ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්ම ඕන

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලංකාවේ තාම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්තු කෙනෙක් ජනාධිපති වෙලා නෑ. දැන් අවුරුදු 79ක් විශ්ව විද්‍යාල ඇතිවෙලා. ඒකියන්නේ නිදහස් අධ්‍යාපනය අසාර්ථකයි කියන එක.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Thread closed

    203443737_1814097148751728_3812122494921902373_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේ වගේ එකක් තමයි හොඳ. 👇 උපාධි ප්‍රමිතිය evaluate කරන ආයතනය ස්වාධීන විය යුතුයි. ඒගොල්ලන්ට බලපාන නීති දැඩි විය යුතුයි. ඒ ටික මගේ. පහළ ඒවා උපුටා ගැනීම් Chamod Hettiarachchi ගෙන්. (FB)



    ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කරන්න මගේ යෝජනා...

    KDU පනත සම්බන්ධව දාපු පෝස්ට් එකට මගෙන් යෝජනා අහලා තිබ්බා. KDU එකට විතරක් නෙමේ ලංකාවේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය (රාජ්‍ය සහ පුද්ගලික) සම්බන්ධයෙන් මගේ යෝජනා මෙන්න මෙහෙමයි.

    පලවෙනිම කාරණාව ලංකාවෙ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන අඩු කරන්න ඕනෙ. සංඛ්‍යාත්මකව නෙමේ. නාමිකව. ඒ කියන්නෙ දැන් ගත්තොත් කොලඹ අවට විශ්වවිද්‍යාල හතරක් තියෙනවා. කොළඹ, ජපුර, කැලණිය, මොරටුව. ඔය හතරම එක විශ්ව විද්‍යාලයක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඔය හතරම X විශ්වවිද්‍යාලයට අයත් මණ්ඩප. ඒ කියන්නෙ X University එකේ Campus තමා ඔය හතර. පේරදෙනිය,සබරගමුව Y University එක.රජරට, වයඹ, යාපනය, මඩකලපුව Z university එකේ Campus. ඔය විදිහට කලහම World university rankings වලත් අපිට උඩට එන්න පුලුවන්. ඒ ගැන මම කලින් පොස්ට් එකක් දාලා තියෙනවා. අනිත් එක එතකොට ඔය හැම Campus එකකම වෙන වෙනම අලුතින් faculty දාන්නෙ නැතුව එක එක කැම්පස් එක එක එක ක්ශේත්‍ර වලට specialize කරන්න පුලුවන්. එතකොට අර හැම faculty එකටම මූලික විද්‍යාගාර පහසුක ම් වෙන වෙනම දාන්න යන මුදල් ඒඒ කැම්පස් වල advance research facilities දියුණු කරන්න යොදවන්න පුලුවන්. උදාහරණයක් විදිහට දැන් මොරටුවෙ Engineering faculty එකක් තියෙනකොට ආයෙත් ඊට කිලෝමීටර් පහක් එහා පැත්තේ ජපුරෙ අලුතෙන්ම Engineering faculty එකක් පටන් අරන් ඒකට අර මූලික විද්‍යාගාර පහසුකම්, ආචාර්ය මණ්ඩල අනම් මනම් දාන්න යන මුදල් සහ ශ්‍රමය මොරටුවේ Engineering faculty එක දියුණු කරලා අලුතෙන් පාඨමාලා පටන් අරන් මොරටුව තියෙන මට්ටමින් සෑහෙන උඩට ගන්න පුලුවන් වෙනවා. Medical facultyත් ඔහොම්ම තමා. ජපුරෙයි කැලණියෙයි Tech faculty දෙකක් ඕනි නෑ. දෙකම ජපුරට ගේනවා. ඔය විදිහට කරන්න ඕනෙ.

