයි, ප්රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්ර ප්රදර්ශණයක් බලනවලු. එක චිත්රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු.

"ෂහ්... බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්රීසි ජාතිකයෝ"
එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්රංශෙ බුවත් කට දැම්මලු.
"පිස්සුද හලෝ... මෙයාල අමු හෙළුවෙන් ඉන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. ඒ වගේම මෙයාල කිරිගරුඩෙන් හැදුව වගේ ලස්සනයි. මෙයාල ෂුවර් එකටම ප්රංශ ජාතිකයො"
එතකොට ශ්රී ලංකාවෙ බුවා කිණ්ඩි හිනාවක් දාල කිව්වලු.
"තමුසෙල දෙන්නටම පිස්සු. මේ ශ්රී ලංකාවෙ දෙන්නෙක්"
අනිත් දෙන්නට කුතුහලේලු.
"ඒ කොහොමද?"
"දැන් බලනවා... මේ දෙන්නට හරියට ඉන්න තැනක්, අඳින්න ඇඳුමක් නෑ... කන්න තියෙන්නෙත් එකම එක ඇපල් ගෙඩියක් විතරයි. ඒ උනාට පේන විධියට සන්තෝසෙනුත් ඉන්නවා. අනික මෙයාල ඉන්නෙ පාරාදීසයෙ කියල දෙයියො මෙයාලව හොඳට අන්දලත් තියෙන්නෙ. ඉතිං මේ දෙන්න ලංකාවෙ ඇර වෙන කොහෙවත් වෙන්න බෑනෙ."

BUMP PLease.......