ලංකාවෙ උන්ගෙ ආතල්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෑත ඉතිහාසෙ සිද්ද වුන ආතල් ටිකක් ඔළුවට ආවා... ලංකාවෙ උන් කියන්නෙ ආතල් දෙන්න උපන්ම ජාතියක් ද මන්දා... උඹලට මතක ඒවත් දාගෙන යමු බලන්න
    කොවිඩ් වලට පැණි හැදුවා... එක පාරක් බිව්වම ආයෙ හැදෙන්නෙම නෑ කියලා පොලවෙ හැපි හැපි කිව්වා... පලවෙනිම ඩ්‍රොප් එක බිව්ව ඇමතිනි අයි ඩී එච් ගිහින් නැවතුනේ...



    කැළණි ගඟ දෙබෑ කරමින් නාග රාජයෙක් මතු වෙලා අපිට ධාතු දීලා ගියා.. ගියා නෙවෙයි යන්න උනේ නෑ ඌ ලීටර් පහේ ප්ලාස්ටික් බෝතලේක හිර කලා... නාග රාජයෙක් කිව්වට පොඩි පැටියෙක්...නාග රාජයො එක්ක සෙල්ලන් දාන්න බෑ නේ



    කොවිඩ් ඉවර වෙන්න කියලා මුට්ටි විසි කරා...


    එක බිම් අඟලක් විකුනන්නෑ කියලා පපුවට ගහ ගත්තු අයත් හිටියා.. ඒත් අක්කර ගනන් විකුන්නා...


    රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියලා ආර්ථික විද්‍යා දේශකයෙක් මීඩියා වල ඉස්සරහා කිව්වා...



    3 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට කන්න යන්නෙ හාල් කිලෝ තුනයි කිව්වා....

    එක රටක් එක නීතියක් කියලා ඇවිල්ලා නීතිය නවලා රෝල් කරලා අපේ පුx ම ගැහුවා...

    පට්ට කෑලි රූපේ වගේම කටහඩත් ලස්සනයි කියලා හිතන් හිටියා.. කට ඇරියා විතරයි එපාම උනා.. උඹට වැඩිය හොඳයි යකෝ මාලු කාරයා...



    විශ්වයේ රහස් එලි කරන අවුරුදු 9 යේ අරුම පුදුම කොලු පැටියෙක් පහල වුනා.. දළදා මාලිගාව සයිබර් ඇටෑක් එකකින් බේරගන්න පුළුවන් උනා.



    තව මොනාද බං ලංකාවෙ උන්ගෙ ආතල් සිද්දි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැමදාම වෙන ඒවා ආතල් සිද්ධි තමයි. එක සිද්ධියක් යට කරන්න තව සිද්ධියක්.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    1606918901_661990
     
    • Haha
    Reactions: adowhybn

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    යට එක ඇරෙන්න අනිත් ඔක්කොම ටික රාජපස්සලාගේ බයියිඕ අන්දන නාට්‍ය.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඇයී ඉතින් ඕවට Views දෙන්නෙ මම නම් ඔය එකකටවත් මගෙ 1 View එක වත් දෙන්නෑ...

    උන් දාන ඒවු ෆෝම් කරගන්නෙම උබලනෙ.
    දැන් අර දෙවෙනි ඉනිම වගේ ඒවත් බලන්නෙම කොල්ලොනෙ you tube එකේ

    උන්ට කොල්ලො කිව්වාම කොල්ලන්ට කරන අපහසයක් ඒක.

    SM ලංකාවට තියෙනවා කියන්නෙ රිලඋන්ට කන්නාඩි දුන්නා වගේ ඕන එකයී එපා එකයී ඕක්කොම පෙන්නනවා වහිලුව් මට නම් ලංකාවෙ you tube

    (සමහරු ඉන්නවා අප්පට සීරි වෙන content කරන සෙට් එකක් උන්ට මොකුත් කියන් නෑ මම නම්.)
     
    • Like
    Reactions: wtsamantha