සිංහල මුස්ලිම් ජාතිවාදය අවුස්සගන්න විදියක් නැතුව හිටපු දේශපාලකයන්ට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඊශ්රායෙල් පලස්තීන යුද්ධය නිසා. දැනටමත් දෙපැත්තට බෙදිලා රන්ඩු වෙනවා. ඊශ්රායෙල් පලස්තීන රටවල් දෙකේම මිනිස්සු අති බහුතරයකට යුද්ධයක් ඕනෑ නැහැ. හමාස් එකෙයි ඊශ්රායෙල් රජයෙයි ඉහල නිලවල සුලුතරයකගේ තින්දු තීරණ නිසා තමයි රටවල් දෙකේම අහින්සක මිනිස්සුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ.