නාගා වැඩේ භාගෙට කරල තියෙන්නෙ. ඕකෙ ලෙමන් රසට පන්නල වැඩක් නෑ.. හරිනම් අමුද්‍රව්‍ය වලට ගේම ඉල්ලන්න ඕනෙ...වැඩිය ඕන නෑ මේ තියෙන එක තේරුම් ගන්න පුළුවන් නං ඇති වහල්ලුන්ට. රටේ නීතිය හරියට තියෙනව නං එක බල්ලෙක් වත් නටන්න එන්නෙ නෑ. අනිත් අතට රැවුල් තිබුනට, යුද්ධ කරලා තිබුනට, ගිරිය යටින් කතා කරාට, තරු ගහගෙන ආවට බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ කියන එක තේරුම් ගනිල්ලා ඕන නං. නැත්තං නිකන් ඉඳපන්. ✌✌
උපුටාගැනීම Nagananda Kodithuwakku
View attachment 146778
ඊයේ (2021-10-05 දින) මැලිබන් සමාගමට, පාරිභෝගික කටයුතු කටයුතු අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශයට එරෙහිව පවරන ලද නඩුව (CA/Writs/138/2021) අභියාචනාධිකරණ හමුවේ විභාගයට ගන්නා ලදී. මහජන අයිතිය බලගන්වමින් එම නඩුව පවරන ලද්දේ පාරිභෝගිකයන් නොමග යවමින් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ විකිණීමට එරෙහිව පියවර ගැනීමට එම ආයතන දෙක අසමත් වීම සම්බන්ධයෙන් හා වහාම මැලිබන් සමාගමට එරෙහිව නීතිය බලගැන්වීමට එම ආයතන දෙකට බලකරමින් ආඥාවක් ලබාගැනීම සඳහාය.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඔබ මෙහි පළකර ඇති කෘතීම ලෙමන් රසය පමණක් (සැබෑ ලෙමන් නොව) මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වල අඩංගු බවට කැනඩාවේ පාරිභෝගිකයාවෙත දැනුම්දෙන දවටනයද අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. කරුණු නොදන්නා පාරිභෝගිකයා වංචා කරන මෙවැනි වැරදි නීතියෙන් දඬුවම් කෙරෙන බරපතළ අපරාද වැරදි වන්නේය. එම අවස්ථාවේ මැලිබන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා එම සමාගම තව දුරටත් real lemon cream' අඩංගු වන බවට පාරිභෝගිකයා වංචා කරන දවටන සහිත බිස්කට් වෙළඳ පොලේ අලෙවි නොකරන බව අධිකරණයට සහතික විය. ඒ අනුව අධිකරණය විසින් ඒ බව විධිමත්ව වාර්තා කිරීමෙන් අනතුරුව එම නඩුව ඊයේ අවසන් විය.එසේ වුවද එවැනි වංචාවක මෙම සමාගම නැවත නිරත වුවහොත් අනිවාර්යෙන්ම එම සමාගමට එරෙහිව මෙම නඩුව නැවත අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමේ අයිතිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර ඇත.
යම් හෙයකින් ඔබට එවැනි real lemon cream' මැලිබන් ලෙමන් පෆ් බිස්කට් වෙළඳ පොලේ තිබී හමුවුව හොත් එම බිස්කට් පැකට් එකක් මිලදී ගෙන එහි දවටනය scan කර වහාම නාගානන්ද වෙත යොමු කරන්න. මෙම නඩුව පරිභෝගියාගේ අයිතිය ආරක්ෂා වන අයුරින් අවසන් කිරීමට සහාය දැක්වූ සියලුම අයට නාගානන්ද මෙයින් තම ස්තුතියි පිරිනමයි.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින රටවල අලෙවි කරන බිස්කට් වල කෘතීම ලෙමන් ක්‍රීම් අඩංගුවන බවට පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් නීතියක්, විනයක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල පාරිභෝගිකයා වංචා කිරීමට ස්වභාවික ලෙමන් ක්‍රීම් කියා පාරිභෝගිකයා වංචා කිරීමටත් ව්‍යාපාරික ප්‍රජාව පෙළඹෙන්නේ තම අයිතිවාසිකම් ගැන කිසිම උනන්දුවක් නොදක්වන මිනිසුන්යිගෙන් මේ රට කිසිම අඩුවක් නැති නිසාය. විනයක් නීතියක්, ගරු නොකරන, හොරකම තම ජීවිතය කරගත් 225+1 පසුපස වහලුන් මෙන් වැල නොකැඩී යන මිනිසුන්ගේ කිසිම අඩුවක් නැති මේ රට මෙහෙමවත් ඉතිරිවී තිබීමද පුදුමයකි.
[email protected]