    ඊලගට ඔය විශ්වවිද්‍යාල වලට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඕනෙ. ඒ කියන්නෙ දැන් ඔය Wolverhampton,Bristol වගේ පිටරට විශ්වවිද්‍යාල වලට අනුබද්ධිතව පෞද්ගලික කැම්පස් පටන් අරන් තියෙන වැඩේ වෙනුවට Affiliated by X university වගේ පටන් ගන්නවා. ඒ Campus වල උගන්නන්නෙත් අර විශ්වවිද්‍යාල වල ආචාර්ය වරු හෝ ඒ හා සමාන සුදුසුකම් සහිත ආචාර්ය වරු.එකම සිල්බස් එක. අවසාන විභාග වලට දෙන්නෙත් එකම paper එක. එතකොට මේ විශ්ව විද්‍යාල වලට ඇතුලත්වීමට සුදුසුකම් බලන්න ඕනිම නෑ. කැමති කෙනෙක්ට ඇතුලත් වෙන්න පුලුවන්. හැබැයි එකම ප්‍රමිතිය නිසා එලියට එන්නෙ එක හා සමාන විද්‍යාර්ථයින්. ඒ එක්කම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල ලාබ නොලබන පන්නයේ ඒවා වෙන්න ඕනි. ඒ ලැබෙන ආදායම තමන් යොදවන්න ඕනෙ තමන්ගෙ විශ්වවිද්‍යාලය සහා අනුබද්ධිත විශ්වවිද්‍යාල වල දියුණුවට. රජයෙන් හැම අවුරුද්දෙම මේ විශ්වවිද්‍යාල වලට භාණ්ඩාගාරයෙන් වෙනම මුදලක් වෙන් කරනවා. ඊට අමතරව මේ විශ්වවිද්‍යාල විසින් අනුබද්ධිත ආයතන පිහිටුවීම මගින් තවත් ආදායමක් ලබාගන්නවා. මේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් විදේශ විශ්වවිද්‍යාල අනුබද්ධිත කිරීමට ඒ විශ්වවිද්‍යාල වලට ගෙවන මුදලත් මේ රටේම ඉතුරු වෙනවා.

    ඊට පස්සෙ ඔය හැම විශ්වවිද්‍යාලයකම ප්‍රමිතිය තීරණය කිරීමට UGC වගේ එකක් පිහිටවනවා. ඒකෙන් කරන්නෙ එක් එක විශ්වවිද්‍යාල වල ප්‍රමිතිය නියමිත නිර්ණායක වලට අනුකූලව evaluate කරලා ලකුණු දීමක් වගේ එකක්. ඒ නිකන් ranking system එකක් වගේ.තමන්ගෙ ප්‍රමිතිය හොද මදිනම් තමන්ට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලමයිව බදවා ගැනීම අපහසු වෙයි. ඒ එක්කම මේ විශ්වවිද්‍යාල අතර තරගයක් ඇති වෙනවා. එතනදිත් වෙන්නෙ එන්න එන්නම විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වෙන එක.

    KDU, SLIIT, NIBM වගේ ඒවත් මේ පද්ධතිය ඇතුලටම ගන්නවා. ඊට පස්සෙ ඔය වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ වගේ තියෙන ලමයිව අමාරුවේ දාන සියලුම උපාධි කොම්පැනි වහලා දානවා. ඒ ලමයි මේ අනුබද්ධිත ආයතන වලට බදවා ගන්නවා.

    වැඩේ කිව්වට කරන්න අමාරුයි.හැබයි පුලුවන්නම් මේක තමයි රැවුලයි කැදයි බේරගන්න තියෙන හොදම ක්‍රමය.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ප්‍රයිවට් කරනවට වඩා මුල් තැනක් දීලා කරන්න ඕන රජයේ විශ්වවිද්‍යාල වල සමහර ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් වල කෝස් කන්ටෙන්ට් අද කාලේට ගැලපෙනවද කියල හොයල ඒවා අප්ඩේට් කරන එක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුදල් දී කැමති කෙනෙක්ට ඉගෙන ගැනීමට හැකියාව ලබා දිය යුතුයි . නමුත් සියල්ලන්ට තමා උසස්පෙල දක්ශතා මත නිදහස් අද්‍යාපනය ලැබීමට අවකාශය තිබිය යුතුය . ජෙපියන් පන්නා දමා උප සංකෘතිය මුලිනුපුටා දැමිය යුතුයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    Thread closed

