ලංකාවේ ඇපල් ගස් වවමු....
මෙක බුකියෙන් ඉස්සුවෙ හොදයි කියලා හිතුන හින්දා දාන්න හිතුනා.
පොස්ට් ලින්ක් එක.
https://www.facebook.com/groups/613859485336749?view=permalink&id=1210311155691576&refid=18
සාරබුමී ගෘප් ලින්ක් එක
https://www.facebook.com/groups/613859485336749
ඇපල් ඇට පැලකරගන්න මම බාවිතා කල එක් ක්රමයකි.
■ කඩෙන් ගනන ඇපල් වලින් ඇට වෙන්කරගන්න, ඇට වෙන්කරගත් පසුව ඒවා හොදින් හෝදන්න. විශබීජ නාශකයකින් සේදීම කල හැකිනම් හොදයි.
■ ඊට පසුව හිස් අයිස්ක්රීම් පෙට්ටියකුත් හොදින් සෝදා, නැවත එය විශබීජ නාශකයකින් සෝදාගන්න.
■ එහි පතුලට පේපර් සර්වියට් 2-3ක් එලා, එහි ඇපල් ඇට දමා තව පේපර් සර්වියට් 2කින් ඇට වහන්න.
■ පේපර් සර්වියට් තෙමෙන්න ජලය දමන්න, වැඩිපුර නෙමෙයි ගානට පෙගෙන්න විතරයි. පොඩි ප්රමාණයේ බෝතල් කල වතුර බෝතලක් ප්රමානයේ බෝතලයකට ජලය පුරවා එයට හයිඩ්රිජන් පෙරොක්සයිඩ් බෝතල් මූඩියක් දමා හොදින් කවලම් කර, අර ඇපල් ඇට දැමූ පෙපර් සර්වියට් තෙමීමට බාවිතා කල හැක.. එතකොට බීජ පැලවීම ඉක්මන් වෙන බව පැවසේ.
■ ඊලගට අයිස්ක්රීම් පෙට්ටිය හොදින් වසා ෆ්රිජ් එකට දාන්න, ඩීෆ්රීසරේට නෙමෙයි.
■ පේපර් සර්වියට් එකේ තෙතමනය වියලීමට ඉඩ නොදී පවත්වාගැනීම ඉතා වැදගත්ය.
■ පුස් වර්ධනය වන බවක් දක්නට ලැබේනම්, පේපර් සර්වියට් ඉවත්කර අලුත් ඒවා යෙදිය යුතුය. බාජනයද පිරිසිදු කල යුතුය.
■ මාසයක් එකහමාරක් යනවිට හෝ ඊට කලින් ඇපල් ඇට එකිනෙක පැලවෙන්න පටන්ගන්නවා.
■ පැලවෙන්න පටන්ගත් පසු ඇට අඩංගු අයිස්ක්රීම් පෙට්ටිය පැය 12-24ක් කාමර උශ්නත්වයෙ තමා නැවත් ෆ්රීජ් එකට දාන්න. එවිට ඇට පැලවීම වේගවත් වේ.
පැලවෙන්න පටන්ගත් කුඩා ඇට වල මුල් 1cm-2cm පමන දිගකට වැඩෙන විට සෑදිය යුතුය.
■ කුඩා පැලවෙමින් පවතින බීජ ඉතාම හොදින් ජීවාණුහරනය කල පස් මාද්යක් පිරවූ පොලිතීන් මලු වල හෝ කුඩා පෝච්චිවට සෑදිය යුතුය. ඊට පසුව ඒවා හැකි පමන පිරිසිදු පරිසරයක තැබිය යුතුය. මේ වැඩේ තමා අසීරුම කාර්යය වන්නේ. මොකද කුඩා පැල සෙන්ටිමීටර 1-4ත් අතර උසකට වර්ධනය වන විට පැල වලින් 95%පමන හෝ100%යම මියයෑම සිදුවේ.
■ ඊට පසුව පැල වලට වැඩි ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. පත්ර යුශ උරාබොන කෘමීන්ගේ හානි තමයි වැඩිපුරම දක්නට ලැබෙන්නෙ.
■ ගෙඩි එයිද නැද්ද කියලා අහන්න ඒපා එවා ගැන කියන්න මම දන්නෙ නෑ.මොකද මගෙ ලග තියෙන්නෙ තාම කුඩා පැල විතරයි.
■ ■ ■ ■ වැඩි විස්තර සදහා පහත ලිංක් බාවිතා කරන්න.
■ ■ Growing Apple trees from seed.
http://www.instructables.com/id/Growing-Apple-trees-from-seed/?ALLSTEPS
■ ■ Seed Germination Paper Towel - How to Start Seeds Fast!
https://www.youtube.com/watch?v=nuE9zpdo67Y
■ ■ How To: Seed Germination - Paper Towel Method
https://www.youtube.com/watch?v=iIs2KnF0D2I
■ ■ Improved paper towel and baggy method for germinating seeds
https://www.youtube.com/watch?v=dirz0WIMQi0

මොකද ඊට වැඩිය හොදයි ගහක හැදෙන පේර ගෙඩියක්, අනෝදා ගෙඩියක්, දෙලුම් ගෙඩියක් කන එක. 