මෙන්න මේ වගේ එකක් තමයි හොඳ.

උපාධි ප්‍රමිතිය evaluate කරන ආයතනය ස්වාධීන විය යුතුයි. ඒගොල්ලන්ට බලපාන නීති දැඩි විය යුතුයි. ඒ ටික මගේ. පහළ ඒවා උපුටා ගැනීම් Chamod Hettiarachchi ගෙන්. (FB)
ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කරන්න මගේ යෝජනා...
KDU පනත සම්බන්ධව දාපු පෝස්ට් එකට මගෙන් යෝජනා අහලා තිබ්බා. KDU එකට විතරක් නෙමේ ලංකාවේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය (රාජ්‍ය සහ පුද්ගලික) සම්බන්ධයෙන් මගේ යෝජනා මෙන්න මෙහෙමයි.
පලවෙනිම කාරණාව ලංකාවෙ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන අඩු කරන්න ඕනෙ. සංඛ්‍යාත්මකව නෙමේ. නාමිකව. ඒ කියන්නෙ දැන් ගත්තොත් කොලඹ අවට විශ්වවිද්‍යාල හතරක් තියෙනවා. කොළඹ, ජපුර, කැලණිය, මොරටුව. ඔය හතරම එක විශ්ව විද්‍යාලයක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඔය හතරම X විශ්වවිද්‍යාලයට අයත් මණ්ඩප. ඒ කියන්නෙ X University එකේ Campus තමා ඔය හතර. පේරදෙනිය,සබරගමුව Y University එක.රජරට, වයඹ, යාපනය, මඩකලපුව Z university එකේ Campus. ඔය විදිහට කලහම World university rankings වලත් අපිට උඩට එන්න පුලුවන්. ඒ ගැන මම කලින් පොස්ට් එකක් දාලා තියෙනවා. අනිත් එක එතකොට ඔය හැම Campus එකකම වෙන වෙනම අලුතින් faculty දාන්නෙ නැතුව එක එක කැම්පස් එක එක එක ක්ශේත්‍ර වලට specialize කරන්න පුලුවන්. එතකොට අර හැම faculty එකටම මූලික විද්‍යාගාර පහසුක ම් වෙන වෙනම දාන්න යන මුදල් ඒඒ කැම්පස් වල advance research facilities දියුණු කරන්න යොදවන්න පුලුවන්. උදාහරණයක් විදිහට දැන් මොරටුවෙ Engineering faculty එකක් තියෙනකොට ආයෙත් ඊට කිලෝමීටර් පහක් එහා පැත්තේ ජපුරෙ අලුතෙන්ම Engineering faculty එකක් පටන් අරන් ඒකට අර මූලික විද්‍යාගාර පහසුකම්, ආචාර්ය මණ්ඩල අනම් මනම් දාන්න යන මුදල් සහ ශ්‍රමය මොරටුවේ Engineering faculty එක දියුණු කරලා අලුතෙන් පාඨමාලා පටන් අරන් මොරටුව තියෙන මට්ටමින් සෑහෙන උඩට ගන්න පුලුවන් වෙනවා. Medical facultyත් ඔහොම්ම තමා. ජපුරෙයි කැලණියෙයි Tech faculty දෙකක් ඕනි නෑ. දෙකම ජපුරට ගේනවා. ඔය විදිහට කරන්න ඕනෙ.
ඊලගට ඔය විශ්වවිද්‍යාල වලට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඕනෙ. ඒ කියන්නෙ දැන් ඔය Wolverhampton,Bristol වගේ පිටරට විශ්වවිද්‍යාල වලට අනුබද්ධිතව පෞද්ගලික කැම්පස් පටන් අරන් තියෙන වැඩේ වෙනුවට Affiliated by X university වගේ පටන් ගන්නවා. ඒ Campus වල උගන්නන්නෙත් අර විශ්වවිද්‍යාල වල ආචාර්ය වරු හෝ ඒ හා සමාන සුදුසුකම් සහිත ආචාර්ය වරු.එකම සිල්බස් එක. අවසාන විභාග වලට දෙන්නෙත් එකම paper එක. එතකොට මේ විශ්ව විද්‍යාල වලට ඇතුලත්වීමට සුදුසුකම් බලන්න ඕනිම නෑ. කැමති කෙනෙක්ට ඇතුලත් වෙන්න පුලුවන්. හැබැයි එකම ප්‍රමිතිය නිසා එලියට එන්නෙ එක හා සමාන විද්‍යාර්ථයින්. ඒ එක්කම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල ලාබ නොලබන පන්නයේ ඒවා වෙන්න ඕනි. ඒ ලැබෙන ආදායම තමන් යොදවන්න ඕනෙ තමන්ගෙ විශ්වවිද්‍යාලය සහා අනුබද්ධිත විශ්වවිද්‍යාල වල දියුණුවට. රජයෙන් හැම අවුරුද්දෙම මේ විශ්වවිද්‍යාල වලට භාණ්ඩාගාරයෙන් වෙනම මුදලක් වෙන් කරනවා. ඊට අමතරව මේ විශ්වවිද්‍යාල විසින් අනුබද්ධිත ආයතන පිහිටුවීම මගින් තවත් ආදායමක් ලබාගන්නවා. මේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් විදේශ විශ්වවිද්‍යාල අනුබද්ධිත කිරීමට ඒ විශ්වවිද්‍යාල වලට ගෙවන මුදලත් මේ රටේම ඉතුරු වෙනවා.
ඊට පස්සෙ ඔය හැම විශ්වවිද්‍යාලයකම ප්‍රමිතිය තීරණය කිරීමට UGC වගේ එකක් පිහිටවනවා. ඒකෙන් කරන්නෙ එක් එක විශ්වවිද්‍යාල වල ප්‍රමිතිය නියමිත නිර්ණායක වලට අනුකූලව evaluate කරලා ලකුණු දීමක් වගේ එකක්. ඒ නිකන් ranking system එකක් වගේ.තමන්ගෙ ප්‍රමිතිය හොද මදිනම් තමන්ට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලමයිව බදවා ගැනීම අපහසු වෙයි. ඒ එක්කම මේ විශ්වවිද්‍යාල අතර තරගයක් ඇති වෙනවා. එතනදිත් වෙන්නෙ එන්න එන්නම විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වෙන එක.
KDU, SLIIT, NIBM වගේ ඒවත් මේ පද්ධතිය ඇතුලටම ගන්නවා. ඊට පස්සෙ ඔය වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ වගේ තියෙන ලමයිව අමාරුවේ දාන සියලුම උපාධි කොම්පැනි වහලා දානවා. ඒ ලමයි මේ අනුබද්ධිත ආයතන වලට බදවා ගන්නවා.
වැඩේ කිව්වට කරන්න අමාරුයි.හැබයි පුලුවන්නම් මේක තමයි රැවුලයි කැදයි බේරගන්න තියෙන හොදම ක්‍රමය.