ලංකාවෙ වතුර ටිකට කොකාකෝලා කෙලියි

rusiyanuwa

Active member
  • ලංකාවෙ වතුර ටිකට කොකාකෝලා කෙලියි

    රටේ තියෙන ජල සම්පතට කොකාකෝලා කෙලින්නයි සූදානම. රටේ සමහර පැතිවල මිනිස්සු අවුරුද්දෙ බාගයකට වඩා වතුර නැතිව දුක් විිඳිනවා. කොකාකෝලා අැවිත් වතුර තියෙන පැති වල මිනිස්සුන්ටත් ලිංවල වතුර ගන්න තියෙන අවස්ථාව නැති කරන්න ලෑස්තිය.

    ඉන්දියාවට කොකාකෝලා යවන්න ඉන්දියාවෙ කර්මාන්තශාලා නැතිවයැ. කොකාකෝලා කර්මාන්තශාලා වලින් අසීමිත ලෙස (නියම කරපු ප්‍රමාණ වලට වඩා) වතුර ගන්නවා ඒ් නිසා ජල මූලාශ්‍ර හිඳෙනවා කියලා ඉන්දියාවෙ මිනිස්සු විරෝධතා කළානෙ. ඒ නිසා වෙන්ටැ ලංකාවට ඒන්න ලෑස්ති.

    http://nethnews.lk/article/35428

    ශ්‍රී ලංකාව කොකාකෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීන් පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකාකෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි බව පෙන්වා දෙනවා.

    එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් (Irial Finan) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග පැවැති හමුවක දී මෙම කරුණු අනාවරණ කෙරුණා.

    ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ­ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට යොදා ගෙන, කොකාකෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ද පිරිස, අමාත්‍ය රවී කරුණානායක සමග සාකච්ඡා කර තිබෙනවා.

    සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාවයි.

    විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීන් ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ද ලක් කර තිබෙනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ප්‍රශ්නයක් නෑ, වතුර වෙනුවට කොකා කෝලා බොන්න පුලුවන්නෙ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඔහොම බැලුවොත් ලංකාවේ කිසිම කොම්පැනියක් දාන්න වෙන්නේ නැ :rofl: පොල් කඩ කඩ හිටපන් සිංහලු.
     
    • Like
    Reactions: Smartm

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Its a good thing i guess, ministry of environment should be involved thats it.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එහෙම බැලුවොත් නම් තේ වගාවටත් කැළේ කපලා එලිකරනවා.ඒකෙනුත් ජල මූලාශ්‍රවලට කෙළවෙනවා.
    මැණික් ගැරිල්ලෙනුත් කොච්චර හානි වෙනවද? :confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බියගම පිහිටා ඇති කොකාකෝලා සමාගම් පරිශ්‍රයේ සිදු වූ අනතුරක්‌ හේතුවෙන් කැලණි ගඟට ඩීසල් එක්‌ වීමේ සිදුවීම ගැන මුලින් ම දැනගැනීමට ලැබෙන්නේ පසුගිය අගෝස්‌තු 17 වැනි දින ය. එම සමාගම් පරිශ්‍රයේ සිදු කරන ලද කිසියම් ඉදිකිරීම් කටයුත්තක දී ඩීසල් ගෙන යන නළයකට හානි වී ඩීසල් කාන්දු වී තිබේ. එදින සේවයේ නියුතු වූ සමාගම් සේවක පිරිස්‌ අදාළ තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විට ද සැලකිය යුතු තෙල් ප්‍රමාණයක්‌ කැලණි ගඟට එක්‌ වී තිබේ. (මේ ප්‍රමාණය තෙල් ලීටර් 1900ක්‌ පමණ බව එක්‌ වාර්තාවක සඳහන් විය.) කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ කැලණි ගඟේ මේ ප්‍රදේශයට වඩා පහළිනි. මේ නිසා ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන ලද අතර බලධාරින් විසින් ගඟෙන් ජලය ලබාගැනීම නවතා දමා මේ තෙල් ඇතුළත් ජලය ගඟ දිගේ පහළට ගසා ගෙන යැමට සලස්‌වා තිබිණි.