    203443737_1814097148751728_3812122494921902373_n.jpg

    ඉතින් වැඩ්ඩො ඉන්නෙ රජයේ කැම්පස් වලනම් ප්‍රයිවට් කැම්පස් ඕපන් කරනවට මෙච්චර විරුද්ද ඇයි ?? ඒව ඕපන් කලාට වැඩ්ඩො ඉන්නෙ රජයේ ඒවගෙනෙ.ඉතින් අවුලක් නෑනෙ.. ??
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    R&D වලට තව සල්ලි වෙන් කලානම් ප්‍රශ්න ඉවරහ. අඩුම ගානෙ ඉන්දියාව තරම්වත්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුදල් දී කැමති කෙනෙක්ට ඉගෙන ගැනීමට හැකියාව ලබා දිය යුතුයි . නමුත් සියල්ලන්ට තමා උසස්පෙල දක්ශතා මත නිදහස් අද්‍යාපනය ලැබීමට අවකාශය තිබිය යුතුය . ජෙපියන් පන්නා දමා උප සංකෘතිය මුලිනුපුටා දැමිය යුතුයි

    Yes
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඉතින් වැඩ්ඩො ඉන්නෙ රජයේ කැම්පස් වලනම් ප්‍රයිවට් කැම්පස් ඕපන් කරනවට මෙච්චර විරුද්ද ඇයි ?? ඒව ඕපන් කලාට වැඩ්ඩො ඉන්නෙ රජයේ ඒවගෙනෙ.ඉතින් අවුලක් නෑනෙ.. ??
    හැමදේම වාණිජකරනය උනාම ලංකාව කියන රටේ පොදු ප්‍රවාහන පද්ධතියට උන දේ අනාගතේ අධ්‍යාපනයටත් වේවි. ඉන්දියාවෙ අධ්‍යාපන පද්ධතිය දැනටමත් චොර. සෙමි ඒව අවුලක් නෑ රජයේ පාලනයකට යටත් නිසා. සම්පූර්ණ පෞද්ගලික උනාම අනිව චොර වෙනව.
     
    • Like
    Reactions: lilman and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    හැමදේම වාණිජකරනය උනාම ලංකාව කියන රටේ පොදු ප්‍රවාහන පද්ධතියට උන දේ අනාගතේ අධ්‍යාපනයටත් වේවි. ඉන්දියාවෙ අධ්‍යාපන පද්ධතිය දැනටමත් චොර. සෙමි ඒව අවුලක් නෑ රජයේ පාලනයකට යටත් නිසා. සම්පූර්ණ පෞද්ගලික උනාම අනිව චොර වෙනව.

    ඔව්.
    ඒක පෞද්ගලික වීමේ අවුලකට වඩා හරි නීතියක් නැතිකමයි, තියෙන නීතිය වත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැතිකමයි කියල මම දකින්නෙ. කොච්චර කිව්වත් මොළේ අඩු එවුන් තේරුම්ගන්නෙ නෑ. එහෙම උන්ට උපාධි කියලා කොළ කෑලි දෙන්න නරකයි.

    ඒකෙන් මම කියන්නෙ පෞද්ගලීකරණය කළ යුතුයි කියන එක නෙවෙයි. මේ තියෙන තත්ත්වය යටතේ කෙසේවත් නොකළ යුතුයි කියන එක.
     
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    ඉතින් වැඩ්ඩො ඉන්නෙ රජයේ කැම්පස් වලනම් ප්‍රයිවට් කැම්පස් ඕපන් කරනවට මෙච්චර විරුද්ද ඇයි ?? ඒව ඕපන් කලාට වැඩ්ඩො ඉන්නෙ රජයේ ඒවගෙනෙ.ඉතින් අවුලක් නෑනෙ.. ??
    ගවර්මන්ට් ඩ්‍රිග්‍රී ගත්ත මගේ අදහස ප්‍රයිවට් දැම්මට කමක් නෑ ඒවා හරියට නියාමනය වෙන්නෙ ඕනෙ මුල ඉදන් (UGC ) වගේ ආයතනයකින් හරියට නියාමනය වෙනවනම්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    හැමදේම වාණිජකරනය උනාම ලංකාව කියන රටේ පොදු ප්‍රවාහන පද්ධතියට උන දේ අනාගතේ අධ්‍යාපනයටත් වේවි. ඉන්දියාවෙ අධ්‍යාපන පද්ධතිය දැනටමත් චොර. සෙමි ඒව අවුලක් නෑ රජයේ පාලනයකට යටත් නිසා. සම්පූර්ණ පෞද්ගලික උනාම අනිව චොර වෙනව.
    එතකොට රජයේ කැම්පස් යන්න බැරිවෙන,ලකුනකින් මිස් වෙන ලමයට වැඩිදුර ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද ?

    කැම්පස් යන්න බැරිවෙන ලමයි මොනවද කරන්න ඕනෙ ?