ලංකාවෙ ගොන්නු අහුවෙන ඊලග තඩි Ponzi scheme එක - MTFE

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,306
    113
    image_6483441 (1).JPG


    MTFE කියන්නේ trading platform එකක් කියල තමයි මේ MTFE ලා කියන්නේ. ඇත්තටම මේක trading platform එකක් නම් ROI එකට අනුව ආය දෙකක් නැ මේක තමයි මේ ලෝකේ එදා මෙදා බිහි උන හොඳම එක.

    .ca ( Canada
    🇨🇦
    ) domain එකක් තමයි මෙයාලා අරන් තියෙන්නේ. Australian business එකක් කියලත් කියනවා.

    හැබැයි කැනඩාවේ වත් ඔස්ට්‍රලියාවේ වත් අනිත් ලෝකේ කිසිම දියුණු රටක වත් මිනිස්සු මේ MTFE කියන සුපිරි platform එක ගැන දැනුවත් නැ.

    ලංකාවේ මිනිස්සු විතරයි දැනට තනිකරම වගේ MTFE use කරන්නේ.

    මේ විස්තර අපිට Google trends , Similar web වගේ sites වලට ගිහින් බල ගන්න පුළුවන්.

    🏅
    Google trends වලට අනුව MTFE වලට ලංකාවෙත් වැඩිපුරම මිනිස්සු එන්නේ ඌව පළාතෙන්.
    🏅


    මීට කලින් ලංකාවේ අඩුම පරිගණක ශාක්ෂරතාව ( computer literacy) තියන පළාත කියන Credit එක ලැබුනට පස්සේ මෙහෙම එකක් ඌව පළාතට ලැබුනමයි මම හිතන්නේ.

    මේකේ owners ල ගැන details hide කරලා තියන විදිය , ගෙවන අසාමාන්‍ය ROI එක , referral commissions , market කරන විදිය වගේ හැම දේම සලකලා බැලුවම 100% ක් sure මේක real trading platform එකක් නෙවේ demo trading platform එකක් හදලා කරන Ponzi /pyramid scam එකක් කියලා.

    MTFE වගේ demo trading platform එකක් හදන ලොකු දෙයක් නෙවේ. code canyon වගේ ගිහින් $ 50 කට 100 කට script එකක් අරන් මේ MFTE වලට වඩා හොඳ එකක් හදා ගන්න පුළුවන්.

    🤑
    කාට හරි ඊලග MTFE එක හදන්න ඕන නම් දැන්ම Code canyon ගිහින් trading platform කියල search කරලා හොඳ script එකක් බලල අරන් දැන්ම හදලා තියාගන්න. ඊට පස්සේ MTFE කඩා වැටුන දවසක ඌව හරි දකුණු පළාතට හරි ඇවිත් ඒක වැඩක් නැ මේක තමයි සුපිරි එක, ඔයාලටමයි හැදුවේ කියල ආපහු ඔය මිනිස්සුන්ගෙන්ම ගානක් ගලවාගෙන යන්න පුළුවන්.
    🤑


    Central bank එකෙන් action එකක් ගත්තේ නැත්නම් මේ යන විදියට මේක ලගදීම කඩා වැටෙන එකක් නැ.

    ⭐
    ️ හරි දැන් මම මේකට සල්ලි දන්නේ නැත්නම් මට තියන අමාරුව මොකද්ද?
    සල්ලි පෙරේත කමට සල්ලි දාන උන් අතේ තියන තුට්ටු දෙකත් කෙලවගත්තම අපිට තියන අමාරුව මොකද්ද?

    එහෙම හිතෙනවා නම් මේක තමයි උත්තරය සහ මේ post එකේ වැදගත්ම part එක.

    මම අන්තිම tour එකේ ඇල්බේනියාවේ ගියා. යන රටවල musuem එකට යන එක history එක study කරන එක මම අනිවාර්යෙන්ම කරන දෙයක්. 1997 උන්ගේ ඉතිහාසේ අදුරුම අවුරුද්දක්.

    1992 ඇල්බේනියාවේ තිබුන සමාජවාදී ක්‍රමය ඉවර වෙලා ධනවාදය ආපු ගමන්ම මේ වගේ සුපිරිපරි Ponzi scam රල්ලක්ම එනවා ඇල්බේනියාවට.