    කෙසේ වෙතත් යළිත් අගෝස්‌තු මස 28 වැනි දින කැලණි ගඟේ ජලයේ තෙල් තට්‌ටුවක්‌ ඇති බව අනාවරණය විය. ඒ නිසා කෙටි දැනුම් දීමකින් පසුව එදින කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ හා දෙහිවල-ගල්කිස්‌ස යන මහ නගරසභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන ලදි. මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ ගඟේ ඉවුරුවල තිබූ තෙල් කාන්දුවේ අපද්‍රව්‍ය ඒ දිනවල ඇති වූ අධික වර්ෂාවට සේදී ගොස්‌ ගඟට එක්‌ වීම බව බලධාරීන් විසින් හෙළි කරන ලදි. අපවිත්‍ර ජලය ගඟ පහළට ගසා යැමට හා පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සඳහා රාජ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ජල සැපයුම එදින සවස්‌ වන විට යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මේ කටයුතු සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් ය.

    මේ තෙල් කාන්දුව පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් මධ්‍යම පරිසර අධිකාරිය පළමුව අදාළ සමාගමේ පරිසර ආරක්‌ෂක බලපත්‍රය තහනම් කළ අතර, ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලදි. පසුව අගෝස්‌තු මස 31 දින එම තහනම ඉවත් කරන ලද අතර ඒ පරිසර අධිකාරිය පවසන පරිදි ඒ කොන්දේසි සහිත ව ය. සමාගම තවදුරටත් තෙල් කාන්දු වීම් ඇති නො වන ලෙස ක්‍රියා කිරීම මීට හේතුව සේ දක්‌වා තිබිණි. එසේ ම අධිකාරීන් විසින් නියම කරන ලද නිර්දේශ සපුරා ලීම මේ කියන කොන්දේසි අතර වේ. ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ වූ බව ද වාර්තා විය. මේ අතර අපවිත්‍ර තෙල් ඉවත් කිරීම හා ජල පොම්පාගාරයේ ඇති වූ හානි සඳහා වූ වියදම ප්‍රතිපුර්ණය කිරීමට අදාළ සමාගම එකඟ වී ඇති බවක්‌ පුවත්පත්වල වාර්තා විය. එක්‌ වාර්තාවකට අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදු වූ අලාභය රුපියල් මිලියන 130කට අධික බව පැවසේ. මේ අලාභයට තෙල් නිසා අපවිත්‍ර වීමෙන් පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නොහැකි වූ ජලය ලීටර් 200,000ක්‌, පවිත්‍රාගාරයේ තෙල් පිරිසිදු කරන ජල පෙරණ හා ජල තටාක පිරිසිදු කිරීම හා මේ කටයුතු සඳහා යොදාගත් අතිරේක සේවකයන් හා අතිරේක බලශක්‌තිය සඳහා වූ වියදම ද අයත් බව පෙනේ. මේ අතර ගඟේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා මැදිහත් වූ සාගර පරිසර ආරක්‌ෂණ අධිකාරිය හා සේවා සැපයූ පෞද්ගලික ආයතනයකින් ද රු. 177,000 ක්‌ හා මිලියන 1.45ක්‌ ලෙස වියදම් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ. මේ අනුව සමස්‌ත වියදම මීට වඩා ඉහළ යා හැකි අතර, එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වෙත යොමු විය හැකි ය.

    කෙසේ වෙතත් පසුගිය ඉරිදා පුවත්පතකට ජල සම්පාදන මණ්‌ඩලයේ සභාපතිවරයා පවසා තිබූ ආකාරයට ඉන්දියාවට යෑවූ ජල නිදර්ශක සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළි ව ඇති පරිදි, ගංගා ජලයේ අඩංගුව තිබුණේ මෙතිලින් වර්ගයේ කාබනික සංයෝගයකි. ඇතැම් සාම්පලයක අදාළ සංයෝගය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5ක පමණ මට්‌ටමින් හමු වී ඇති බව ද වාර්තා වේ. (මේ කරුණ අදාළ සිදුවීම පිළිබඳ ගැටලූ ඇති කරන අතර, ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අපේක්‌ෂා කළ හැකි ය.)

    රතුපස්‌වල හා කැලණි ගඟ

    උක්‌ත සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ තෙල් කාන්දුව නිසා කැලණි ගඟ දූෂණය වීම හා ජලය අපවිත්‍ර වීම ගැන සමාජයේ එතරම් අවධානයක්‌ යොමු නො වූ බවයි. අනෙකක්‌ තබා ජනමාධ්‍යවල ද මේ පිළිබඳව මුලින් දැකිය හැකි වූයේ අඩු උනන්දුවකි. කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ විය. ඒවා අතර රජයේ බලධාරීන් ගේ නො සැලකිල්ලේ සිට අදාළ සමාගමේ නිෂ්පාදන ප්‍රතික්‌ෂේප කිරීම දක්‌වා වූ විවිධ කරුණු උලූප්පා දක්‌වා තිබිණි. පුදුමයකට මෙන් සමාජයේ මෙවැනි සිදුවීම් පිළිබඳ කටයුතු කරන පරිසර හා සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් අතර පවා මේ සිදුවීම පිළිබඳව ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක්‌ දැකිය නොහැකි විය.

    රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක ගේ පානීය ජල සැපයුම හා ගංගාවක්‌ දූෂණය වීම මෙසේ රටේ එතරම් අවධානයක්‌ යොමු නො වූයේ ඇයි ද යන්න ම`දක්‌ විමසීම වැදගත් කරුණකි. එහි දී අපට මෑතක දී ඇති වූ රතුපස්‌වල ජල ගැටලූව පිළිබඳව අවධානය යොමු කළ හැකි ය.

    ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති රතුපස්‌වල ප්‍රදේශයේ පානීය ජලයේ ආම්ලිකතාව ඉහළ යැමට හේතුව කම්හලකින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය බව ජනතාව ගේ චෝදනාව විය. එහෙත් විද්‍යාත්මක පර්යේෂණවලින් ඒ බව සනාථ නො වූ බව රාජ්‍ය බලධාරීන් ගේ මතය විය. එහෙත් ප්‍රදේශවාසී ජනතාව අදාළ සමාගම වසා දමන තෙක්‌ උද්ඝෝෂණය කළ හ. මේ සඳහා ඇතැම් දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නො වන සංවිධාන හා ක්‍රියාකාරීන් ගේ මැදිහත් වීම දැකිය හැකි විය. එසේ ම එය පැවැති රජයට එරෙහි උද්ඝෝෂණයක්‌ බවට ද පත් විය. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස ජීවිත කිහිපයක්‌ අහිමි වූ අතර අදාළ කම්හල එතැනින් ඉවත් කරගන්නා ලදි. එසේ ම ජනතාවට පානීය නළ ජල සැපයුමක්‌ ලබා දීමට ද රජය පියවර ගත්තේ ය. ඒ දිනවල රතුපස්‌වල පිළිබඳව කතා කළ අය අතර, පරිසරවේදීන්, දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වූ අතර එය කිසියම් ආකාරයක ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වූ බවක්‌ දැකිය හැකි විය.

    කෙසේ වෙතත්, පසුගිය දා කැලණි ගඟට තෙල් නිකුත් වූ අවස්‌ථාවේ දී රටේ එවැනි තත්ත්වයක්‌ දක්‌නට නො වී ය. මේ සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව කිසිදු දේශපාලන බලවේගයක්‌ හෝ රාජ්‍ය නො වන සංවිධාන හෝ සැලකිය යුතු තරම් උනන්දුවක්‌ දැක්‌වූ බවක්‌ අසන්නට දකින්නට නො ලැබිණි. එසේ ම ඇතැම් ක්‍රියාකාරීන් පවා සිය ෆේස්‌බුක්‌ ගිණුමේ කළ ප්‍රකාශයකින් හෝ සටහන් කිහිපයකින් ඔබ්බට ගිය බවක්‌ දැකිය හැකි නො වී ය. බැලු බැල්මට පෙනුණේ මේ පිළිබඳව ජනතාව ද එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ බවකි. නැත හොත්, එය ගැන කතා කරන්නට කිසිවක්‌ නොමැති ද යන්න පවා ගැටලූවක්‌ විය. එසේ ම මුල් ම තෙල් කාන්දුව ඇති වූයේ අගෝස්‌තු 17 දින වුවත්, මේ ගැන තරමක්‌ හෝ සාකච්ඡාවක්‌ දැකිය හැකි වූයේ පසුගිය 28 වැනි දින කොළඹ හා අවට ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලැබූ පසු ව ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල ජලයේ තෙල් සහිත බව හා දුගඳක්‌ දැනුණු පසුව ය. ඒ අනුව මේ ගැටලූව ජනතාවට දැනුණේ පානීය ජලයේ අර්බුදයක්‌ ඇති වූ පසුව බව පෙනේ.

    ගංගා පරිසරය නොවැදගත් ද?

    මෙහි දී මතු වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් පළමුවැන්න වන්නේ කැලණි ගඟ පරිසර පද්ධතියට තෙල් එකතු වීම නිසා කිසියම් ආකාරයක පරිසර දූෂණයක්‌ සිදු වූ බව වැදගත් නො වූයේ ද යන්න ය. එය මිනිසුන්ට බලපාන බව වටහාගත් අවස්‌ථාවේ දී පමණක්‌ ඒ ගැන සැලකිල්ලක්‌ යොමු වුයේ ඇයි? ගඟ සහ ගංගා පරිසරයට මින් සිදු වූ බලපෑම ගැන කිසිදු අවධානයක්‌ යොමු නො වී ය. එහෙත් අදාළ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයේ දී හෝ මේ ගංගා පරිසරයට කිසියම් බලපෑමක්‌ ඇති වූ බව පැහැදිලි ය.

    කැලණි ගඟ යනු මෙරට ප්‍රධාන ගංගා අතරින් සැලකිය යුතු තරම් දූෂණයකට ලක්‌ වූ පරිසර පද්ධතියකි. අවිස්‌සාවේල්ල සිට පහළ ප්‍රදේශ තෙක්‌ කැලණි ගඟ ආසන්නයේ ඇති කර්මාන්තශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ කාලයක සිට සිදු වන්නකි. එහෙත් මේ පිළිබඳව බලධාරීන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් තරම් යොමු ව තිබේ ද යන්න සැකසහිත ය.

    රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහි දී වැදගත් කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ උක්‌ත සිදුවීමේ දී ඇති වූ ජල දූෂණයට හේතු වූයේ කුමන රසායනික ද්‍රව්‍යයක්‌ ද යන්න තීරණය කිêමට අවශ්‍ය පරීක්‌ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට නො තිබූ බවයි. ඒ නිසා අදාළ ජල නිදර්ශක ඉන්දියාවට යෑවීමට සිදු වූ බව බලධාරීන් මාධ්‍යවලට පවසා තිබිණි. මෙවැනි සිදුවීමක දී ඇති වන ප්‍රමාදය වැළැක්‌වීමට එවැනි රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්‌ෂණ සඳහා වූ පහසුකම් මෙරට ස්‌ථාපිත කළ යුතු ව තිබේ.

    අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ඇති වීමට ඉඩ නො තැබීම සියලූ පාර්ශ්වවල වගකීමක්‌ බව ය. ජලය යනු හුදෙක්‌ මිනිසුන් ගේ පානය පිණිස පවත්නා සම්පතක්‌ පමණක්‌ නො ව, සෙසු ජීවීන් ගේ පැවැත්ම සඳහා ද වැදගත් වන ස්‌වාභාවික සම්පතක්‌ බව අප සිහි තබාගත යුතු ය.

    ධනේෂ් විසුම්පෙරුම

    ලොකු දෙයක් පුලුවන් තරම් ඔය වගේම කර්මාන්ත ශාලා දාපල්ලා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෝඩ හුකන්නල නේ ඉන්නේ ඉතින් ලංකාවේ පාරක් හැදුවොත් පරිසර කෙස් ,වතුර ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් .එලෙක්ට්‍රිසිටි ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් ලංකාවට පරමාණු බලාගාරයක් එන්ඩ යනකොට එක නැවැත්තුව හැබැයි කරන්ට් බිල වැඩි වෙනකොට එකටත් කෙස් .. පිටරට ආයෝජන එන්න ඕනිලු හැබැයි එනකොට කෙස් ..." මෝඩ හුකන්නලා" වෙන වචනයක් නැ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සංවර්ධනය වැඩිවෙනවා කියන්නේ එතන පරිසර හානියත් වෙනවා.
    දෙකම බැලන්ස් කරගෙන තමයි යන්න වෙන්නේ.
    ඔයවගේ ප්‍රොජෙක්ට් දැම්මට පස්සේ, එවුවා හරියට රේගුයුලේට් කරන්න ඕනේ.
    රුක් රෝපණ වැඩසටහන් වගේ දේවල් කරන්න නියම කරන්න පුළුවන්.
    එතකොට සිදුවන හානිය අඩුකරගන්න පුළුවන්.

    හබැයි ඉතින් මේක ලංකාවනේ..............
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෝඩ හුකන්නල නේ ඉන්නේ ඉතින් ලංකාවේ පාරක් හැදුවොත් පරිසර කෙස් ,වතුර ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් .එලෙක්ට්‍රිසිටි ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් ලංකාවට පරමාණු බලාගාරයක් එන්ඩ යනකොට එක නැවැත්තුව හැබැයි කරන්ට් බිල වැඩි වෙනකොට එකටත් කෙස් .. පිටරට ආයෝජන එන්න ඕනිලු හැබැයි එනකොට කෙස් ..." මෝඩ හුකන්නලා" වෙන වචනයක් නැ
    :cool::cool::cool::cool:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ශ්‍රී ලන්කාව කියන්නේ ස්වාභාවික සම්පත් වලින් පිරුනු දේශයක්..
    ඒත් අවාසනාවකට යම් දෙයක හොද නරක තේරුම් ගන්නටවත් මිනිස්සුන්ට බුද්ධියක් නැහැ.:sorry:
    පාට පක්ෂ වලට බෙදිලා මේ විනාශ කරගන්න යන්නේ තමන් ජීවත් වෙන රට නේද කියන එක ගොඩ දෙනෙක්ට තේරුම් ගන්න බැහැ.:sorry::sorry:

    හේතුව හුස්ම ගන්න වාතය ටික ලැබෙනවා නිකන්ම උඩට අදිද්දී. :dull:
    සල්ලි තියන නිසා කලා ඇදලා ඉන්නවා.
    වතුර තියෙන නිසා පිපාසය නිවෙනවා.
    ඉතින් වෙන මොන ලබ්බවල්ද නේද කියලානේ හිතන්නේ...:oo:

    වතුර තියෙන නිසා ???? :confused::confused::confused:
    ජලය කියන්නේ ඉතා දුර්ලභ සම්පතක්. මිල කරන්න බැරි සම්පතක් කිවුවොත් ඉතාමත් නිවැරදියි.
    ඒ සම්පත ඔයාලට හැම වෙලාවකම ලබාගන්න තවමත් පුලුවන් කම තියන නිසා, අඩුම තරමේ බොතල් විදියට වත් ලැබෙන නිසා ඒකෙ අවදානම තේරුම් ගන්න හැකියාව නැහැ.:dull::dull:

    ලොකේ කොච්චර ජලය තිබුනත් ඒකෙන් භාවිතයට ගන්න පුලුවන් ජලය තියෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක්.
    ඒ වගේම බීමට සුදුසු ඉතා පිරිසිදු ජලය තියෙන්නෙත් රටවල් කීපයක විතරක් බව ඔයාලා දන්නවාද? ලන්කාව ඒ රටවල් අතුරින් ඉහලම තැනකයි ඉන්නේ.:yes:

    වතුර එක බින්දුවක්වත් නැතුව දවස් 2ක්, එක පැය 48ක් ජීවත් වෙන්න ඔයාලට ඉඩ දුන්නානම් මම මේ කියන දේ තේරුම් යාවි ඔය පාට පාට මොල ගෙඩි වලට.:yes:

    අපේ Elakiri Members ගොඩ දෙනෙක්ගේ ගෙවල් වල ලිදක් ඇති. සමහර විට දැකලා හරි ඇතිනේ. :dull:
    ඔය ලිදට ජලය එන්නේ බූගත ජලයෙන් බවත් දන්නවා ඇතිනෙ. අපි ජීවත් වෙන පෘතුවියේ ප්‍රධාන ජල සන්චායක කලාප 2ක් තියනවා.

    aquifersandwells.gif

    බලන්න. මේ පින්තූරේ දිහා. මේ පින්තූරේ තියනවා අපේ ලිදට කොහොමද ජලය ලැබෙන්නේ කියන එක සහ ඒ ජල තට්ටුවේ සීමාව ගැන.

    මේ ජල සන්චායක තට්ටුවේ ජලය සාමාන්යයෙන් හෙමිහිට තමයි නැවතත් ප්‍රතිස්ථාපනය වෙන්නේ. :dull:

    මේ ජල තට්ටුවට ජලය හෙමිහිට ගලා බසින්නේ උල්පත් වලින්. ඒ කියන්නේ පස් අතරින් පෙරී එන ඉතාමත් පිරිසිදු වැහි ජලය.:dull::dull:

    එතකොට මේ ඊට පහතින් තියන භූගත ජල මට්ටම මොකද්ද. ලෝකේ පැවැත්මට ඉතාමත් උපකාරී වන මේ ජල මට්ටමේ තියන ජලය, අපි නල ලිද කියලා එකකින් එලියට ගන්නවා.
    මෙන්න මේ ජලය නැවත සෑදෙන්න ඉතා විශාල කාලයක් වැය වෙනවා. :yes::yes:

    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනදී..???

    Coca Cola Company එක පාවිච්චි කරන්නේ මෙන්න මේ වතුර. අන්න එතනයි ප්‍රශ්නේ ඇතිවෙන්නේ. මොකද ඔවුන් මේ වතුර ඉහලට අදින්නේ ඉතාමත් කෑදර කමකින්.:angry::angry:
    මොකද සාමාන්‍ය මනුස්සයෙක් වතුර කලයක් දෙකක් පුරවගනී දවසකට මේ නල ලිදකින්.

    ඒත් මේ Company කාරයෝ එහෙමද කරන්නේ??? :angry::angry:
    නැහැ. කොහොත්ම නැහැ මිත්‍රවරුනි. මොවුන් මේ ජල සන්චායකයේ තියන වතුර අධික කෑදර කමකින් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඇදගන්නවා.:angry::angry:
    එතනදී වෙන්නේ මොකද්ද???:dull:

    භූගත ජලය ටික ටික හිදෙන්න පටන් ගන්නවා.
    ලින් වල තියන ජලය හිදෙන්න, වැව් වල තියන ජලය, ජලාශ වල තියන ජලය හිදෙන්න පටන් ගන්නවා ටික ටික.
    ලක්ශ ගනන්
    කොමිස් වලට යට වෙලා ඉන්න දේශපාලුවන්ට මේක තේරුම් ගන්නවත් ඕන කමක් නැහැ. උන්ට ඕන සල්ලියි බලයයි විතරයි මිත්‍රවරුනි.:dull: මොකා වුනත් ඕක තමයි ලන්කාවට කරන්නේ.:angry::angry:

    අල්ලපු රටේ මේ දේ Coca cola company කරන්න යද්දී ගොවීන් තමන්ගේ ජීවිත පරදුවට තියලා මේ වෙනුවෙන් සටන් කරා.! :yes:
    ඒත් ඉන්දියාවේ දෙශපාලුවන් එක්ක හැප්පෙන්න අහින්සක මිනිස්සුන්ට බැරි වුනා. ඔබ අද පානය කරන හැම Coca cola බින්දුවකම තියෙන්නේ
    අහින්සක ගොවීන්ගේ, ඒ අහින්සක මිනිස්සුන්ගේ ශාපය විතරක් බව ඔයාලට නිකමට වත් වැටහුනාද.?? :angry::angry:

    මෙච්චර දවස් මම කට වහගෙන හිටියා මේ EK Forum එකේ එක එකා පාට පක්ශ බදාගෙන ඇන කොටා ගන්න හැටි. :angry: තවත් නම් බෑ.
    මොකද මේක අපි ජීවත් වෙන අපේ භූමිය.:yes:
    සුදු මිනිස්සු ඉස්සර කලෙත් මේ දේම තමයි.
    ඒ ලන්කාවේ සාර
    උරා ගෙන ඔවුන්ගේ නිජ බිම් කරා රැගෙන යාමත්, ලන්කාවෙම ඉදගෙන ලන්කාවෙ සම්පත් බුක්ති විදලා ඒ සම්පත් විකුනලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමත්.:angry::angry:
    ඒ කාලෙත් මෙහෙම දේශ පාලුවෝ හිටියා මුදලට යට වෙන.:angry::angry:
    ඒත් අභීත ජාතික වීරයෝත් හිටියා කිසිම භේදයක් නැතුව තමන්ගේ රට වෙනුවෙන් සටන් කරපු.:yes:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ශ්‍රී ලන්කාවෙ තියන බොන්න පුලුවන් පිරිසිදු ජලය දැනටත් හිග වෙමින් තියෙන මොහොතක මේ විදියේ සිදුවීමක් සිද්ද වුනොත් ශ්‍රී ලන්කාව මුඩු බිමක් බවට පත් වෙන එක වැඩි ඈතක නොවේවි.:dull::dull:

    එකම හේතුව ඔයාලා හැමෝම පාට කන්නාඩි දාගෙන මේ දිහා බලලා එක එකාට බැන ගනිද්දී මේ දේවල් සිද්ද වෙනවා යටින්. :angry::angry:
    බුද්ධිය ඇතුව මේ දිහා බැලුවොත් ඒක තේරුම් යාවි. මොකද මේක තේරුම් ගන්නත් බොන වතුර ගැන දැනීමක් තියෙන්නම ඕන නිසා..:dull:

    හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුලුවන් කම තියෙන්න ඕන මිනිහෙක් වුනාම. ඒකට පක්ශ පාට අදාල නැහැ. :angry:
    දේශපාලුවෝ ඉන්නේ මිනිස්සුන්ගේ චන්දේ අරගෙන මිනිස්සුන් වෙනුවෙන් වැඩ කරන්න මිසක් උන්ගේ මඩිය තර කරගන්න නෙවෙයි.:angry:
    එහෙම එවුන් මොන පක්ශෙන් ආවත් ගෙදර යවන බලය තියෙන්නෙ මිනිස්සුන්ටමයි. ඒක උන් දන්න නිසයි චන්ද කාලෙට අපේ ගෙවල් දොරවල් උන්ට මතක් වෙන්නෙ.:angry::angry:

    පාර්ලිමේන්තුවට මිනිහෙක්ව යවන්නේ අපේ ගම නගරය නියෝජනය කරවන්න විතරක් නෙවෙයි.:angry:උන්ගෙන් මේ රටට ජාතියට සේවයක් ඉශ්ට වෙනවා දකින්න ඕන නිසා විතරක් වෙන්න ඕන. ඒ අරමුනයි මිනිස්සුන්ට ඇතිවෙන්න ඕන.
    එහෙම නැතුව තමන්ගේ පාට දිනවගන්න එක නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ ජීවිතේ දවසක් හරි දිනාගන්න උත්සාහ කරපල්ලා. එකයි වටින්නේ.:yes:
    මේ විදියට හිතන්න තරම් බුද්ධියක් ලන්කාවේ මිනිස්සුන්ට එන දවසට ලන්කාව සුන්දර දේශයක් බවට පත් වේවි. :yes::yes:

    ඒක සිහිනයක්ද ඇත්තක් වේවිද කියල කියන්න නම් දන්නේ නැහැ.....:dull:
     
    • Like
    Reactions: ruwantheekshana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කැලෑ වැවෙන්න ඇරලා හන්ටින් පාරක් දාන් ආතල් එකේ ඉදහල්ලා සිංහලු...මේ රටේ කොහෙද බන් වතුර ඉවර වෙන්නේ? අනික වතුර ඉවර වෙනවා කියල දෙයක් නෑ
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43

    :yes: nice explaining