ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,197
    1,982
    113
    Phone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.

    මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.

    ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.

    Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges. 🤣

    මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ. 🤯

    අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා. 😂

    ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.

    එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???

    Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.

    මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.


    උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න
    mnnm phone accessories ganne e kale idanma idealz warranty case mukut awit nah tawama habei.. prices wadiya hitala nah
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,918
    6,177
    113
    අනිත් එක බං අයිෆෝන් වර්ග දෙකක් එනවා කිව්වා මට එක කඩේකින්. එකක් ගණන් අඩුයි. ඒක ඉන්දියාවෙන් එන එකලු :eek:
    මෙව්වා ගන්න බයයිනේ බං. මොන ජරාවක් දෙනවද දන්නෙ නෑ මුං‍.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,987
    5,341
    113
    Baseus 65W චාර්ජර් එකක් හෙව්වා හැම තැනම, ඔක්කොම කියන්නේ පට්ට ගණන්... අලි එකේ ඔෆිසියල් ස්ටෝර් එකෙන් දැම්ම..
    ලංකාවෙනම් ඉලෙක්ට්‍රොනික් බඩු වලට තියෙන්නේ වංචාවක් විතරයි... ගන්නවානම්, දිර්ගකලිනව ඔෆිසියල් ඒජන්ට් ගෙන් ගන්න එක ලබයි මම හිතන්නේ
     
    • Like
    Reactions: pasansnoop

    marindi

    Well-known member
  • Jun 14, 2023
    983
    1,281
    93
    මේක Sure ප්ලේස් එකක් ද? Happy Customers ලා නම් පිරිලා FB එකේ. මෙයාලා ගාවත් තියෙන්නෙ. ZP/A and AA/A වර්ශන් දෙක.

    මාත් බලනවා එකක් ගන්න මේ දවස් වල. මස්සිනාට කියලා Dubai වලින් ගෙන්නනවද නැත්නම් Lankawen ගන්නවද කියලා කල්පනා කර කර ඉන්නවා.

    noon එකේ තමයි අඩුවටම සෙට් වුනේ UAE ONLINE සයිට් වලින්. අද රේට් එකට බැලුවත් 360+ යනවා. 15 Pro Max 256GB එක.
    NO 1 : sharaf dg
    No 2 : Jumbo Electronics
    no 3: jarir.com

    මේ 3 න් ගනින් warranty claim කරන්න පුළුවන් ලේසියෙන්ම. ගොඩක් උන් ගන්නේ මේ 3 n . noon නම් warranty sure නැ .
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,171
    650
    113
    මේ රටේ නීතියක් නෑ.පාරිභෝගික ආරක්ෂාක් නෑ.උඹ කතා කරන්නෙ පෝන් එකක් වෙනුවෙන් .අපි ජිවත් වෙන්න මූලික බඩු මුට්ටු ගන්න කඩේට ගියාම දිනපතා මේව අත්විඳිනවා
     
    • Like
    Reactions: tha123 and Don Appu

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    799
    673
    93
    iphone 15 pro max eka ganin.. lankawe dan Rs 355,000 wenne..
    UK, Australia, India okkoma apple store wala lankawata wadaa godak ganan wadi oka. US wakawath ochcharara aduwata na apple store wala.. :lol: hama thanama 4-6 lak wenawa ..

    hand carry kalath air ticket eka, shop eke rent eka, staff salary indan thawa kochchara cost thiyanawada...
    ape un hithanne oya jalthara magodi price eka thama hari eka kiyala..

    umbalata seal pack iphone 15 pro max ekak lankawata wada aduwata ganna ba loke kohewath apple store ekakin...
    true.. I dont know how but in sl, iphone prices (in liberty plaza) are much cheaper than aus and uk. 😬
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    4,831
    1,691
    113
    32
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    මෙහෙමනේ සීන් එක. මම s23 U එක ගන්නකොට liberty එකේ ඕකේ ගාන 3යි. හැබැයි company warranty එක්ක ගන්නවනම් 4.5යි. warranty ඕනි වෙන්නේ ඕක මොකක් හරි උනොත් නේ. හරි display ගියා කියමු. එතකොට මම 1.5ක් වගේ වියදම් කරලා display දාගත්තත් ලාබයි නේ. මොකද ලෙඩක් උනොත් විතරනේ ඕක ඕනි වෙන්නේ. ලෙඩක් අවේ නැත්නම් ඒ ගාන මට ලාබයි නේ. අනික බඩු fake නෙවෙයි. මම ගත්ත එකනම් UAE මාකට් එකට ගහපු එකක්.

    චාජර් නම් බඩු සුවර් නැති සහ ගණන් වැඩි කතාව අත්ත. ඔරිජිනල් එක 15ක් වගේ බොරු ගණන් කියනවා. තියාගනින් කියලා ඇවිල්ලා ,Baseus එකක් ගත්තා. 65w 3port එකම මට උනේ 9.5යි. Samsung pps සපෝර්ට් නිසා original එක වගේම super fast charging 2.0 support කරනවා.

    ඕක තමයි විස්තරේ. අඩුවට තියෙන ෆෝන් warranty නෑ කියලා හිත හදාගෙන ගනින් අවුලක් අවොත් හදාගන්න ගානක් බැංකුවේ දාගෙන. නැත්නම් අර ලක්ෂ 1.5ක් වැඩියෙන් තියෙන warranty එක්ක එන එක ගනින්. එකම සිද්දිය. හැබැයි අරන් අවුරුද්දක් දෙකක් යනකන් ලෙඩක් උනේ නැත්නම් warranty එක්ක ගත්තා එක පාඩුයි.
     
    • Like
    Reactions: Ysa Karu