    මේ Ponzi scam කාරයෝ ඒ මිනිස්සුන්ට පෙන්නන්නේ මේ වගේ Investment තමයි ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු පෝසත් වෙන්න හේතුව කියල.

    ධනවාදය ගැන කිසිම idea එකක් නැති සමාජවාදය තුල හිරවෙලා හිටපු මිනිස්සු ලේසියෙන්ම මේ කතා විශ්වාස කලා. හරියට අඩුම පරිගණක සාක්ෂරතාවක් තියන ඌව පළාතේ මිනිස්සු Online trading, Crypto , metaverse වගේ ලස්සන කතා තිබුන MFTE විශ්වාස කලා වගේ.

    ඇල්බේනියාවේ මිනිස්සු තමන්ට තියන හැම දේම විකුණලා මේ Magic සල්ලි හොයන methods වල invest කරන්න ගත්තා. කීවා වගේම හැමෝටම සුපිරියටම සල්ලි ලැබෙන්න පටන් ගන්නවා.

    හැම Ponzi scam එකක්ම වගේ මේකත් 1997 දවසක බිද වැටෙනවා. ඒ වෙද්දී රටෙන් dollar billion ගානක් පිටට ගිහින්.

    ඔය වගේ ගොන් වැඩ කරලා සල්ලි කෙලව ගත්ත මිනිස්සු සාමානයෙන් කරන්නේ පාරවල් වහගෙන protest
    🪧
    කරන එක අපේ සල්ලි දියව් කියල.

    ඇල්බේනියාවේ මිනිස්සුන්ට කෙල උන තරමට එකක් කරලා නතර කරන්න පුළුවන් කමක් තිබුනේ නැ. අන්තිමට මේක සිවිල් යුද්දයක් දක්වා වර්ධනය වෙනවා. රට අරාජික වෙනවා. පාරවල් වල වෙඩි තියලා මරපු ගාන 2000 කට වැඩි.

    කොටින්ම උන්ට වෙන්න තියන ඔක්කොම වෙනවා. මේ ඔක්කොම කියවන්න ඕන නම් මේක ගැන තියන wikipedia page එක බලන්න.

    අල්බනියාවේ Ponzi scam නිසා කෙල උනේ මේවට සල්ලි දාපු උන්ට විතරක් නෙවේ. රටේ ආර්ථිකයට , ඒ කියන්නේ මේවට සල්ලි දාපු නොදාපු හැමෝටම.

    අදටත් ඇල්බනියාවෙන් එලියට ගිය $$ billion ගාණ උන්ට දරා ගන්න අමාරුයි.

    ලංකාවේ මේ වගේ Ponzi / Pyramid scams නිසා එලියට ගිය සල්ලි ගැන කොච්චරද කියල අපි දන්නේ නැ. හැම ගමකම වගේ දැන් MTFE කඩයක් දාගෙන යන නිසා එක පට්ට ලොකු ගානක් කියල අපිට හිතන්න පුළුවන්.

    හැබැයි අපිට එකක් තේරෙන්න ඕන. අපේ රට දැනටමත් කෙලවාගෙන ඉන්න නිසා මේ වගේ ලොකු shock එකක් තව දුරටත් දර ගන්න අමාරුයි.

    🦴
    MTFE ඔය කියන තරම් investment method එකක් නම් ඇයි දියුණු රටවල මිනිස්සු ඕවගේ invest නොකරන්නේ.

    උත්තරය අපේ රටේ මිනිස්සු මෝඩයි කියන එක නෙවේ.
    හේතුව අපේ වගේ රටවල නිතිය ක්‍රියාත්මක වෙන අකාර්යක්ෂම විදිය.

    ඇමෙරිකාවේ වගේ රටක ඕකක් පටන් ගත්ත නම් සතියක් ඇතුලත කරවන උන්ව හිරේ දාල.

    ඇත්තටම මේක ගැන investigation එකක් කරන්න ඕන නම් එක මාර සංකීරණ එකක් නෙවේ.

