ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල

    travel_New-8330178373.jpg


    ශ්‍රී ලංකාවේ උසින් දෙවැනි තැන හිමිවන දිය ඇල්ල ජනී ජනයාගෙන් පිරී යා යුතු යැයි අපිට එක්වරම හැ‍‍ඟෙනු ඇත. එහෙත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල වන ‍කුරුඳුඔය ඇල්ල තවමත් ඇත්තේ බොහෝ දෙනෙකුගේ නෙතු මානයෙන් බැහැරවය.

    මධ්‍යම පළාතට, නුවරඑළි දිස්ත්‍රික්කයට සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුඳුඔය ඇල්ල මුහුදු මට්ටමින් මීටර් 1101 ක උසින් පිහිටා ඇති අතර දිය ඇල්ලේ උස මීටර් 206 කි.

    මෙම දිය ඇල්ල දෙස්'විදෙස් සංචාරකයන්ගෙන් මෙසේ දුරස්වීමට හේතුව ඇල්ල දක්වා වැටී ඇති මාර්ගයේ පවත්නා ගමනාගමන දුෂ්කරතාවය බවට සැක නැත.වලපනේ ජපන් සාම චෛත්‍ය සහිත විහාරය පිහිටියේ ප්‍රදේශයේ උස්ම භූමිභාගයක් මතය. එනිසා එම ස්ථානයට රන්දෙණිගල ජලාශය ඇතුළු වලපනෙන් පහළ ඉසව්ව හොඳින් දැක බලා ගැනීමට හැකි වනු ඇත. මෙම කුරුඳුඔය ඇල්ලට යාම සඳහා එම සාම චෛත්‍යය පසුකොට කිලෝමීටර් 05 ක් පමණ දුරක් පසුකළ යුතුය.

    වලපනේ සිට ඇල්ල දක්වා ඇති දුර කිලෝමීටර් 07 ක් පමණය. ඇල්ලේ ඉහළ කොටස පෙනෙන මානය දක්වා රථවාහන වලින් යා හැකි වුවත් ඒ සඳහා රළු ගමන් සඳහා උචිත වාහන පමණක් යොදා ගත යුතුය.
    පිඳුරුතලාගල කඳු පන්තියේ උතුරු අර්ධයෙන් උපත ලබා උතුරු දෙසට ගලා බසින කුරුඳු ඔයට ඒ නම ලැබී ඇත්තේ ඒ දෙපස ඇති කුරුඳු වගාවන් නිසා යැයි කියනු ලැබේ.

    එම කුරුඳු ඔයට මතුරට ප්‍රදේශයේ හමුවන විශාල ගල්පර්වතයක් මතින් කොටස් දෙකකින් ඇද හැළීම මත මෙම ඇල්ල නිර්මාණය වී ඇත. අතීතයේ මෙම ඇල්ල මතුරට ඇල්ල ලෙසද හඳුන්වා ඇති බව අපට දැනගත හැකි විය. මෙම ඇල්ලෙහි විශේෂත්වය වන්නේ මෙහි සම්පූර්ණ දර්ශනය ඇල්ල සමීපයේ දී දැකගැනීමට නොහැකිවීමය.

    දුර සිට බලන විට ඇල්ල සම්පූර්ණයෙන් දිස්වන අතර සමීපයේ දී එහි පහළ කොටස පමණක් දිස්වීම නිසා මෙහි සැබෑ උස එය සමීපයේ සිට ගණනය කළ නොහැක. කෙසේ හෝ මෙම දිය ඇල්ල නැරඹීමට යන්නේ නම් එම ගමනේ අසීරුව තරමක්දුරට හෝ අත්විඳ ගැනීමට සූදානමින් සිටිය යුතුය.

    එමෙන්ම මෙම ඇල්ල පාමුල පෞද්ගලික ජල විදුලි බලාගාරයක් තැනීම නිසා මෙහි සොබා සෞන්දර්යට සේම ඇල්ල සහ ඒ අවට ශාක සත්ව ප්‍රජවට සිදුවන අහිතකර බලපෑම අවප්‍රමාණ වී තිබේ. එමෙන්ම මෙම දිය ඇල්ල දිය නෑම සඳහා කෙසේවත් සුදුසු නොවන්නේ මෙම ප්‍රදේශය කෙතරම් වියළි සහගතව පැවතියද පිඳුරුතලාගල කඳුකරයට වැසි ඇද හැලෙන විට මෙහි ජලමට්ටම සහ ජලයේ වේගය විශාල වශයෙන් ඉහළ නැංවෙන බැවිනි.

    මේ වන විට එසේ අන්තරාකාරී ලෙස දිය නෑම නිසා ජීවිත රැසක්ම කුරුඳුඔය ඇල්ලට බිලි වී ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

    කෙසේ හෝ සොබාදහමේ සහ පරිසරයේ ආස්වාදය ලැබීම සඳහා තරමක දුෂ්කර අත්දැකීමක් ලැබීමට කැමති ඔබ කාටත් මෙම ගමන ඵලදායී අත්දැකීමක් වනු ඇත.

    උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඕකට දෙරනේ චතුරයා ගිහින් තිබුනා..



    මේ විඩියෝ එකේ විස්‍තරේ තියෙනවා.. බලාන්..:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඔය දිය ඇල්ල ලඟට කවදාවත් ගිහින් නම් නෑ. හැබැයි එක පාරක් 18 වංගුව පාරේ යද්දී හුන්නස්ගිරිය කිට්ටුවදී එක පාරටම ඈතින් දිය ඇල්ලක් දැක්කා.
    ඊට පස්සේ වාහනෙන් බැහැල එකේ පොටෝ එකක් අරගෙන ට්‍රැවල් ගෘප් එකකට දාලා ඇහුව ඒ දිය ඇල්ලේ නම....
    බලද්දී අපි දැකල තියෙන්නේ කුරුඳු ඔය ඇල්ල.

    ඒක හුන්නස්ගිරියට පෙනුන කිව්වමත් හරි පුදුමයි.:yes:

    උඩ තියෙන්නේ සාමාන්‍ය දැකපු විදිහ.

    යට තියෙන්නේ,zoom කරපු පොටෝ 02

    :shocked::shocked::shocked:


    cUpjNC6.jpg


    JnLwoxt.jpg


    gL7xTnk.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    මිනිස්සු අඩුවෙන් යන එකම හොඳයි. නැත්නම් ඔය තැන් දවසෙන් විනාශ කරනවා.