    අහන්න තියෙන්නේ කොහෙද MTFE trading server තියෙන්නේ, server address එක අරන් CID එකට හරි Central bank එකට හරි බලන්න පුළුවන් මේකේ trade execute වෙන විදිය. එකෙන් තීරණය කරන්න පුළුවන් මේක ඇත්තම trading platform එකක්ද නැත්නම් virtual demo එකක් ද කියලා .


    මේ investigation එක ආණ්ඩුවේ කන්තෝරුවක උන්ට දුන්නත් උපරිම දවස් දෙකක වැඩක්.

    MTFE බොරු නම් කරවන උන් අල්ලලා හිරේ දැම්මා. ඇත්ත නම් IMF එකෙන් එන loan එකත් MTFE එකට දාල රට ගොඩ දැම්ම.

    ඕන නම් තව චීනෙන් වැඩි පොලියට ණයක් අරන් එක MTFE දාල පොලිත් ගෙවලා ලංකාව සින්ගපුරුව වගේ කරන්න පුළුවන්.



    Copied - Kosala Sandaruwan
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    අපේනං සල්ලි උබට මොකද තියන අමාරුව

    සල්ලි නැති උනාම දාන්න බනිනවා මේවා හොර වැඩ කියලා

    CRYPTO කියන්නෙ කිසිම මහබැංකුවක් එක්ක සම්බන්දයක් නැති දෙයක් පුතා, Blockchain සමාගමට තමා අයිති

    Binance එකෙන් තමා btc හොයාගත්තේ, මගේ ළඟ coins දෙකක්ම තියනවා course එකේ අයියා දීපු, උබලා ඔය keyboard එකෙන් කොට කොට හිටපන් අපි Lambo බස්සද්දී
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,555
    87,968
    113
    අපි ආතල් දුන්නාට මේවා සිරියස් ගන්න හරක් ඇති නෙ. බැනලා නූලක් දැම්මෙත් එකේ රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වෙච්ච එකනෙ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,306
    113
    අපි ආතල් දුන්නාට මේවා සිරියස් ගන්න හරක් ඇති නෙ. බැනලා නූලක් දැම්මෙත් එකේ රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වෙච්ච එකනෙ
    ඔව්. මිනිස්සු අහුවෙන අහුවිල්ල හිතාගන්න බෑ. එකට වැඩ කරන ෞන් හිටිය ඒ දවස් වල ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් එකේ මීටින් වලට අඩගහපු. හැබැයි මම හිතනව එඩියුකේශන් තමයි මූලික පොයින්ට් එක. ාහුවෙන ගොඩක් උන් දැනුම තියන බුද්දිය නැති උන්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,488
    14,958
    113
    Somewhere in this world
    බොරු බයිල එපා අපි දෙයියනේ කියල කාල ඇදල ඉන්නෙ පොන්සි ස්කීම් වලට පිං සිද්ද වෙන්න ඊයෙ මහගේ උකස් කරා දැම්ම ඉන්ටනැසොනල් කොම්පනියක ඉතිං ඊට පස්සෙ බයික් එක විකුනුව ගත්ත උන්ගෙ තේකොල පැකට් එකක් 35000කට තව පොඩ්ඩෙන් සූම් මීටික් එක මම ඒකට ගිහිං ඇවිල්ල ඔයාලට විස්තර කියන්නම්. බායී
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,471
    2,017
    113
    colombo
    දැක්ක ගමන් තේරෙනවා අමු පිරමිඩ් එකක් කියලා, සල්ලි දාන්නේ වයසක අය ගොඩක්.
    දාපු එවුන් මාස දෙකෙන් දාපු ගාන කවර් කරගෙන
    එකපාරටම සල්ලි ගන්න බැරිවුනොත් තමයි ලගදි දාපු එවුන්ට කෙලවෙන්නේ
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,371
    1
    51,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ වැඩකට ආපු එකෙක් කිව්වා ඌ ඩොලර් 500ක් දැම්ම, එකෙන් 375ක් විතර මේ වෙනකොට ලැබිලා තියෙනවා කියල
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,307
    21,090
    113
    මගේ වැඩකට ආපු එකෙක් කිව්වා ඌ ඩොලර් 500ක් දැම්ම, එකෙන් 375ක් විතර මේ වෙනකොට ලැබිලා තියෙනවා කියල
    මුලින් දාන උන් කොහොමත් ගාන කවර් කරගන්නවා .